ගුණදායක මුං ඇට වලින් රසම රස තෝසෙ හදමු

මුං ඇට කියන්නෙ උෂ්ණාධික රටක ඉන්න අපිට ඇඟට සිසිලක් ගේන්න සුදුසුම උදේ කෑමක්. හැබැයි ඉතින් හැමදාම මු​ං ඇට තම්බල කන්න පොඩ්ඩො නම් ආස නැහැ. ඉතින් මේ අරන් ආවෙ මුං ඇට වලින් රසට තෝසෙ හදන හැටි. 

 

මුං තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

තෝසෙ එකට

  1. මුං ඇට කෝප්ප 1
  2. හාල්පිටි මේස හැඳි 4
  3. කරපිංචා ටිකක්
  4. රතුළූණු ගෙඩි දෙක තුනක්
  5. අමුමිරිස් කරලක්
  6. ලුණු

 

ටොපින් එකට

 

  1. කරපිංචා ස්වල්පයක්
  2. චොප්කරගත් අමුමිරිස් කරල් 3
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1

 

  • මුං ඇට සෝදා රැයක් පෙඟෙන්න තියන්න. හාල්පිටි හා ලුණු හැර තෝසෙ එකට අවශ්‍ය අනික් සියල්ලම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. රස අනුව ලුණු දාලා හාල්පිටි ටික එකතු කරලා වතුර ස්වල්පයක් දාලා උකු බැටර් එකක් හදාගන්න.
  • පෑන් එකකට තෙල් ටිකක් දාල තෝසේ මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරලා ටොපින් එකට අවශ්‍ය සේරම අනල ඒකෙන් ටිකක් තෝසෙ එක උඩින් දාගන්න. තෝසෙ එකේ දෙපැත්තම බැදගන්න.