අවුරුදු 3 ට අඩු ළමයින්ට ඔබ කිසි විටෙකත් නොදිය යුතු ආහාර 7 ක්

කුඩා දරුවන්ගේ අම්මලා, කියවන්නම ඕනේ ලිපියක් මේ. අපි එහෙම කියන එකෙන් අදහස් කළේ සාමාන්‍යයෙන් ඔබේ දරුවන් ඔබේ ගෙදර ශීතකරණයේ තියන සියලුම ආහාර රස බැලීම සඳහා ඕනේම වෙලාවක සූදානම් නිසායි. ඒ නිසා අද අපි ඔබට අරන් ආවා දරුවන්ට දෙන්න සුදුසු නැති ආහාර ලැයිස්තුවක්. දරුවන්ට කන්න දෙන්න නුසුදුසු ආහාර ගැන දැන ගත්තාට පස්සේ අනුභව නොකළ යුතු ඒවා අවම වශයෙන් ටිකක් වැඩිපුර එයාලගේ ආහාර රටාවෙන් කපා දමන්න. ඔබට පුළුවන් සහ ඔබේ අධීක්ෂණයක් නොමැතිව කිසිම ආහාරයක් ලබා දෙන්නත් එපා. මොකද අද මේ කියන්න හදන ආහාර ළමයින්ට දෙන්න නුසුදුසු වෙන්නෙ විශේෂයෙන්ම ඒවායේ තියෙන අනාරක්ෂිත බවත් නිසාමයි. සෑම විටම වගේම, දෙමව්පියන් විදිහට ඔබ ඔබේ දරුවාගේ අවශ්‍යතාවන්ට ගැලපෙන නිශ්චිත ආහාර උපදෙස් සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න ඕනේ. 

 

මාෂ්මෙලෝස්

හුස්ම හිරවීමේ අවදානමට අමතරව (මාෂ්මෙලෝස් ස්පොන්ජ් වගේ නිසා, එය දරුවෙකුගේ ශ්වසන මාර්ගය අවහිර කිරීමට පුළුවන්) මෙම සිනිඳු, පැණිරස ආහාරයේ සීනි ප්‍රමාණයද අදහන්න බැරි තරම් ඉහළ මට්ටමකයි පවතින්නේ. මාෂ්මෙලෝස් වලින් ලැබෙන්නේ ඉතාම කුඩා පෝෂණයක් වුණත් සීනි සඳහා දරුවෙකුගේ රස මනාපය වැඩි කරන්න ඒවාට පුළුවන්. ඒ වගේම එමඟින් දත් දිරායාම සහ ඔවුන් එළවළු ආහාරයට ගැනීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

 

Cough drops සහ හාර්ඩ් කැන්ඩි (ටොෆී, ලොසින්ජර)

හාර්ඩ් කැන්ඩි ද ඇතුළුව බොහෝ වටකුරු කුඩා ආහාර දරුවෙකුගේ උගුරේ සිර වෙන එක දෙමව්පියන් විදිහට ඔබට දකින්න වෙන නරකම බියකරු සිහිනය වෙන්න පුළුවන්. අවුරුදු 3 ට අඩු ළමයින්ට ලොලිපොප් වලින් පවා හුස්ම ගැනීමේ අවදානමක් ඇති කරනවා. ඒ නිසා දරුවන්ට Cough drops පවා නිර්දේශ කරන්න බෑ. ඒ පමණක් නෙමෙයි, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා ඖෂධ සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා නොදෙන්න ඕනේ.

 

චුවින්ගම් සහ බබල්ගම්

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය නිර්දේශ කරන්නේ දෙමව්පියන් කුඩා දරුවන්ට චුවින්ගම් සහ බබල්ගම් ලබා දීමෙන් වැළකී සිටින්න ඕනේ බවයි. මොකද ඒවා උගුරේ හිරවීම නිසා හුස්ම හිරවීමේ අවදානම මෙන්ම ගැස්ට්‍රයිටිස් ගැටළු ඇති කරන්න පුළුවන්. හැබැයි චුවින්ගම් ගිලුණාම ඒවා බඩේ රැඳී තියනවා කියන එක මිථ්‍යාවක් පමණයි. සීනි අධික gumballs සහ කෑලි ද දත් කුහරවල වර්ධනයට දායක වෙනවා.

