දරුවන් එක්ක විනෝදයෙන් ගෙවතු වගා කරමුද? එහෙනම් මෙන්න ඒකට උපදෙස්

ගෙවතු වගාව කියන්නේ දරුවා සම්බන්ධ කරගෙන කළ හැකි විනෝදජනක එළිමහන් ක්‍රියාකාරකමක්. පොඩි කාලයේ සිටම ළමයින්ව සොබාදහම සංරක්ෂණය කිරීමට හා පරිසරයට ආදරය කිරීමට හුරු කරන්න. දරුවන් සමඟ ගෙවතු වගාව කිරීමෙන් මුළු පවුලටම විනෝදයක් ගෙන දෙනවා. ළමයින් ස්වාභාවික ගවේෂකයන් වන අතර බීජ රෝපණය කිරීමේ හෝ පස් පණුවන් සෙවීමෙන්  ප්‍රීතියක් ලබනවා. ඉතිං අද  baby and me අපි ඔයාගේ දරුවට  ගෙවතු වගාව ගැන ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා ටිප්ස් කිහිපයක් කියන්න හිතුවා.

 

ළමයින්ට ගෙවතු වගා ගැන උගන්වන්නේ කොහොමද?

 

කුඩාවට ආරම්භ කරන්න

ගෙවතු වගාව ගැන දරුවාට ඉගැන්වීමට ඔබට විශාල ඉඩක් අවශ්‍ය  වෙන්නේ නැහැ.  කුඩා හා සරලව ගෙවතු වගාවට ළමයින් උනන්දුව කරන්න. වැඩි ඉඩ ප්‍රමාණයක් නැති නම් උදාහරණයක් විදිහට ජනේලය ලග තබා ඇති පෝච්චියක බෝංචි හෝ සූරියකාන්ත පැළ කරන්න බඳුනක තක්කාලි පැළයක් වගා කරන්න, මල් පැළ මිදුලේ වගා කරන්න. නිරෝගී පස, හිරු එළිය සහ ජලය වැනි ගෙවතු වගාවට අවශ්‍ය මූලික කරුණු දරුවාට ඉගැන්වීමට මෙවැනි සරල ව්‍යාපෘතියක් භාවිතා කරන්න. දරුවන්ට අත්දැකීම් ලබා ගන්නා විට අවස්ථාව හදන්න.

 

වැඩි කැමැත්තක් ඇති ශාක තෝරන්න

ගෙවතු වගාව ගැන ඉගෙන ගැනීමට දරුවා දිරිමත් කිරීම සඳහා, ඔහුගේ හෝ ඇයගේ කැමැත්තන් මත පදනම්ව, කුමන ශාක වගා කළ යුතුද යන්න තීරණය කරන්න. තක්කාලි වලින් රසවත් කෑමක් සාදන ගැනීමට හැකි අතර තක්කාලි වගා කරන්න පුළුවන්. සලාද කොළ සහ නිවිති වැනි පත්‍ර ඉක්මනින් වර්ධනය වන අතර එක් වරකට වඩා අස්වැන්න ලබා ගත හැක. රාබු සහ කැරට් මුල් වගා කිරීමෙන් පහසුවෙන් අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. 

 

නිවැරදි මෙවලම් භාවිතා කරන්න

සෑම උද්‍යානකරුවකුටම උසස් තත්ත්වයේ මෙවලම් සහ ගෙවතු අත්වැසුම් කට්ටලයක් අවශ්‍ය වන අතර ළමයින්ට කියලා වෙනසක් කරන්න බැහැ. කල් පවතින අත්වැසුම් යුගලයක් සමඟ කුඩා ප්‍රමාණයේ සවලක් සහ උදැල්ලක් දරුවට දෙන්න.

 

හොඳ පුරුදු කියා දෙන්න

ජීවිතයේ බොහෝ දේ මෙන්ම, ගෙවතු වගා සාර්ථකත්වයට වාසනාව හෝ දක්ෂතාව වැදගත් වෙනවා. භාවිතයෙන් පසු මෙවලම් ගබඩා කිරීමට දරුවාට උගන්වන්න. උද්‍යානය නැරඹීම සඳහා සතියකට වරක් හෝ දෙවරක් විනාඩි 15 සිට 20ක් වෙන් කරන්න. වල් පැලෑටි උගුල්ලන්න, උයනට වතුර දමන්නේ කොහොමද කියලා දරුවාට පෙන්වන්න. මෙම අත්දැකීම් මගින් කුඩා පාඩමක් ජීවිතයට උගන්වනවා.

 

දරුවාගේ ශ්‍රමයේ ඵලය ආහාරයට ගන්න

දරුවන්ගේ ශ්‍රමයෙන් වැඩුණු එළවළු සහ පලතුරු මේසය මත තබන්න. එවිට දරුවන්ට කියා නිම කල නොහැකි සතුටක් දෙනවා.  රසවත් ආහාර වේලක් පිළියෙළ කිරීමට දරුවාට උදව් කරන්න. කැරට් සීරීමට, පලතුරු වල පෙති කැපීමට උදව් කරන්න.

 

ගොවිපලකට හෝ වෙළඳපොළකට එක්කර ගෙන යන්න

නිවසේදී ගෙවතු වගාව තුළින් දරුවන්ට අත්දැකීම් ලැබුණා. ගොවිපලකට හෝ වෙළඳපොළකට දරුවා රැගෙන යාමෙන් ඔවුන් තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කරන ගොවීන් සහ වගාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නවා.

 

දරුවන් සමඟ ගෙවතු වගා කටයුතු සැලසුම් කරන විට, ඔයාගේ ප්‍රදේශයේ දේශගුණය සලකා බලන්න. එහි හොඳින් වැඩෙනා ශාක තෝරන්න.