Search here...
TOP
පෝෂණ​ය

උදේ කෑමට රසට හදාගන්න වෙනස්ම ෆ්‍රෙන්ච් ටෝස්ට් රෙසිපි එකක්

ෆ්‍රෙන්ච් ටෝස්ට් හැමෝම හදන්න දන්න කෑමක්නෙ. ඉතින් අපි අද මේ ගෙනාවෙ ලේසියෙන් ඉක්මණින් හදාගන්න පුළුවන් වෙනස්ම රසයක ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්. සොසේජස් ගෙදර හදන හැටි අපි මීට කලින් කියල දීල තියෙන නිසා මේක බය නැතුව පොඩ්ඩොන්ට හදල

දෙන්න පුළුවන්.

 

ෆ්‍රෙන්ච් ටෝස්ට් සොසේජ් රෝල් අප්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. සොසේජස් කිහිපයක් 
  2. පාන් පෙති කිහිපයක් 
  3. බිත්තර 5ක්
  4. ලුණු ස්වල්පයක් 

 

  • පාන්පෙත්තක කෙළවරට සොසේජස් එකක් තියලා රෝල් කරන්න. බිත්තර වලට ලුණු ටිකක් දාලා බීට් කරගන්න. 
  • හදාගත්ත රෝල්ස් බිත්තර මිශ්‍රණයේ දවටන්න. 
  • පෑන් එකක බටර් පොඩ්ඩක් රත් වෙන්න තියලා, පාන්පෙත්ත රෝල් කරගත්ත එකේ කෙළවර පෑන් එකේ යටට තියලා රෝල් එක සෙට් වෙන්න බැදගන්න. 
  • ඊටපස්සෙ වටේටම රෝල් කර කර  හොඳට බැදගන්න. 

«

»