ගර්භණී සමයේ නිතර නිතර මුත්‍රා පිටවීම සහ එයට බලපාන හේතු

ඔබ ගර්භණී කාන්තාවක් නම් ඔබත් මෙම තත්ත්වයට මුහුණ දෙනවා ඇති. ගර්භණී සමය තුළ කාන්තාවන් මුහුණ දෙන තවත් පීඩාකාරී තත්ත්වයක් ලෙස නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය සඳහන් කරන්න පුළුවන්. ඔබට ඉතා කරදරකාරි හැඟීමක් ගෙන එනු ලැබූවත් මෙය ගර්භණී සමය තුළ සාමාන් තත්ත්වයක් ලෙසටයි වෛද්යවරුන් සලකනු ලබන්නේ. විශේෂයෙන් නිතර මුත්රා හදිසියේ පිටකිරීමට ගර්භණී සමයේ මුල් ත්රෛමාසිකය තුළ සහ ප්රසූතියට ආසන්න කාල සීමාවේදි වැඩි වශයෙන් අවශ් වනවා. ඔබට වෙනත් රෝග ලක්ෂණ කිසිවක් නොමැතිනම් ඔබ මෙම මුත්රා පිටවීම සම්බන්ධයෙන් එතරම් කලබල වීම අනවශ්යයි

නමුත් නිතර මුත්රා පිටවීම ඔබට කරදර වීම මත ඔබ ලබාගන්නා දියර ප්රමාණය අඩුකිරීමෙන් ඔබගේ සෞඛ්යය තත්ත්වය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන බැවින් එසේ කිරීමෙන් වැළකිය යුතුයි

 

ගර්භණී සමයේදි මෙම නිතර මුත්රා පිටවීමේ තත්ත්වය ඇතිවන්නේ කුමන කාලසීමාව තුළද?

සමාන්යයෙන් කාන්තාවක් ගැබ් ගත් මුල්ම කාල සීමාවේදි ගැබ් ගැනීමේ ලක්ෂණයක් ලෙසද මෙසේ නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය දැනීම සිදුවනවා. විශේෂයෙන් පළමු සති 4 අවසානයේදී හෝ මාසික ඔසප් වීම් නතර වූ විගස මෙම තත්ත්වය දැකිය හැකියි. ඉන්පසු ගර්භණී සමයේ තෙවන ත්රෛමාසිකය ආරම්භ වූ පසු විශේෂයෙන් සති 35 පසු වූ පසු නැවතත් නිතර නිතර හදිසියේ මුත්රා පිටකිරීමේ අවශ්යතාවය දැනිය හැකියි

 

ගර්භණී සමයේ නිතර නිතර මුත්රා පිටවීමට බලපාන හේතු

ගර්භණී සමයේදි ඇතිවන හෝමෝන බලපෑම සහ සිරුරේ තරල ප්රමාණය වැඩිවීම නිතර නිතර මුත්රා පිටකිරීමට අවශ්යවීමට බලපානු ලබන අතර එයට පහත හේතූන් බලපානු ලබනවා

 

පළමු ත්‍රෛමාසිකයගර්භණී hCG හෝමෝනය සහ ප්රොජෙස්ටරෝන් හෝමෝන ක්රියාකාරීත්වය පළමු තුන් මස තුළ නිතර මුත්රා පිටවීම සඳහා හේතු වනවා. විශේෂයෙන් මෙම හෝමෝන මගින් ශ්රෝණිය ආශ්රිත පෙදෙසවැඩි රුධිර සැපයුමක් ලබාදෙන අතර එය වකුගඩු ක්රියාකාරිත්වය වැඩිකිරීම සහ මුත්රා පිටවන වාර ගණන වැඩිවීම කෙරෙහි බලපානු ලබනවා

දෙවන ත්‍රෛමාසිකයමෙම කාලසීමාව තුළ ඔබ පෙරදී මුහුණ දුන් නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවයේ අඩුවීමක් සිදුවන අතර දරුවා ගර්භාෂය තුළ ක්රමයෙන් වැඩෙන විට එම තත්ත්වය වෙනස් විය හැකියි. එයට හේතුව වන්නේ දරුවා ක්රමයෙන් වැඩෙත්ම ගර්භාෂයෙන් මුත්රාශය මතට එල්ල කරන පීඩනය වැඩිවීමයි

තෙවන ත්‍රෛමාසිකයදරුවා ලැබීමට ආසන්න වීමත් සමග දරුවා ප්රසූති මාර්ගයට අවතීර්ණ වීමෙන් පසුව මුත්රාශය තෙරපීමට ලක්වන අතර එයට එල්ලවන පීඩනය වැඩිවීමෙන් නිතර හදිසියේ මුත්රා පිටකිරීමේ අවශ්යතාවය වැඩිවනවා

 

ගර්භණී සමයේ නිතර මුත්රා පිටවිම වෙනත් සෞඛ්යය ගැටළුවක් විය හැකිද?

ගර්භණී සමය තුළදී සාමාන්යයෙන් මුත්රා පිටකරන වාර ගණන වැඩි වුණත් ඇතැම් විට එය පහත සඳහන් යම් රෝගි තත්ත්වයක් වීමටද ඉඩ තිබෙන බැවින් සැලකිලිමත්වීම වැදගත් වනවා

 

1. මුත්රා ආසාදන හේතුවෙන්

ඇතැම් කාන්තාවන් ගර්භණී සමයේ විශේෂයෙන් සති 6ත් 24ත් අතර කාල සීමාව තුළ මුත්රා ආසාදන වැළඳීමෙන් නිතර පීඩාවට පත්වනවා. එයට හේතුව වන්නේ බැක්ටීරියා ආසාදනයක්. එහිදී නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය සමග පහත රෝග ලක්ෂණ දැකිය හැකියි.

