ලස්සනට පිම්බුණ ෆ්ලෆී ඔම්ලට් එකක් හදන්නෙ මෙහෙමයි

ඔම්ලට් නම් කොහොම හැදුවත් ලස්සනට උසට හිටින්නෙ නෑනෙ. පිම්බුණ පෙනුමට පොඩ්ඩොන්ට ආස හිතෙන විදියට ලස්සන ඔම්ලට් එකක් මෙන්න මේ විදියට හදල බලමුද? 

 

සුපර් ෆ්ලෆී ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. බිත්තර කහමද 3
  2. බිත්තර සුදුමද 5
  3. ලුණු
  4. ගම්මිරිස් කුඩු
  5. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් අවශ්‍ය නම්

 

  • බිත්තර සුදුමද හා කහමද වෙන වෙනම හොඳින් බීට් කරගන්න
  • දැන් මේ දෙක එකට කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
  • දැන් පෑන් එකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය දාලා ෆ්‍රයි කරගන්න.