මාස 6න් පස්සෙ ඝණ ආහාර පටන් ගත්ත චූටි බබාලට කෑම රෙසිපි – 2

අපි ගිය සතියෙ පටන් ගත්ත මතක ඇතිනෙ ඝණ ආහාර ආරම්භ කරපු පොඩ්ඩොන්ට දෙන්න කෑම රෙසිපි ගැන. අද අරන් ආවෙ පෝෂණ බෙරි බත්. මේකට පාවිච්චි කරන එළවළු විටින් විට මාරු කරල වෙනස් රසයන්ගෙන් පොඩ්ඩට දෙන්නත් පුළුවන්.

 

පෝෂණ බෙරි බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරුළුතුඩ හාල් මිටක්
  2. පරිප්පු ටිකක්
  3. කඩල පිටි තේ හැන්දක්
  4. සෝදා වේලා කුඩුකරගත් හාල්මැස්සන් ටිකක්
  5. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  6. ග්‍රේට් කරගත් කැරට් ටිකක්
  7. සිහින්ව ලියාගත් නිවිති ටිකක්
  8. සිහින්ව ලියාගත් ළූණු ටිකක්
  9. බටර් තේ හැන්දක්

 

  • වතුර ටිකක් ලිපේ තියලා හාල්, පරිප්පු, කඩල පිටි, හාල්මැස්සන් කුඩු දාලා බත බෙරිවෙන්න උයාගන්න.
  • බටර් ටික පෑන් එකට දාලා රත්වෙනකොට ළූණු, කැරට් හා නිවිති දාගන්න. පොඩි කරගත් අල ගෙඩියත් එකතු කරන්න. සාදා ගත් බත් මිශ්‍රණයත් එකතු කොට හොඳට කලවම් කරගන්න.
  • ගාණට නිවුනම පොඩ්ඩට කන්න දෙන්න.