යටි බඩ සහ ශෝණිය ආශ්රිත වේදනාව

රුධිර පැහැති මුත්රා පිටවීම

මුත්රා දැව්ල්ල හෝ පිටකිරීමේදි වේදනාව 

මුත්රා පිටකිරීමට අවශ් වුවත් මුත්රා බිංදු වශයෙන් ස්වල්පයක් පිටවීම

උණ ගතියක් දැනීම

ඔබට ඉහත රෝග ලක්ෂණ තිබෙනවා නම් ඉක්මන් වෛද් ප්‍රතිකාර වලට යොමුවිය යුතු අතර එසේ නොවීමෙන් වකුගඩු ආසාදනය වීම සහ දරුවා උපත කෙරෙහි බලපෑම් එල්ල විය හැකියි

 

2. ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව

ඇතැම් කාන්තාවන් ගර්භණී සමයේ දී දියවැඩියා රෝගි තත්ත්වයකට මුහුණ දෙනු ලබනවා. එය මවක් වීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඇතිවන තාවකාලික රෝගි තත්ත්වයක්. එහිදී නිතර නිතර මුත්රා පිටකිරීමේ අවශ්යතාවය සමග පහත රෝග ලක්ෂණ දැකිය හැකියි

ඔක්කාරය

නිතර තිබහ ඇතිවීම

විඩාව

ගර්භණී සමයේ ඇතිවන මෙම දියවැඩියා තත්ත්වය ගර්භණී සමයේ මුල් අවදියේදි කරනු ලබන පරීක්ෂණ වලින් හඳුනාගනු ලබන අතර ප්‍රතිකාර ක්රම මගින් දරුවාට බලපෑමක් එල්ල නොවන පරිදි පාලනය කරනු ලැබුවත් ප්රසූතියෙන් පසුවත් දියවැඩියා රෝග ලක්ෂණ තිබේ නම් වැඩිදුර ප්‍රතිකාර කෙරෙහි යොමුවිය යුතු වනවා

 

3. නිතර මුත්රා පිටකිරීම විනිශ්චය කරනු ලබන ආකාරය

ඔබ දිනකට කොතරම් දියර වර්ග පානය කරනවාද කොපමණ වාර ගණනක් මුත්රා පිටකරනවාද යන්න ගැන වෛද්යවරුන් විමසිලිමත් වන අතර බොහෝ විට එය මැනීමට උපදෙස් දිය හැකියි. එසේ නොමැති නම් පහත පරීක්ෂණ වලට යොමු කරනු ඇති

මුත්රා ආසාදනයක් පරීක්ෂාවට මුත්රා පරීක්ෂණ (Urine Full Report – UFR )

වකුගඩු ආසාදන, අකර්මණ් තත්ත්ව පරීක්ෂාවට රුධිර සහ මුත්රා පරීක්ෂාව

අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය මගින් මුත්රාශය පරීක්ෂාව

කහින විට මුත්රා පිටවන්නේ දැයි පරීක්ෂාව මගින් මුත්රාශයට එල්ල වන පීඩන තත්ත්වය පරීක්ෂාව

– Cystoscopy පරීක්ෂාව මගින් මුත්රාශය සහ මුත්රා මාර්ගයේ දෘශ් රූප ලබාගැනීම

Cystoscopy පරීක්ෂණ ගර්භණී සමය තුළ සිදු නොකරන අතර අනෙකුත් සියළු පරීක්ෂණ ගර්භණී කාලය තුළදී සිදු කරන්න පුළුවන්

 

4. නිතර මුත්රා පිටවීම ගර්භණී සමය තුල පාලනය කරගත හැකි ආකාර

මුත්රා කිරීමේදි ඉදිරියට නැඹුරු වූ ඉරියව්ව භාවිතය

රාත්රී කාලයට වඩා දිවා කාලයේදි දියර වැඩි වශයෙන් පානය කරන්න

නින්දට පෙර දියර වැඩි වශයෙන් පානය කිරීම රාත්රීයේ නිතර නිතර මුත්රා කිරීමට හේතු වනවා

කැෆේන් අඩංගු පාන මගින් මුත්රා කිරීමේ වුවමනාව වැඩිකරන බැවින් ඒවායෙන් ඈත්වන්න

මුත්රා තද පැහැයක් ගන්නේ නම් ඔබගේ ශරීරය විජලනය වී ඇති බවයි ඉන් හැඟෙන්නේ. එමනිසා ජලය හොඳින් පානය කරන්න

ශ්රෝණි මාංශ පේශීන් ශක්තිමත් කරගැනීමට උපකාරිවන කෙගල් ව්යායාම් ( Kegel exercises) හි නිරත වන්න

නිවසින් එළියට හො රැස්වීමකට සහභාගි වීමට යාමට පෙර මුත්රා පිටකරන්න

 

කිසිදු රෝගයක නිමිත්තක් නොවුණත් ගර්භණී සමය තුළ නිතර නිතර මුත්‍රා පිටකිරීමට සිදුවීම සාමාන්‍ය සිදුවීමක් බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඉහත උපදෙස් අනුගමනය කර තත්ත්වය යම්‍තාක්දුරට සමනය කරගැනීමට ඔබත් උත්සාහ කරන්න. ගර්භණී සමය තුළ මෙවැනි සුලු පීඩාවන් දැනුනද සමස්ථ‍යක් ලෙස කාන්තාවකගේ ජීවිතයේ අති සුන්දර කාලසීමාවක්. එමනිසා සෑමවිට සතුටින් කල් ගතකරන්න.