Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය පෝෂණ​ය

ළදරුවන්ට එළු කිරි ලබා දෙන්න ඔබ හිතනවා නම් මේ ලිපිය ඔබටයි

දරුවාට මාස 6ක් ගතවන තෙක් අඛණ්ඩව මවුකිරි ලබාදෙන අතර මාස 6න් පසු එළකිරි හෝ ශාක මත පදනම් සකස් කරන ආමන්ඩ් කිරි හො සෝයා කිරි වැනි විකල්පයන් කෙරෙහි යොමුවනවා. නමුත් ඇතැම් මවුවරුන් විවිධ වූ හේතූන් නිසාවෙන් එළු කිරි වැනි විකල්පයන් වෙත යොමුවීමේ කැමැත්තක් දැකිය හැකියි. එළු කිරි, එළකිරි වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කළ හැකි නමුත් එහි පෝෂණය, එළුකිරි හඳුන්වාදිය හැකි වයස් සීමාව සම්බන්ධයෙන් සහ ඔබේ කුඩා බිළිඳාට එළුකිරි ලබාදිය හැකිදැයි යන ගැටළු ඔබටත් ඇති

 

දරුවාට එළුකිරි ලබාදිය හැකි වයස් සීමාව

 

දරුවට වයස මාස 12ක් සම්පූර්ණ වූ පසු ළමා රෝග විශේෂඥ වෛද්යවරයාගෙ උපදෙස් මත එළුකිරි ලබාදීම ආරම්භ කළ හැකියි. විශේෂයෙන් ආයුර්වේද වෛද් විද්යාවේදී එළුකිරි මවුකිරි වලට සමාන බව පවසනවා. මවුකිරි ලබාදෙන අතර වුවද එළුකිරි ලබාදිය හැකියි

 

 

එළුකිරි වලින් දරුවකුට ලැබෙන ප්රතිලාභ 

 

යකඩ බහුල වීම – එළකිරිවල ඇති යකඩ ප්රමාණයෙන් 50% කට වඩා වැඩි ප්රමාණයක් ශරීරයට පහසුවෙන් අවශෝෂණය කරගන්නා අතර එළකිරිවලට සාපේක්ෂව වැඩි යකඩ ප්රමාණයක් එළුකිරි මිලිලීටරයකින් දරුවකුට ලැබේ

එළුකිරිවල pH අගය මවුකිරිවල pH අගයට සමීප අගයක් ගනී – එළුකිරි මවුකිරි මෙන් ක්ෂාරීය වන අතර එළකිරි මදක් ආම්ලික ස්වභාවයක් ගනු ලබනවා. ඒ නිසා එළුකිරි ලබාදීමෙන් දරුවාට ආමාශය ආශ්රිත රෝගාබාධ වැළදීම අඩුවන බවයි ප්රවීණයන්ගේ අදහස වන්නේ

රක්තහීනතාවයෙන් පෙළෙන ළදරුවන්ගේ අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම

එළුකිරිවල අඩංගු anti-inflammatory සාධක මගින් බඩවැලේ ඇති “හොඳ” බැක්ටීරියා පෝෂණයට සහය වීම.

එළකිරිවලට සාපේක්ෂව එළුකිරිවල ප්‍රෝටීන් ඝනත්වය අඩු බැවින් දරුවාට පහසුවෙන් දිරවිය හැකිවීම.

 

ළදරුවන්එළුකිරි තෝරාගන්නා ආකාරය

 

රෝගකාරක බීජයන් විනාශ කරන ලද පැස්ටරීකරණය කළ කිරි (pasteurized milk) තෝරාගන්න

පෝෂ් පදාර්ථ වලින් පොහොසත් එළු කිරි සහ විශේෂයෙන් අස්ථි වල නිරෝගී වර්ධනයට අවශ් විටමින් D සහ ස්වභාවික එළු කිරිවල අඩංගු නොවන ෆොලේට් (විටමින් B9) එක්කර ඇති එළුකිරි තෝරාගන්න

 

එළුකිරි ෆෝමියුලා දරුවාට ලබාදිය හැකිද?

 

මාස 12ක් සම්පූර්ණ වු දරුවන්ට එළුකිරි ෆෝමියුලා ලබාදිය හැකියි. නමුත් ඇසුරුමේ ඇති උපදෙස් හොඳින් කියවා බලා දරුවාට ලබාදීම වැදගත්

 

එළුකිරි සහ එළකිරි අතරින් වඩාත් සුදුසු කුමක්ද?

එළකිරිවල හා සමානවම පෝෂ්‍ය පදාර්ථ එළුකිරිවල අඩංගු වන අතර එළුකිරි හා සසඳන විට එළකිරිවල විටමින් අන්තර්ගතය මදක් වැඩියි

 

ළදරුවෙකුට එළු කිරි දීමෙන් යම් අවාසි ඇතිවිය හැකිද?

