Search here...
TOP
පෝෂණ​ය

ගෝල්ෆේස් නොයා ගෝල්ෆේස් වඩේ කමු

දැන් ඉතින් ගෝල්ෆේස් ගිහින් ඉස්සර වගේ වඩේ කරත්ත වලින් වඩේ කන්න බැහැනෙ. ඔන්න ගෝල්ෆේස් වඩේ වලට වහ වැටිල ඉන්න වඩේ පෙරේතයන්ටමයි මේ රෙසිපි එක. 

 

ගෝල්ෆේස් වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

සෝස් එක හදාගන්න 

  1. තලාගත් ඉඟුරු, සුදුළූණු ටිකක්
  2. එනසාල්
  3. මිරිස්කුඩු 
  4. තුනපහ කුඩු 
  5. කහ කුඩු 
  6. චිකන් ස්ටොක් 

 

 

වඩේ එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කැරට්, ගෝවා, කරපිංචා, ළූණු
  2. ඉස්සො 10-12
  3. පාන්පිටි කෝප්ප 1
  4. පොල් කෝප්ප 1/2
  5. ලුණු රස අනුව
  6. කහපාට කලරින් ටිකක්
  7. දෙහි බෑයක යුෂ

 

  • මුලින්ම සෝස් එක හදාගන්න තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ඉඟුරු, සුදුළූණු, එනසාල් තලලා දාන්න. 
  • සුදුළූණු රන්වන් පාටට බැදීගෙන එනකොට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු දාගන්න. 
  • දැන් මේකට චිකන් ස්ටොක් එක දාලා හොඳට කලවම් කරල උකු ගතියක් එනකම් අඩු ගින්දරේ හැඳිගාන්න.
  • වඩේ එක හදන්නෙ මෙහෙමයි. කැරට්, ගෝවා, ළූණු කරපිංචා හීනියට ලියා ගන්න. ඉස්සො ටික සුද්ද  කරලා තියාගන්න.
  • පාන් පිටි කෝප්ප එකට පොල් කෝප්ප භාගය දාලා ලුණු රස අනුව දාලා වතුර යන්තම් දාල රොටී පදමට අනාගන්න. කැමති නම් කලරින් බිංදුවක් එකතු කරන්න. 
  • වෙනම පාන් පිටි පොඩ්ඩක් පාප්ප වගේ හදාගන්න ඕන ඉස්සාව අලවගන්න.
  • වඩේ මිශ්‍රණය අරන් බෝල හදලා පැතලි කරලා පාප්ප ටිකක් ගාලා ඉස්සව තියලා අලවගන්න.
  • ඔක්කොම වඩේ ටික හදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • අන්තිමට අර හදාගත්තු සෝස් එක අරන් වඩේ උඩින් දාලා ලියාගත් ළූණු, කැරට් ටික දාලා ඕන නම් දෙහි යුෂ ටිකකුත් උඩින් දාගන්න.

 

«

»