ටීචර්ස් ඩේ එකට පොඩ්ඩො අතින් මොන්ටිසෝරි ටීචර්ට දෙන්න සුදුසු තෑගි ටිකක්

දරුවන්ගේ ලෝකයේ සුපිරි වීරයන් අම්මා තාත්තා එහෙමත් නැති නම් ගුරුවරුන් තමයි. මොකද ඒ අය දරුවාගේ වැරදි නිවැරදි කරමින් හරි මග පෙන්වමින් දරුවන්ට ඉතාමත් සමීපයි. ඉතිං ටීචර්ස් ඩේ එකත් ළඟ ළඟම එන නිසා ඔවුන්ගේ අගය ප්‍රකාශ කිරීමට සුදුසු තෑගි සොයා ගැනීම ඔයාට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. ගුරුවරුන්ගේ කැමැත්ත සහ ඕනෑ එපාකම් සැලකිල්ලට ගනිමින් වැදගත් වෙන දේවල් කීපයක් ගැනයි කියන්න හිතුවේ. ඔයාලා වියදම් කරන මුදලට වගේම තෑග්ග ලැබෙන ගුරුවරයාටත් වටිනාකමක් තියෙන දේවල් කිහිපයක් මෙන්න. 

 

1. හොඳ පොතක් 

හැම ගුරුවරයෙක්ම පාහේ පොත් වලට ආදරය කර අතර බොහෝ කලාතුරකින් තමයි පොත් වලට අකමැති වෙන්නේ. ඒ නිසා අලුතින් ප්‍රකාශයට පත් කරපු පොතක් තෑග්ගක් විදිහට දෙන්න.

 

2. තෑගි කාඩ්පත්

තෑග්ගක් විදිහට ලස්සන වදනක් සහිත කාඩ් පතක් දෙන්න. පාසල් කාලය අවසානයේ සුන්දර මතකයන් සමග සතුට භුක්ති විඳින්න පුළුවන්. දරුවා ලවාම හදපු කාඩ් එකක් නම් වඩාත් සුදුසුයි.

 

3. අලුත් කර පටියක්  (lanyard)

ඔයාගේ ගුරුවරයාට ඇයගේ/ඔහුගේ හැඳුනුම්පත, පන්ති කාමර යතුර සහ වෙනත් අවශ්‍යතා එක තැනක තබා ගැනීමට උපකාර වන පුංචි තෑග්ගක්.

 

4. පාසල් සැපයුම්

පන්ති කාමරයේ අවශ්‍යතා සපයා ගැනීමට සිසුන්ගෙන් මුදල් එකතු කරනවා. ඒ වෙනුවට ඔයාට ඒ දේවල් අරන් දෙන්න පුළුවන්. පැන්සල් පෑන් කිහිපයක්, හුණු කොට්ටයක්, කොස්සක් වැනි දෑ පන්ති කාමරය තුළදී නිතරම භාවිතා කරනවා. එබැවින් ගුරුවරුන් මේ පුංචි තෑග්ගට කැමති වෙයි. 

 

5. චිත්‍රපට රාත්‍රියක්

ගුරුවරයා කාර්යබහුල ජීවන රටාවක් ගෙවන අතර ඔවුන්ට ආදරණීයන් සමග ගත කරන්නේ හරිම අඩුවෙනුයි. ඉතින් තෑග්ගක්  විදිහට ටිකට්පත් හෝ වවුචරයක් දෙන්න. මෙය විනෝදජනක තෑග්ගක් වන අතර එය ගුරුවරයා කැමති මිතුරෙකු හෝ ආදරණීයයෙකු සමඟ කාලයක් ගත කිරීමට හොද ක්‍රමයක්.

 

6. ටෝට් බෑගයක්

ගුරුවරුන්ට පාසැලට හා පිටතට යාමේදී රැගෙන යාමට බොහෝ දේ ඇත. ඉතින් මෙම තෑග්ග දීමෙන් ඔයාගේ ගුරුවරයාගේ අවධානය ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්.

 

7. විනෝදයක් එකතු කරන යමක් 

ගුරුවරයෙක් නිතරම ළමයින් සමග ගැවසෙන නිසා කෙන්තියාමේ ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඉතින් ගුරුවරයාගේ සිතට සැහැල්ලුවක් එකතු කිරීමට  විනෝදයක් සහ සිනහවක් ගෙන දෙන යමක් මේස උඩින් තබන්න. 

 

8. මතක පොතක්

උපුටා දැක්වීම්, පින්තූර, මතකයන් සහ සටහන් වලින් පිරුණු පොතක් ගුරුවරයෙකුට වඩාත් වැදගත් වේවි. වසර ගණනාවකට ඒ තෑග්ග අමතක වෙන්නේ නම් නැහැ. ගුරුවරුන් මෙවැනි දෙයක් සදහටම අගය කරනවා.

 

9. සමරු එලකයක්

පන්ති කාමරය සඳහා අතින් සාදන ලද සමරු එලකයක් හෝ සැරසිල්ලකින් මනසේ විඩාව අඩු කර සන්සුන් මනසක් ඇති කිරීමට මෙය තවත් විනෝදජනක අදහසක්.

 

10. කාලය

මෙම තෑග්ගට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් එය ගුරුවරුන් විසින් ඉතා අගය කොට සලකනවා. අගය ප්‍රකාශ කිරීමට කදිම ක්‍රමයක් නම් පාසලෙන් පසුව පන්ති කාමරය පිළිවෙල කිරීමට හෝ පිරිසිදු කිරීමට උපකාර කිරීමයි.