Search here...
TOP
දරුවන්ගේ සෞඛ්‍යය පෝෂණ​ය

ඔමේගා-3 මේද අම්ල මගින් ඔබේ කුඩා දරුවාට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

හෘද රෝග, මානසික අවපීඩනය, රූමැටොයිඩ් ආතරයිටිස්, ADHD, සමේ ගැටළු, මතක ශක්තිය නැතිවීම, ඇදුම, තරබාරුකම වැනි රෝග ලක්ෂණ පාලනය ඔමේගා-3 මේද අම්ල මගින් කළ හැකියි. ඔමේගා – 3 මේද අම්ල මගින් ලැබෙන ප්රයෝජන කිහිපයක් පමණයි. නමුත් මෙම මේද අම්ල ශරීරයේ නිපදවිය නොහැකි බැවින් ඒවා ආහාර පාන මගින් සිරුරට ලබාදිය යුතුයි. විශේෂයෙන් ඔබේ කුඩා දරුවාගේ සෞඛ්යය කෙරෙහි ප්රතිලාභ රාශියක් ඔමේගා – 3 මගින් ලැබෙනවා. ඒ නිසා මවක් ලෙස ඔබ අනිවාර්යෙන් ඔමේගා-3 වල වැදගත්කම, එහි ප්රතිලාභ සහ ලබාදිය යුතු මාත්රාව සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම වැදගත්

 

ඔමේගා-3 මේද අම්ල යනු මොනවාද?

ඔමේගා 3 මේද අම්ල යනු බහු අසංතෘප්ත මේද අම්ලයක් {polyunsaturated fatty acids (PUFAs)} වන අතර රසායනික සැකැස්ම ද්විත්ව බන්ධන දෙකකින් හෝ වැඩි ගණනකින් යුතු වනවා. ශරීරයේ නිපදවිය නොහැකි අත්යවශ් මේද අම්ල ලෙස හඳුන්වනු ලබනවා. එහි වර්ග 11ක් පමණ වන අතර ශරීරයට වඩාත් හිතකර ප්රභේද 3 වන්නේ ඇල්ෆාලිනොලනික් අම්ලය (alpha-linolenic acid- ALA),ඉකොසෙපෙන්ටොනික් අම්ලය {eicosapentaenoic acid (EPA)} සහ docosahexaenoic අම්ලයයි(DHA) . 

මින් ALA බොහෝ විට ශාක පදනම් වූ ආහාරවල විශේෂයෙන් ගෝවා, නිවිති, සෝයා බෝංචි, walnuts, කැනෝලා තෙල් සහ චියා, හණ සහ කංසා වල අඩංගුයි. DHA සහ EPA ක්රිල්, මැකරල්, ටූනා වැනි මුහුදු මාලු වර්ග වල බහුලව අඩංගුයි. 

 

ඔමේගා-3 මේද අම්ල මගින් ලැබෙන ප්රතිලාභ

මෙමගින් හොඳ කොලෙස්ටරෝල් හෙවත් HDL මට්ටම වැඩි කරන අතර රුධිරයේ ට්රයිග්ලිසරයිඩ හෝ මේද ප්රමාණය අඩුකිරීමට උපකාරී වනවා

ඔමේගා – 3 මේද අම්ල පොහොසත් ආහාර ලබා දීමෙන් දරුවන්ගේ ඇස්අත් සබඳතාවය දියුණු වීමත්, සමාජ කුසලතා, අවධානය යොමු කිරීමේ පරාසය සහ බුද්ධි මට්ටම වැඩි දියුණු වන බව පර්යේෂණ මගින් හෙළිව තිබෙනවා

පෙනීම සහ අක්ෂි ක්රියාකාරීත්වය වැඩි දියුණු කිරීම

රුධිරයේ ඔමේගා -3 මේද අම්ල රුධිරයේ අඩංගු වීමෙන් දරුවන් තුල ඉගෙනීමේ හැකියාවන් සහ හැසිරීම දියුණු කරනු ලබනවා

දරුවාගේ මානසික ඒකාග්රතාවය වැඩි දියුණු කිරීම (concentration). 

