අතිශයින්ම සාර්ථක දරුවන්ගේ හොඳම පුරුදු 7ක්

ඔබේ දරුවන් සතුටින් සිටින හා සාර්ථක පුද්ගලයන් බවට පත් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ඔවුන් තුළ නිවැරදි පුරුදු ඇති කරන්න ඕනේ. මෙම පුරුදු එක දවසකින් පුහුණු කරන්න බැහැ. ඔබ ඕනෑවට වඩා සැහැල්ලු වීම නැවැත්විය යුතුයි. කුඩා කල සිටම එවැනි පුරුදු ඇති කර ගත යුතුයි. ඒ නිසා, ඔබේ දරුවන්ගේ සතුට හා සාර්ථකත්වය සඳහා ඔබ ඔවුන් තුළ ඇති කළ යුතු පුරුදු 7ක් ගැන ඔබව දැනුවත් කරන්න Baby and Me අපි හිතුවා.

 

1. සෑම විටම නව දේවල් ඉගෙනීම

අනාගතයේ දී ඉතා සාර්ථක වීමට නැඹුරු වන දරුවන් නව දේවල් ඉගෙනීමට කැමැත්ත පෙන්වනවා. නව කුසලතා වර්ධනය කිරීමට ඔවුන් උනන්දු වෙනවා. ඒ නිසා, ඔබේ දරුවන්ට අලුත් දේවල් ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති කිරීමට මෙහි ඇති වැදගත්කම ගැන ඔබ දරුවන්ට කියාදෙන්න. ඔවුන්ට වැඩි වේලාවක් අක්‍රියව සිටීමට ඉඩ දෙන්න එපා. ඔවුන් සමඟ විවිධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන්න. විනෝදාංශ පන්තිවලට ඔවුන් ඇතුළත් කරන්න. මේ ආකාරයෙන් ඔවුන් අලුත් දේවල් ඉගෙන ගැනීමට උනන්දුවක් ලබා ගැනීමට පටන් ගන්නවා.

 

2. විවිධ ආකාරයේ කරදර සඳහා සූදානම් වීම

ජීවිතයේ සියලු ආකාරයේ කරදර වලට මුහුණ දීමට සූදානම්ව සිටීමට දරුවන් දිරිමත් කිරීම වැදගත්. ධනාත්මකව සිතීමට සහ ධනාත්මක සිතුවිලි ඇති කරගැනීමට ඔවුන්ට ඉගැන්වීම වැදගත්. ධනාත්මක සිතුවිලි ඔවුන්ගේ ඉරණම තුළ හොඳ දේ ලිවීමට උපකාරී වෙනවා. දේවල් නිසි පරිදි ක්‍රියාත්මක නොවන විට කෝපයෙන් හා කළකිරීමෙන් තොරව සන්සුන්ව ක්‍රියා කිරීමට ඔවුන්ට කියා දෙන්න.

 

3. දරුවන් කුතුහලයෙන් සිටීම

සාර්ථක දරුවන් තම එදිනෙදා ජීවිතයේදී හමු වන නව දේවල් ගැන දැන ගැනීමට කුතුහලයෙන් සිටින අතර ඔබේ දරුවන්ගේ එවැනි ප්‍රශ්නවලට කල්පනාකාරීව පිළිතුරු සැපයීම ඔබේ වගකීම වන අතර එමඟින් දරුවන්ගේ චින්තන ක්‍රියාවලිය නිවැරදි දිශාවට ගලා යයි. ඔවුන්ගේ කුතුහලය සහ පරිකල්පනය වැඩි කිරීම සඳහා, ඔබ ඔවුන්ට නව සංකල්ප සහ නව නිපැයුම් නිතරම හඳුන්වා දිය යුතුයි. ඔවුන් සමඟ කතා කිරීමට කාලය වෙන් කරන්න. එකට අලුත් දේවල් සොයාගෙන විනෝද ක්‍රියාකාරකම් කරන්න.