 

මාස 12 අඩු දරුවන්ට ඇතැම් අවස්ථාවල සංකූලතා ඇතිවිය හැකි බැවින් සෑමවිටම මාස 12 සම්පූර්ණ වූ පසු එළුකිරි ලබාදීම වඩාත් සුදුසුයි. නමුත් ඔබ අනෙකුත් ආහාර සමග මිශ්රව එළුකිරිද ලබාදිය යුතුයි

 

ළදරුවන්ට එළුකිරි ලබාදීමෙන් ආසාත්මිකතා ඇතිවිය හැකිද?

 

ඇතැම් අවස්ථාවල ඇතැම් ළදරුවන්ට එළුකිරි ලබාදීමෙන් ආසාත්මිකතා ඇතිවිය හැකියි. එවිට පහත රෝග ලක්ෂණ ඇතිවීමට ඉඩ තිබේ

සමේ ආසාදන

උදරයේ වේදනාව

ඔක්කාරය හෝ වමනය

පාචනය

මුහුණ ඉදිමීම

නිද්රාශීලිබව

 

එළකිරි ආසාත්මික දරුවකුඑළුකිරි ලබාදිය හැකිද?

 

ඔබගේ දරුවාට එළකිරි ආසාත්මිකතා ගෙන දෙනවා නම් ඇතැම් ව්ට එළුකිරි මගින් එසේ සිදුවිය හැකියි. නැතිනම් එසේ සිදුවිය වෙන්නෙ නැහැ. එළකිරි වලට අසාත්මිකතා ඇති ළදරුවන්ට එළු කිරි ආරක්ෂිත බව යෝජනා කරන ප්රමාණවත් පර්යේෂණ මෙතෙක් කර නැහැ

 

එළුකිරි ආශ්රයෙන් නිපදවන ලද චීස් සහ යෝගට් දරුවාට ලබාදිය හැකිද?

දරුවාට වයස මාස 12 සම්පූර්ණ වූ පසු එළුකිරි ආශ්රයෙන් සකසන ලද චීස්, යෝගට් වැනි දේ ලබාදිය හැකියි. නමුත් දරුවාකිරි නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ලේබලය පරීක්ෂා පැස්ටරීකරණය කරන ලද කිරි වලින් සකසා ඇත්දැයි පරීක්ෂා කළ යුතුයි

 

සමේ දද ඇති දරුවන්ට එළුකිරි ලබාදීම සුදුසුද?

 

සමෙහි කුෂ්ඨ සහිත දරුවන්ට එළුකිරි ලබාදීමට පෙර ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි

 

ලැක්ටෝස් රහිත එළු කිරි ෆෝමියුලා භාවිතා කළ හැකිද?

 

ඔබේ දරුවාට lactose intolerance තත්ත්වය (ලැක්ටෝස් කෙරෙහි දරුවාගේ සිරුරේ ප්‍රතිරෝධයක් තිබීම) තිබේනම් ලැක්ටෝස් රහිත එළු කිරි ෆෝමියුලා වර්ගයක් තෝරාගන්න

 

එළු කිරි ළදරුවන්ගේ මළබද්ධයප්රතිකාරයක් වනවාද?

 

එළුකිරි මගින් කුඩා දරුවන්ට ඇතිවන මළබද්ධය තත්ත්වයට සහනය සැලසෙන බවට පර්යේෂණවලින් සනාථ වී නැහැ. නමුත් ඔබගේ දරුවාට එළකිරි ලබාදීමෙන් මළබද්ධය ඇතිවනවා නම් එළුකිරි ලබාදීමෙන් සහනයක් තිබේදැයි බැලිය හැකියි

 

කොලික් තත්ත්වය (Colic) ඇති දරුවන්ට එළුකිරි සුදුසුයිද?

 

 

කොලික් ඇති දරුවන්ට එළුකිරි ලබාදීම සුදුසුදැයි යන්න මෙතෙක් පර්යේෂණ මගින් සනාථව නොමැත. නමුත් ආමාශයේ ඇතිවන ගෑස් හෝ කිරි ආසාත්මිකතා හේතුවෙන් කොලික් තත්ත්වය ඇතිවනවා. එවැනි දරුවන්ට එළුකිරි වලට වඩා ප්‍රෝටීන් අඩංගු hydrolyzed එළකිරි වර්ග ලබාදීම වඩාත් සුදුසුයි

 

සමබර ආහාර වේලක් දරුවාට ලබාදීම අවශ් බැවින් එළුකිරි දරුවාට ලබාදීම වඩාත් සුදුසුයි. එයට සෑමවිට පාස්චරීකරණය කළ සහ විවිධ පෝෂ්‍ය පදාර්ථ එක්කර ශක්තිමත් කළ එළුකිරිම තෝරාගත යුතුයි. නමුත් ඉන් පෙර දරුවාට එළුකිරි ලබාදීම සුදුසුදැයි ළමා රෝග විශේෂඥවරයාගෙන් විමසීම අනිවාර්යෙන් කළ යුතුයි. 

 

 

«

»