ගර්භණී සමයේදී ආහාරයට ගත හැකි හොඳම පළතුරු

කාන්තාවන් ගර්භණීව සිටියදී සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම ඉතා වැදගත්. ඔයා ගන්නා ආහාර වේලෙහි කළල රූපය වර්ධනයට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් පුද්ගලයෙකුගේ සමස්ත සෞඛ්‍යය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා විතරක් නෙමෙයි රෝග වලින් ආරක්ෂා කර ගන්නවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු විය යුතු බව බොහෝ දෙනා දන්නා කරුණක්. කොහොම වුණත් ගර්භණී සමයේදී පළතුරු විශේෂයෙන් ප්‍රයෝජනවත්. ඉතින් අද baby and me අපි ගර්භණී සමයේදී පළතුරු අනුභව කිරීම වැදගත් වීමට හේතු මෙම ලිපියෙන් කියලා දෙනවා. 

පැණි රස ආශාවන් මැඩපැවැත්වීමට අමතරව පළතුරු ආහාරයට ගැනීමෙන් අවශ්‍ය කරන විටමින් ප්‍රමාණය ඉහළ නැංවීමට හොඳ ක්‍රමයක්. සෞඛ්‍ය සම්පන්න ගර්භණී ආහාර වේලකට ඇතුළත් කළ යුතු හොඳම පළතුරු 7 ක් මෙන්න.

 

කෙසෙල් 

  • විටමින් C
  • විටමින් B 6
  • පොටෑසියම්
  • තන්තු

කෙසෙල් වල අඩංගු තන්තු මගින් ගර්භණී සමයේ ඇති වන මළබද්ධයට සහනය සලසනව. ඒ වගේම විටමින් B 6 වලින් උදෑසන වමනය සහ ඔක්කාරයෙන් මිදීමට සහනයක් ලබාදෙනව කියලත් කියනව. 

 

දොඩම්

  • ෆෝලේට්
  • විටමින් C
  • ජලය

පුද්ගලයෙකු සජලව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට දොඩම් විශිෂ්ටයි. විටමින් C මගින් සෛල හානි වළක්වා ගැනීමට සහ යකඩ අවශෝෂණයට උපකාරී වෙනවා.

ෆෝලේට් මගින් බබාගේ මොළය සහ සුෂුම්නාවේ අසාමාන්‍යතා ඇති කළ හැකි ස්නායුක නලය ආශ්‍රිත ආබාධ  වළක්වා ගැනීමට උපකාර වෙනව. 

 

අඹ

අඹ වල විටමින් A  සහ C බහුලව අඩංගුයි.

විටමින් A ඌණතාවයෙන් උපත ලබන ළදරුවෙකුට අඩු ප්‍රතිශක්තියක් ඇති අතර ශ්වසන ආසාදන වැනි පශ්චාත් ප්‍රසව සංකූලතා ඇතිවීමට වැඩි අවදානමක් ඇත.

 

පෙයාර්ස්

පෙයාර්ස් මගින් පහත ඇති පෝෂ්‍ය පදාර්ථ සපයනවා.

  • තන්තු
  • පොටෑසියම්
  • ෆෝලේට්

 

ගර්භණී ආහාර වේලක තන්තු බහුල වීම නිසා මළබද්ධය ලිහිල් කිරීමට උපකාරී වෙනවා.

පොටෑසියම් මවගේ සහ දරුවාගේ හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත්.

 

අලිගැට පේර

  • විටමින් C, E, සහ K
  • මොනොසැටරේටඩ් මේද අම්ල
  • තන්තු
  • විටමින් B 
  • පොටෑසියම්
  • තඹ

අලිගැට පේර වල සෞඛ්‍ය සම්පන්න මේද අඩංගුයි. ශක්තිය සපයන අතර ස්නායුක නල දෝෂ වළක්වා ගැනීමට උපකාරී වෙනවා. වර්ධනය වන ළදරුවාගේ සම සහ මොළයේ පටක ගොඩනැගීමට අවශ්‍ය සෛල වැඩි කරයි.

අලිගැට පේර වල ඇති පොටෑසියම් ගර්භණී සමයේදී, විශේෂයෙන් තුන්වන ත්‍රෛමාසිකයේ දක්නට ලැබෙන සමහර අපහසුතාවලට විසඳුම් ගෙන දෙනවා.

 

පේර 

පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් අවශ්‍ය පුද්ගලයින් සඳහා පේර කියන්නේ විශිෂ්ට පළතුරක්.

  • විටමින් C සහ E
  • පොලිපෙනෝල්
  • carotenoids
  • isoflavonoids
  • ෆෝලේට්

 

පේර වල විවිධ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර එය ගර්භණී කාන්තාවන්ට වඩාත් සුදුසුයි. ගර්භණී සමයේදී පේර ආහාරයට ගැනීමෙන් මාංශ පේශි ලිහිල් කිරීමට, ආහාර දිරවීම පහසු කරවන අතර මළබද්ධය අඩු කර ගන්න පුළුවන්.

මිදි

  • විටමින් C සහ K
  • ෆෝලේට්
  • ප්‍රතිඔක්සිකාරක 
  • තන්තු
  • කාබනික ඇසිඩ්
  • පෙක්ටින්

 

මිදි වල අඩංගු පෝශණ ගුණයන් ගර්භණී සමයේ ඇති වන ජීවවිද්‍යාත්මක වෙනස්කම් වලට උපකාර වෙනව. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන නිසා ආසාදන ඇතිවීම වළක්වනව.