දරුවන්ට චොකලට් දීමේ වාසි අවාසි ගැන දැනගන්න කියවන්න

පොඩි ලොකු කියලා වෙනසක් නැහැ. අපි හැමෝම චොකලට් වලට හරිම පෙරේතයි. කුඩා දරුවන් නිරන්තරයෙන් චොකලට් වලට ආකර්ෂණය වෙන එක නතර කරන්න බැහැ. චොකලට් පරිභෝජනයෙන් දරුවාගේ සෞඛ්‍ය නරක අතට හැරෙන බවට ‍රෝගී තත්ත්වයක් නොමැති නම්, දරුවාව චොකලට් වලින් ඈත් කිරීමට හේතුවක් නැහැ. අද baby and me අපි චොකලට් දරුවන්ගේ සෞඛ්‍යට කිසියම් ගැටළුවක් ඇති කරනවාද නැද්ද යන්න මේ ලිපියෙන් කියලා දෙනවා.

 

දරුවාට චොකලට් හොඳද?

ඔව්. චොකලට් විවිධ ක්‍රම කිහිපයකින් ඔයාගේ දරුවාට ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න කිහිපයක්:

 

මොළයේ ක්‍රියාකාරිත්වයට සහය දක්වයි

චොකලට් වල දක්නට ලැබෙන flavanols නම් සංයෝග මතක ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට උපකාරී වන අතරම සාමාන්‍ය සංජානන හැකියාවන් වැඩි දියුණු කරනවා.

 

රුධිර සංසරණ පද්ධතියට උපකාරී වෙනවා

නිතිපතා චොකලට් පරිභෝජනය කිරීමෙන් හෘදයේ හා රුධිර නාලවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වෙනවා. චොකලට් වල අඩංගු flavanols මගින් රුධිර කැටි ගැසීම වළක්වන අතර රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

 

සෛල හානි අවම කිරීමට උපකාරී වෙනවා

චොකලට්, පළතුරු සහ එළවළු කිහිපයක පමණක් අඩංගු ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් ස්වාභාවික සෛල හානි අවම කරන අතර විවිධ සෛල වල ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාව වැඩි කරයි.

 

මනෝභාවය ඉහළ නැංවිය හැක

චොකලට් මගින් endorphins නම් ස්නායු සම්ප්‍රේෂක නිපදවීම උත්තේජනය කරන අතර එය දරුවා තුළ සතුට පිළිබඳ හැඟීමක් ඇති කරයි. යහපැවැත්ම සහ සතුට පිළිබඳ හැඟීම් ඇති කරන සෙරොටොනින් නම් තවත් සංයෝගයක් ස්වභාවිකවම චොකලට් වල දක්නට ලැබෙනවා.

 

නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි

ළදරුවන් තුළ කොලෙස්ටරෝල් ගැන ඔයා කරදර විය යුතු නැහැ. නමුත් චොකලට් පරිභෝජනයෙන් LDL කොලෙස්ටරෝල් (“නරක” කොලෙස්ටරෝල්) මට්ටම අඩු කර HDL කොලෙස්ටරෝල් (“හොඳ” කොලෙස්ටරෝල්) වැඩි කළ හැකි බව දැන ගෙන ඉන්න.

 

ඔයාගේ දරුවාට චොකලට් අහිතකර විය හැකිද?

වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට චොකලට් දීම අනුමත කරන්නෙ නැහැ. චොකලට් වලට අඩංගු කැෆේන් සහ අනෙකුත් අන්තර්ගතයන් දිරවීමට තරම් අවුරුදු දෙකට අඩු දරුවෙකුගේ ආහාර ජීරණ පද්ධතිය සංවර්ධනය වී නැති වෙන්න ඉඩ වැඩියි. අවුරුදු දෙකෙන් පස්සෙ චොකලට් වල සීමාව දැනගෙන දෙන එකෙන් අපි උඩින් කිව්ව ප්‍රතිලාභ දරුවට ලැබෙනව.

චොකලට් පරිභෝජනයෙන් ඇතිවන අහිතකර බලපෑම් පෙන්වීමට විද්‍යාත්මක සාක්ෂි නැහැ. සමහර විට චොකලට්  වැඩිපුර ආහාරයට ගැනීමෙන් ළදරුවෙකු බර හෝ තරබාරු තත්ත්වයන් ඇති විය හැක. නමුත් අඩු සීනි හෝ සීනි රහිත චොකලට් තෝරා ගැනීමෙන් මෙම ගැටළුව වළක්වා ගත හැක. 

චොකලට් වල ඇති කැෆේන් ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු අතර, එය සීමිත ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දරුවාට කිසිදු අවදානමකින් තොරව චොකලට් රස විඳීමට පුළුවන්. දිනකට ළදරුවෙකුට තිබිය හැකි චොකලට් ප්‍රමාණයට සම්මත සීමාවක් නැහැ, නමුත් විශේෂඥයන් නිර්දේශ කරන්නේ පෙර පාසැල් සිසුවෙකු සඳහා දිනකට කැෆේන් මිලිග්‍රෑම් 45 කට වඩා ලබා නොදිය යුතු බවයි. ඒ නිසා දරුවාට දෙන චොකලට් වල අඩංගු කැෆේන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.