ගර්භණී කාලයේ අවශ්‍ය සේවාවන් ලබා දෙන සෞඛ්‍ය වෘත්තිකයන් කවුද කියලා හඳුනා ගන්න

කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගත්තාට පස්සේ විශේෂිත සහායක කණ්ඩායමක් රෝහලෙන් සහ රජයේ සායන වලින් ලබා දෙනවා. ඒ නිසා ඔබ ගර්භණී වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න ගියාම ඔබට දැන හඳුනා ගන්න සිද්ධ වෙන විවිධ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් පිරිසක් එම අවස්ථාවේදී දැක ගන්න පුළුවන්. බොහෝ කාන්තාවන්ට සාමාන්‍ය වෛද්‍යවරයෙක් (general practitioner – GP), මිඩ් වයිෆ් කෙනෙක්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයක් මේ කාලයේදී හමු වෙනවා සහ ඔවුන්ගේ සහය ඔබට උපරිමයෙන් ලැබෙනවා. ඉතින් ඔබත් ගැබ් ගැනීමට බලාපොරොත්තුවක් තියනවා නම් සහ දැනටමත් ගැබ් අරගෙන නම් ඉන්නේ ඒ අලුත් අත්දැකීම වීඳින ගමන් ඔබට සේවාවන් සපන සෞඛ්‍ය වෘත්තිකයන් ගැනත් දැනුම්වත් වෙලා රෝහලට යන එක හොඳ පෙර සූදානමක් වෙයි.

 

ඔබේ  GP

සාමාන්‍ය වෛද්‍යවරු ( General Practitioner) කියන්නේ සෞඛ්‍ය සේවයේ විවිධ අංශ පිළිබඳව පුහුණුව ලත් වෛද්‍යවරුන්ටයි. ඔබ ගැබ්ගෙන ඇති බව දැනගත්තාම ඔබට සාමාන්‍යයෙන් මුලින්ම දකින්න ලැබෙන්නේ මේ වෛද්‍යවරෙයෙක් වෙන්න පුළුවන්. සමහර අවස්ථා වලදී මිඩ් වයිෆ් කෙනෙක් හෝ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයක් සමඟ එකට එකතු වෙලා ලබා දෙන ‘හවුල් සත්කාර’ සේවා ඇතුළත ඔබේ ප්‍රධාන සත්කාරක සේවා සපයන්නා විදිහට මෙම වෛද්‍යවරු ක්‍රියා කරනවා.

 

මිඩ් වයිෆ්

මිඩ් වයිෆ්ලා කියන්නේත් සෞඛ්‍ය වෘත්තිකයන් කොටසක්. ඔවුන් ඔබේ ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී සහ උපතින් පස්සේ ඔබට අවශ්‍ය උදව්, රැකවරණය සහ උපදෙස් ලබා දීම සඳහා කාන්තාවක් විදිහට ඔබ සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න කැප වෙලා ඉන්නේ. ඔවුන් ඔබේ දරු ප්‍රසූතියට පෙර ඉඳන්ම අවශ්‍ය දැනුම ඔබට ලබා දෙන නිසා අනිවාර්‍යෙන්ම ඔබ ඔවුන් ලබා දෙන සායන දින වලට සහභාගී වෙන්න ඕනේ. ඔබේ අලුත උපන් දරුවා රැකබලා ගැනීම සඳහා ඔවුන්ව හොඳින් පුහුණු කරලායි ඉන්නේ. මිඩ් වයිෆ්ලා බොහෝ වෙලාවට, නමුත් සෑම විටම නෙමෙයි, හෙදියන් විදිහට ද ක්‍රියා කරනවා.

ඔවුන් සාමාන්‍යයෙන් නිවාස, ප්‍රජා කටයුතු, සායන සහ රෝහල්වල සේවය කරනවා. ඔබ ඔබේ දරුවා බිහි කරන්න රජයේ රෝහලකට යනවා නම් ඔබේ බාහිර රෝගී සායන චාරිකා වලදී මිඩ් වයිෆ් කෙනෙක් හෝ වෛද්‍යවරයෙක් හමු වෙනවා. 

ඒ වගේම ඔබේ ගර්භණී සමයේදී හා පසුව එකම මිඩ් වයිෆ් කෙනෙක් දැක ගන්න පුළුවන්. ඔබට වෛද්‍යවරයෙක් හමුවීමට අවශ්‍ය නම් ඔහු ඔබ යන රෝහලේම සේවය කරන කෙනෙක් වෙනවා. ඔබ තෝරා ගන්නා රෝහලේ ඔබට අවශ්‍ය විධිවිධාන හා පහසුකම් ලබා දෙනවා ද කියලා මුලදීම රෝහලෙන් පරීක්ෂා කරන්න.

 

ප්‍රසව හා නාරිවේද විශේෂඥයින්

ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් කියන්නේ ප්‍රසව වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබා ඇති වෛද්‍යවරුන්ටයි. ඔවුන් ඔබේ දරු ප්‍රසූතියට පෙර, ප්‍රසූතිය අතරතුරදී සහ ප්‍රසූතියෙන් පස්සේ ද වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. බොහෝ රෝහල් මාතෘ ඒකකවලට මෙම සේවාව සඳහා වගකිව යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙක් ඉන්නවා. ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් සාමාන්‍යයෙන් ළදරුවන් ප්‍රසූත කරවන්නේ යම් දෙයක් වැරදියට සිදු වෙන්නට වැඩි හැකියාවක් ඇති අවස්ථාවලදීයි. ඒ නිසයි සමහර ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් සිසේරියන් සැත්කම් සිදු කරන්නේ.

සමහර කාන්තාවන් ගර්භණී සමයේදී වගේම දරුවාගේ උපතේදී සහාය ලබා ගැනීම සඳහා පෞද්ගලික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට තෝරා ගන්නවා. ඔබ කැමති රෝහලක දරු ප්‍රසූතිය කරන්න අවශ්‍ය නම්, එම රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් කුමන ආකාරයෙන් ද කලින් පාරවල් වලදී ප්‍රතිකාර හා ප්‍රසූතීන් සිද්ධ කරලා තියෙන්නේ කියලා හොඳින් සොයා බලලා යන්න.

 

නිර්වින්දන වෛද්‍යවරු

නිර්වින්දන වෛද්‍යවරයක් ද ඔබේ දරු ප්‍රසූතියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට එපිඩියුරල් හෝ සිසේරියන් සැත්කමක් කරන්න තියනවා නම් නිර්වින්දන වෛද්‍යවරුන් ඒ සඳහා සම්බන්ධ වෙනවා.