අත් සේදීමේ හොඳ පුරුද්ද දරුවන්ට පහසුවෙන් උගන්වන්නේ මෙහෙමයි 

අත් සේදීම කියන්නේ විෂබීජ පැතිරීම නැවැත්වීමට ඇති පහසුම හා ඵලදායී ම ක්‍රමයයි. COVID-19 වයිරසයේ පැතිරීමත් එක්ක ජීවත් වෙන මේ කාලයේ අපි වැඩි පුරම කරන්න අත්‍යවශ්‍යම දේත් ඒකයි. දෑත් නිතරම සේදීමේ වැදගත්කම ගැන වැඩිහිටියන්ට පැහැදිලි කරන එක පහසුයි. නමුත් දරුවන්ට ඒ දේවල් කියලා දෙන එක සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතලා පුරුදු කරවන්න ඕනේ පුරුද්දක්. නමුත්, දරුවන්ට කියලා දෙන ඕනෑම දෙයක් විනෝදයක් බවට පත් කරවන්න උත්සහ කරන්න. එතකොට අත් සෝදන වැඩේට වුණත් ඔබේ දරුවාගේ අවධානය දිනා ගැනීමට පුළුවන් වෙන බව විශ්වාසයි. එහෙනම් දරුවන් සඳහා අත් සේදීම පුරුදු කරවන ගමන් විනෝද වෙන්නත් සුදුසු ක්‍රම 07 ක් මෙන්න! මෙහෙම කරද්දී දරුවන්ට නිතරම අත් සෝදන වැඩේ කම්මැලි වෙන එකක් නෑ….

 

පෙණ සහිත සබන් භාවිතා කරන්න

අපි එයට මුහුණ දෙමු ; වැඩිහිටියන් පවා සබන් පෙණ සමඟ සෙල්ලම් කරන්න ප්‍රිය කරනවා. ඒ නිසා ඔබේ පුංචි දරුවන් පවා ඒ වැඩෙන් කොච්චර උද්දාමයට පත් වෙනවා ඇති ද කියලා ඔබට සිතා ගන්න පුළුවන් නේද? ඒ නිසා ඔබ සබන් භාවිතා කරනකොට වඩා හොඳින් පෙණ නගින සබන් වර්ගයක් භාවිතා කරන්න. එතකොට දරුවාත් වැඩිපුර අත් සේදීමට නිදහසට කරුණු ඔබට ඉදිරිපත් කරයි. උත්සාහ කරලා පරීක්ෂාවක් කරලා බලන්න.

 

ගීතයක් ගායනා කරන්න

තත්පර 20ක් දක්වා දෑත් සේදීමට ඔබේ දරුවාව රඳවාගන්න හොඳම ක්‍රමයක් තමයි ගීතයක් ගායනා කිරීමයි. ඔබගේ කුඩා දරුවාගේ ප්‍රියතම ගීතයක් ඒකට තෝරා ගන්න. ‘Happy Birthday’, ‘Twinkle Twinkle Little Star’’ හෝ එයාලගේ ප්‍රියතම සජීවිකරණ චිත්‍රපටයේ ගීතයක් ඒ සඳහා ඔබට තෝරා ගන්න පුළුවන්. දරුවන් දෑත් සෝදා ගන්නා සෑම අවස්ථාවකම ඒ ගීත ගායනා කරන්න. සෑම අත් සේදීමකදීම අලුත් ගීතයක් හෝ රිද්මයක් සොයාගෙන ගායනා කිරීම ඔබට රීතියක් බවට පත් කරන්නත් පුළුවන්.

 

නිර්මාණශීලී වෙලා ගීතයක් සාදන්න

දෑත් සේදීමේ සහ සබන් ආලේප කිරීමේ  ක්‍රියාවලිය හරහා සතුටු වෙන්න පුළුවන් විනෝදජනක අලුත් ගීතයක් නිර්මාණය කරන්නත් උත්සහ කරන්න. එතකොට ඔබේ දරුවාත් ඒක ගායනා කරමින් ඔබ කරන දේම කරයි. ගීතයක් සමඟ සුළු වැඩක් කළත් දරුවාට ඒක වටිනවා! අත්හදා බලන්න පුළුවන් එක ගීතයක් මෙන්න… ” Soap and water, wash and scrub, Get those germs off rub-a-dub, Twinkle, twinkle little star, Look how clean my two hands are “

 

ග්ලිටර් ටිකක් ඉසින්න

ළමා හිතකාමී ආරක්ෂිත ග්ලිටර් නිෂ්පාදනයක් මිල දී ගන්න. අත් සෝදා ගැනීමට කලින් ඔබේ දරුවාගේ දෑත් වලට ඒකෙන් ටිකක් ඉසින්න. ඊට පස්සේ දරුවා කරන්න අවශ්‍ය කාර්යය තමයි දිලිසෙන කුඩු මුළුමනින්ම ඉවත් වෙනකල් අත් සේදීමයි. මේ උපක්‍රමයත් විනෝදකාමී වගේම දීප්තිමත් අත් සේදීමක් බවට පත් වෙනවා.

 

සබන් බුබුලු පිඹින්න

සබන් බුබුලු අත් සේදීමට වගේම ඔබේ දරුවාට පරිපූර්ණ සනීපාරක්ෂාව පවත්වා ගැනීමට හේතුවක් ලබා දෙනවා. ඒ නිසා බුබුළු එක්ක සෙල්ලම් කරන්න දරුවාට ඉඩ දෙන්න.

 

චර්යාවක් හදන්න

දවසේ නියමිත වැඩ ඉවර වුණාම අත් සේදීමේ රටාවක් දරුවාට ඇති කරවන්න. එතකොට ඔබේ දරුවා කෑමට පෙර සහ පසුව අත් සේදීම, සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමෙන් පසුව අත් සේදීම, නිදාගන්න ඇඳට යන්න කලින් අත් සේදීම ආදී වශයෙන් ඒ පුරුද්දට අනුව සෝදන එක කරයි. 

 

Fun Soaps මිලදී ගන්න

විවිධ හැඩයන්ගෙන් සහ වර්ණවලින් සබන් මිලදී ගන්න. එතකොට ඔබේ දරුවා දෑත් සේදීම සඳහා ඒවා භාවිතා කිරීමට කැමති වෙනවා. ඒවා සාමාන්‍ය වර්ගයේ, කම්මැලි, සාම්ප්‍රදායික සබන් වලට වඩා විනෝදජනකයි! ඔබට ඒ වගේ සබන් වර්ගයක් සොයාගන්න බැරි වුණොත්, ගෙදර තියන සාමාන්‍ය සබන් කැටයක් අරන් ඒක විවිධ හැඩවලට කැටයම් කරන්න පුළුවන්.