 

පොප්කෝන් සහ චිප්ස්

කණගාටුයි, ඔබේ දරුවන් කොයි තරම් ලොකු සිනමා ලෝලීන් වුණත්, චිත්‍රපට බලද්දී ඔබේ දරුවන්ට පොප්කෝන් හෝ චිප්ස් අධිකව කෑමට ඉඩ දෙන්න එපා. ළමා රෝග විශේෂඥයින් කියන්නේ මෙම සුලු ආහාර ගැනීම හරහා දරුවන්ට හුස්ම හිරවීමේ උපද්‍රව වෙන්න පුළුවන් මෙන්ම ඔබේ දරුවා පෝෂ්‍යදායී බවින්ද අඩු දරුවෙක් වෙන්න පුළුවන් කියලායි. ඒ වෙනුවට ඔබේ දරුවාට කුඩා, කොටස් කරපු පළතුරු සහ එළවළු වලට හුරු කිරීම හරහා සෞඛ්‍ය සම්පන්න මාර්ගයකට දරුවාව ගෙන ඒමට පුළුවන්.

 

අමු කැරට්

අමු කැරට් අවුරුදු 3 සහ ඊට අඩු ළමයින්ට හොඳ නෑ. උයන වෙලාවට පොඩ්ඩව ළඟ තියන් ඉන්න අම්මල සෝදල සුද්ද කරල කැරට් අලයක් පොඩ්ඩගෙ අතට දෙන්නෙ ළමයි කැරට් කන්න ආස නිසා වගේම ඒකෙ පෝශ්ණය ගැනත් හිතලා. හැබැයි අපගේ ලැයිස්තුවේ ඇති බොහෝ ආහාර මෙන්ම, අමු කැරට් වලින්ද කුඩා දරුවන්ට හුස්ම ගැනීම හිරවීමේ අනතුරු වෙන්න පුළුවන්. ඒවා බීටා-කැරොටින්, පොටෑසියම් සහ බී විටමින් වලින් පොහොසත් නිසා, ළමයින්ට පිසින ලද කැරට් පමණක් ලබාදෙන්න. ආහාර නිසි ලෙස හපන්නට තරම් වයසක් එනකල්ම දරුවන්ට අමු කැරට් ආහාරයට ගැනීමට අපහසුයි. ඒ වගේම අහම්බෙන් දරුවාගේ ශ්වසන මාර්ගයට බාධා කරන්න පුළුවන් විශාල කැබැල්ලක් ගිල දැමෙන්නෙත් නෑ.

 

චෙරි, මිදි සහ බේබි තක්කාලි

දරුවෙකුට සැබෑවටම පෝෂණය දෙන, සම්පූර්ණ පළතුරක් දෙන්න කියලායි දෙමවුපියන්ට නිතරම උපදෙස් ලැබෙන්නේ. නමුත් චෙරි, මිදි සහ බේබි තක්කාලි වගේ සමහර ආහාර මගින් දරුවාට හුස්ම හිරවීමේ අවදානම් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවිකවම මිහිරි රසයෙන් පරිපූර්ණ මෙම පළතුරු කොටස් වලට කපා දරුවන්ට පිළිගන්වන්න දෙමාපිය ඔබට පුළුවන්. එතකොට මෙම රසවත් කෑම භයානක වෙන්නේ නෑ.

 

හොට් ඩෝග් සහ සොසේජස්

වයස අවුරුදු 4 ට අඩු ළමයින් සඳහා ප්‍රධාන ආහාර අවදානමක් වන්නේ හොට් ඩෝග් බව ඔබ දැන සිටියාද? කඩෙන් ගේන සොසේජස් නෙවෙයි ගෙදර හැදුවත් හොට් ඩෝග් සහ සොසේජස් දරුවෙකුගේ ශ්වසන මාර්ගයේ හිර වෙන්න ඉඩ තියනවා. එය හුස්ම හිරවීමට සහ මරණයට පවා හේතු වෙන්න පුළුවන්. ප්‍රවීණයන් පවසන්නේ සොසේජස් බයිට්ස් ප්‍රමාණයට රවුමට කපා ගැනීම ඊටත් වඩා භයානක වෙන්න පුළුවන් බවයි. ඒ නිසා සොසේජස් දරුවෙකුට දෙනවා නම් දිග අතට හීනි තීරු කපා ඉන් පසු කුඩා කැබලි කපා ගැනීම සුදුසු බව කියනවා. මොකද හපන්නෙ නැතුව එකවර ගිල දමන වයසේ දරුවන්ට ඒක උගුරෙන් පහළට යවාගන්න පහසු නිසා.