ගර්භණී ඔබව ප්‍රබෝධමත් කරන සෞඛ්‍ය සම්පන්න පාන වර්ග

දරුවකු පිළිසිඳ ගැනීම කාන්තාවකගේ ජීවිතයේ ඉතාමත් ප්රීතිමත් අවස්ථාවක්. ඇය ගතවන සෑම මොහොතකම කුස තුළ සිටින තම දරුවා ගැන සිහින දකිමින් සිටින අතර ඇය ගන්නා ආහාරපාන සියල්ලෙන් දරුවාට අවශ් නිසි පෝෂණය ලබාදෙන්නේ දැයි නිරතුරු සැලකිලිමත් වෙනවා. ඔබ ගර්භණී කාන්තාවක් නම් මෙම කාලසීමාවේ ශාරීරිකව සහ මානසිකව වඩාත් ශක්තිමත්ව කාලය ගත කළ යුතු අතරම විවිධ සංකූලතා ඇති නොවන පරිදි ආහාරපාන තෝරා ගැනීමට ඔබ දැනුවත්ව සිටීම වැදගත් වෙනවා. ඔබගේ දෛනික ආහාර වේලට විවිධ ආහාරවලට අමතරව සෞඛ් සම්පන්න පාන වර්ගද එක්කර ගත හැකියි

 

ගර්භණී සමයේදි ඔබ විවිධ යුෂ පානය කළ යුත්තේ ඇයි?

ගර්භණී කාන්තාවක් ලෙස ඔබට සෑම දෙයක්ම ආහාරයට ගැනීමට නොහැකි අතර එයට යම් සීමාවක් තිබේ. ඇතැම් කාන්තාවන්ට ආහාර ගැනීම අපහසු වුවත් යුෂ පානය පහසු වෙනවා. විශේෂයෙන් මවට සහ දරුවාට එක ලෙස පෝෂණය සපයන බැවින් වෛද්යවරුන් ගර්භණී කාන්තාවන්නැවුම් පළතුරු යුෂ නිර්දේශ කරන අතර එමගින් පෝෂණයට අමතරව සම දීප්තිමත් කිරීමද සිදුවනවා

 

ගර්භණී සමයේ ඔබට පානයසුදුසු පාන වර්ග

 

ස්ට්රෝබෙරි යුෂ

ස්ට්රෝබෙරි යුෂවල ප්රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගෙන අතර සමේ ස්වාභාවික දීප්තිය පවත්වා ගැනීමටද උපකාරි වෙනවා. නැවුම් ස්ට්රෝබෙරි හොඳින් සෝදා බ්ලෙන්ඩර් කර අයිස් කැට එක්කර පානය කරන්න

 

බීට් රූට් යුෂ

නැවුම් බීට්රූට් වල අඩංගු විටමින් A සහ යකඩ ගර්භණී සමයේ ඇතිවන රක්තහීනතාවය සහ වෙහෙස සහ තෙහෙට්ටු ස්වභාවය මගඇරීමට ඇති හොඳම විසඳුමක්. බීට් රූට් කුඩා කැබලිවලට කපා අයිස් කැට එක්කර හොඳින් බ්ලෙන්ඩර් කර පානය කරන්න. මෙය ඔබට දිනපතා උදෑසන ආහාරවේලට අතිරේකයක් ලෙසද එක්කර ගත හැකියි

 

දෙළුම් යුෂ

දෙළුම් යුෂ වල තන්තු, විටමින් C සහ විටමින් K බහුලව අඩංගු වන අතර විටමින් C ඔබ ගන්නා ආහාරවල ඇති යකඩ අවශෝෂණය වේගවත් කර ගර්භණී සමයේදී බහුලව දක්නට ලැබෙන මළබද්ධය වැළැක්වීමට උපකාරි වෙනවා. එමෙන්ම ශරීරය වියළීමෙන් තොරව පවත්වා ගැනීමටත් උපකාරි වෙනවා.

දෙළුම් ඇට හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා අයිස් එක්කර හෝ නැතුව පානය කිරීමට හැකියි

 

පේර යුෂ

විටමින් C බහුල පළතුරක් වන පේර ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය සහ රුධිරයේ අඩංගු සීනි ප්රමාණය පාලනය සදහා උපකාරි වෙනවා. එමෙන්ම විටමින් C යකඩ අවශෝෂණය කරන බැවින් රක්තහීනතාවය ඇතිවීම වැළැක්වීමටත් ප්රතිශක්තිය වර්ධනය කිරීමටත් හේතුවනවා

පේර ගෙඩිය උණු වතුරේ තම්බා සිසිල් වීමට ඉඩ හැර හොඳින් බ්ලෙන්ඩර් කර කැමති නම් ඉඟුරු හෝ ලෙමන් යුෂ එක්කර අයිස් සමග පානය කළ හැකියි. 

