Search here...
TOP
පෝෂණ​ය

චොකලට් ලෝලීන්ට ලේසියෙන්ම හදාගන්න චොකලට් සැන්ඩ්විච් එකක්

පොඩ්ඩො කියන්නෙ ඕනම වෙලාවක චොකලට් දුන්නොත් කන කට්ටියක්නෙ. ඉතින් ඔන්න චොකලට් කන්න ආස අපේ පොඩ්ඩන්ට අපි අරන් ආව උදේ කෑමට හරි හවස ස්නැක් එහෙකට හරි ගන්න පුළුවන් චොකලට් සැන්ඩ්විච් එකක්. හදාගන්නත් හරිම ලේසියි. 

 

ග්‍රිල්ඩ් චොක්ලට් සැන්ඩ්විච් 

අවශ්‍ය ද්‍රව්‍ය  

 

  1. බටර් මේස හැඳි 1
  2. පාන්පෙති 4
  3. චොක්ලට් චිප්ස් කෝප්ප 1/2
  4. ලුණු ටිකක්
  5. සීනී හා කුරුඳු කුඩු ටිකක්

 

  • පාන්පෙති වල බටර් ගාගෙන ටික පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න. 
  • දැන් පෙත්තක් උඩින් චොක්ලට් චිප්ස් දාලා තව පාන් පෙත්තකින් වහලා නැවත සැන්ඩ්විච් එකේ පිට පැත්ත පෑන් එකේ ටෝස්ට් කරගන්න. 
  • උඩින් සීනි හා හා කුරුඳු කුඩු ඉහලා කෑමට ගන්න.

«

»