 

4. දරුවන් අඩුපාඩු විශ්ලේෂණය කිරීම

ඔවුන්ගේ සාර්ථකත්වයට බාධා කළ හැකි දේ ගැන දරුවන් දන්නා අතර ඔවුන් එවැනි දේ නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඔවුන් තමන්ගේ සියළුම අඩුපාඩුකම් සොයා ගැනීමට උත්සාහ කරන අතර අඩුපාඩු අවම කර ගැනීමේ උපාය මාර්ග නිර්මාණය කරනවා. ඔබේ දරුවන්ගේ අඩුපාඩු පිළිබඳව දරුවන් දැනුවත්ව සිටින බවට ඔබ අවබෝධයෙන් ඉන්න ඕන. මෙම අඩුපාඩු ඔවුන්ගේ සාර්ථකත්වයේ මඟට බාධා නොවෙන ලෙස ඒවා ජය ගැනීමට නිවැරදි මාර්ගය ඔවුන්ට පෙන්වන්න. සියලු නරක පුරුදු වලින් මිදීමට ඔබේ දරුවන්ට උදව් කරන්න.

 

5. දරුවන් විනයගරුක වීම

අතිශයින්ම සාර්ථක දරුවන් සැමවිටම විනයගරුක වන අතර ඔවුන්ගේ ජීවිතයේ අත් කර ගැනීමට අවශ්‍ය දේ කෙරෙහි පමණක් අවධානය යොමු කරයි. ඔබ ඔබේ දරුවන්ගේ විනය නිසි ලෙස හැසිරවීමට වග බලා ගන්න. ඔවුන් තුළ විනය ඇති කිරීමට ධනාත්මක ක්‍රම අනුගමනය කරන්න. නමුත් දරුවන් මත වැඩි ආතතියක් හෝ පීඩනයක් ඇති කරන්න එපා. සෑම විටම මාපිය දෙදෙනා ධනාත්මක විනයක් අනුගමනය කරන්න. දරුවන්ට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන්න. අවධානයෙන් සිටීමට සහ ජීවිතයේ ආතතිය වළක්වා ගැනීමට විවිධ සැහැල්ලු වීමේ ක්‍රම ඔවුන්ට උගන්වන්න.

 

6. දරුවන්ගේ කුසලතා කෙරෙහි අවධානය යොමු කරන්න

දරුවන්ගේ කුසලතා හා දක්ෂතා කෙරෙහි අවධානය යොමු කරන්න. ඔවුන් ඔවුන්ගේ දුර්වලතා ඔවුන්ගේ ශක්තීන් බවට පත්කිරීමට කටයුතු කරන නමුත් ඔවුන් ඔවුන්ගේ කුසලතාවන්ට වැඩි වැදගත්කමක් ලබා දෙයි. දෙමව්පියන් වශයෙන් ඔබට ඉතා සාර්ථක දරුවෙකු ඇති දැඩි කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ කුසලතා හා දක්ෂතා ඔප දැමීම කෙරෙහි අවධානය යොමු කරන්න. සෑම දරුවෙකුම උපත ලබන්නේ නිශ්චිත කුසලතාවයන් සමඟ නිසා ඔබේ දරුවන් තුළ එවැනි කුසලතා හඳුනාගෙන එය ඉහළ නැංවීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ කුසලතා කෙරෙහි අවධානය යොමු කිරීමට ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාවන් ලබා දෙන්න. ඒවා යටපත් නොකරන්න.

 

7. වැරදි වලින් ඉගෙන ගැනීම

ඕනම කෙනෙක් වැරදි කරන නමුත් ඒවායින් පාඩමක් ඉගෙනගෙන නැවත එම වරද සිදු නොකරන්න උත්සහ කරන්නේ කීපදෙනෙක් පමණයි. සාර්ථක දරුවන් හැම විටම තම වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නවා වගේම නැවත එම වරද සිදු කරන්නේ නෑ. ඔබේ දරුවා වරදක් නිසා කණස්සල්ලෙන් ඉන්නවා නම් ඔවුන්ව සතුටු කරන්න. ඕනෑම දුශ්කර අවස්ථාවකදී පසු නොබැස එම ගැටළුවට මුහුණ දෙන ආකාරය දරුවාට කියාදෙන්න. වැරදීම් නිවැරදි කරගෙන ජීවිතයේ ඉලක්ක කරා පිය නඟන්න ඔවුන්ට ධෛර්යය ලබාදෙන්න.