 

කැරට් යුෂ

කැල්සියම් බහුල කැරට් යුෂ දරුවාගේ අස්ථි හා දත් වර්ධනයට උපකාරි වන අතර එහි අඩංගු බීටාකැරොටින්, විටමින් C, A වැනි පෝශ් පදාර්ථ රාශියක් අඩංගු වෙනවා. 

කැරට් හොඳින් පිරිසිදු කර කුඩා කැබලිවලට කපා හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා පානය කළ හැකියි

 

දොඩම් යුෂ

විටමින් C සහ ෆෝලේට් වලින් පොහොසත් දොඩම් යුෂ පානය මගින් ගර්භණී සමයේ ඇතිවන ප්රතිශක්ති දුර්වලතාවයට විසඳුම් ලැබෙන අතර යකඩ අවශෝෂණය වේගවත් කර නැවුම් බවක් ලබාදෙනවා. ළදරු අසාත්මිකතා වැළැක්වීමටත්,නව පටක හා රතු රුධිර සෛල සෑදීමටත් ගර්භණී කාන්තාවන් තුළ වැදෑමහ වර්ධනය වීමටත් උපකාරි වෙනවා. 

දොඩම් හොඳින් පොතු ඉවත් කර බ්ලෙන්ඩර් කර පෙරා පානය කළ හැකියි

 

ලෙමන් යුෂ

විටමින් C සහ ප්රතිඔක්සිකාරක බහුල ලෙමන් යුෂ ගර්භණී සමයේදී ඇතිවන අධි රුධිර පීඩනය පාලනය කිරීමටත් අජීර්ණ සහ මළබද්ධ තත්ත්වයන් ඇතිවීම පාලනයටත් උපකාරි වෙනවා. 

ලෙමන් ගෙඩි දෙකක් ගෙන වීදුරුවකට මිරිකා කැමති පරිදි සීනි සහ ලුණු එක්කර පහසුවෙන් සකසා ගත හැකියි

 

ඇපල් යුෂ

ඇපල් යනු අත්යවශ් විටමින් සහ ඛනිජලවණ බහුල පළතුරක්. ගර්භණී සමයේ වෛද්යවරුන් වඩාත් නිර්දේශ කරන පානයක් ලෙස ඇපල් යුෂ හැඳින්විය හැකියි. ඇපල් යුෂ පානය කිරීමෙන් ගර්භණී සමයේ බර වැඩිවීම පාලනයටත්, ප්රතිශක්තිය වර්ධනය කර නින්ද සම්බන්ධ ගැටළු සමනය කිරීමට උපකාරි වෙනවා. එමෙන්ම ඇපල්වල යකඩ අන්තර්ගත වන බැවින් ගර්භණී සමයේ ඇතිවන රක්තහීනතාවයෙන් වැළකීමටද ඇපල් ආහාරවේලට එක්කර ගැනීමෙන් හැකියාව ලැබෙනවා

 

ඇපල් ගෙඩි දෙකක් පමණ ගෙන පොත්ත ඉවත්කර තම්බා සිසිල් වීමට ඉඩ හරින්න. හොඳින් සිසිල් වූ පසු බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර අවශ් නම් දෙහි යුෂ එක්කර පානය කරන්න

 

 

ගර්භණී සමයේ පානයනුසුදුසු යුෂ වර්ග

ගස්ලබු යුෂ

ගස්ලබු මගින් ඔබගේ ශරීර උෂ්ණත්වය ඉහළ නංවන අතර ගර්භණී සමයේදි ආහාරයට ගැනීමෙන් හෝ යුෂ පානය කිරීමෙන් විවිධ සංකූලතා සහ ගබ්සා වීම් ඇතිවිය හැකියි

 

අන්නාසි යුෂ

බ්රොමේලින් අඩංගු වන අන්නාසි ගර්භණී සමයේ ආහාරයට ගැනීමෙන් හෝ පානය කිරීමෙන් ගර්භාෂයේ හැකිලීම් තත්ත්ව ඇති වී ගබ්සා සිදුවීමේ අවධානම ඉහළ නංවනවා

 

මිදි යුෂ

මිදිවල අඩංගු resveratrol නමැති සංඝටකය ගර්භණී කාන්තාවන්ට විෂ වීමටත් ආහාර ජීර්ණ පද්ධතිය දුර්වල වීමේ අවධානමක්ද ඇතිවිය හැකියි

 

 

ගර්භණී සමයේදි සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලකට ඉහත සඳහන් පානයට සුදුසු පළතුරු යුෂ එක්කර ගැනීමෙන් ඔබටත් දරුවාත් අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබාගැනීමට හැකියාව ලැබෙනවා.