ගුණදායක සුදුළූණු වලින් රසම රස සුප් එකක් හදාගමු

සුදුළූණු කියන්නෙ ගොඩාක් ලෙඩ රෝග වලට වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් ගොඩක් ගුණ කෑමක්. ඉතින් හොද්දට නිකම්ම කපල දාන සුදුළූණු වලින් රසම රස සුප් එකක් හදන හැටියි අපි අද අරන් ආවෙ.

 

ගාලික් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝන්ෆ්ලා මේස හැඳි 1/2
  2. සුදුළූණු බික් 6-7
  3. චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. බටර්
  6. කපාගත් ළූණු කොළ ටිකක්

 

 

  • කෝන්ෆ්ලා වලට වතුර කෝප්ප 1/2ක් දාලා කලවම් කරගන්න. පෑන් එකකට බටර් ටිකක් දාලා සුදුළූණු බික් ටික දාගන්න. හොඳට බැදගන්න. 
  • ටිකකින් චොප්කරගත් සුදුළූණු ටික දාන්න. යන්තම් රෝස්ට් වෙනකොට කෝන්ෆ්ලා වතුර ටික දාගන්න. හොඳට කලවම් කරන් වතුර කෝප්ප 1ක් දාගන්න.
  • ගම්මිරිස්කුඩු හා ලුණු රස අනුව දාගෙන හැඳිගාන්න. හොඳින් උතුරනකොට ලිපෙන් ඉවත් කරගන්න. ළූණු කොළ උඩින් දාගන්න.