ADHD සහිත ළමුන්ගේ රෝග ලක්ෂණ පාලනයට ඔමේගා – 3 අම්ල වැදගත්

ඔමේගා – 3 මේද අම්ල අඩගු පෝෂණ අතිරේක ලබාගත් බයිපෝල අක්රමිකතා ඇති පුද්ගලයින් තුල මනෝ භාවයන් වෙනස් වීමේ අවධානම අඩුවීම

මතක ක්රියාකාරීත්වය වැඩිදියුණු කිරීම

ඔමේගා – 3 අඩංගු අතිරේකයන් ලබාගත් photodermatitis රෝග තත්ත්වය ( හිරු එළිය ආසාත්මික වන රෝගයක්) සහිත පුද්ගලයන්ට හිරු එළියට නිරාවරණය වීමේ හැකියාවේ සැලකිය යුතු වර්ධනයකට බලපෑම් එල්ල කිරීම

හෘද රෝග ඇතිවීමේ අවධානම පාලනයට උපකාරී වීම

 

දරුවන්මාළුතෙල් (Fish Oil ) ලබාදීම

මත්ස් තෙල් නිස්සාරණය කරනු ලබන්නේ ටූනා, සාඩින්, හුරුල්ලන්, ඇන්කොවීස් ට්රවුට්, සැමන් සහ උම්බලකඩ වැනි තෙල් සහිත මාළු වර්ග වලිනි. මෙම මාලුන්ගේ උදර කුහරයන් හි තෙල් ගබඩා වී ඇත

දරුවන්ට මාලු තෙල් ලබාදීම ඉතාමත් සුදුසු වන අතර ඊට අමතරව ඔමේගා – 3 වලින් පොහොසත් පහත ආහාර වර්ග දරුවාගේ ආහාර වේල් සදහ එක්කිරීමටද ඔබට හැකියි

 

ඔමේගා – 3 මේද අම්ල අඩංගු ආහාර වර්ග

සැමන්, ටූනා, සාඩින්, මැකරල්, හාලිබට්, හුරුල්ලන්, ට්රවුට් වැනි තෙල් සහිත මාලු වර්ග

ඉස්සන් සහ බෙල්ලන්

වොල්නට්ස් සහ හණ ඇට

චියා සහ සෝයා ඇට 

 

දරුවකුකොපමණ ඔමේගා – 3 අවශ්යද?

 

ඔමේගා -3 මේද අම්ල අඩුවීමෙන් දරුවාගේ සංජානනීය ක්රියාකාරකම් දුර්වල වීම සහ ඇතැම් ප්රදාහයන් ඇතිවිය හැකි අතර ඔමේගා – 3 අධික වීම බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්රජීවී රෝග කාරක වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව කෙරෙහි බලපානු ලබනවා. ඒ නිසා පහත පරිදි නියමිත ප්රමාණයන්ගෙන් දරුවාට ඔමේගා – 3 මේද අම්ල ලබාදිය යුතුයි

 

වයස පිරිමි ළමුන් ගැහැණු ළමුන්
මාස 0 සිට 12 දක්වා 0. 5 ග්‍රෑම්  
අවුරුදු 1 සිට 3 දක්වා 0. 7  ග්‍රෑම්  
අවුරුදු 4 සිට 8 දක්වා 0. 9 ග්‍රෑම්  
අවුරුදු 9 සිට 13 දක්වා 1. 2 ග්‍රෑම් 1 ග්‍රෑම්
අවුරුදු 14 සිට 18 දක්වා 1. 6 ග්‍රෑම් 1. 1 ග්‍රෑම්

 

ඇතැම් අවස්ථාවල දරුවන්ට ආහාර ලබාදීම ඉතාමත් දුෂ්කරයි. ඔවුන් මාළු ආහාරයට ගැනීමට අකමැති වීම හෝ මාළු ආහාරයට ගැනීමෙන් දරුවන්ට විවිධ ආසාත්මිකතා ඇතිවිය හැකියි. එහෙත් නිර්මාංශ ආහාර මගින් දරුවාට අවශ් දෛනික ඔමේගා – 3 ප්රමාණය ලබාදීමට නොහැකි විය හැකියි. එවැනි අවස්ථාවකදී ඔබට වෛද් උපදෙස් මත දරුවාට සුදුසු නිසි ප්රමිතියෙන් යුතු මත්ස් තෙල් අතිරේකයක් ලබාදීම වඩාත් සුදුසුයි. එය ලබාදීමේදි ඔක්කාරය, ආහාර දිරවීමේ ගැටළු ඇතිවුවහොත් වෛද් උපදෙස් ලබාගත යුතුයි. නමුත් කිසි විටක නියමිත ප්රමාණය ඉක්මවා ලබා නොදීමට වග බලා ගැනීම මවක ලෙස ඔබගේ වගකීමක්

 

«

»