ගර්භණී සමයේදී ඇතිවෙන අජීර්ණය ගැන ඔබ දැනුවත්ද?

බොහෝ කාන්තාවන් ගර්භණීව සිටියදී අජීර්ණය සහ ගෑස් තත්ත්වයක් අත්විඳින අතර එය වේදනාකාරී විය හැකි හෝ අපහසුතාවයක් ඇති කරයි. මෙය වළක්වා ගැනීමට හෝ ප්‍රතිකාර කිරීමට බොහෝ ක්‍රම තියෙනවා,  සමහර විට ගෑස් තත්ත්වය පූර්ව එක්ලම්ප්සියාව ලෙස හැඳින්වෙන වඩාත් බරපතල තත්ත්වය සමඟ පැටලෙන්නත් පුළුවන්.

අජීර්ණය, ආමාශයේ (ඉහළ උදරය, හෝ බඩ) වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති කරයි. මෙය බොහෝ දුරට සිදුවන්නේ ආහාර ගැනීමෙන් හෝ යමක් පානය කිරීමෙන් පසුවයි.

ඔබේ ගර්භණී සමයේ මුල් අවධියේදී ඔබට අජීර්ණය තිබේ නම්, මෙය ඔබගේ හෝමෝන මට්ටමේ වෙනස්වීම් නිසා විය හැක. දෙවන හෝ තුන්වන ත්‍රෛමාසිකයේ දී අජීර්ණය වඩාත් සුලභ වන අතර ඔබේ දරුවා ඔබේ බඩේ ඉහළට තල්ලු වීම නිසා විය හැක. ගර්භණී සමයේදී කාන්තාවන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට අජීර්ණය ඇති වන බව සොයා ගෙන තියෙනවා.

 

අජීර්ණයේ​ රෝග ලක්ෂණ සහ හේතු

  • අජීර්ණ​ය
  • උගුරට ඒම
  • ගුඩුස් යාම
  • බර, ඉදිමී හෝ පිරී ඇති බවක් දැනීම 
  • අසනීප බවක් දැනීම 
  • වමනය

ගෑස් තත්ත්වය කියන්නේ උගුරේ හෝ පපුවේ දැවෙන වේදනාවක් ඇති වන අතර, එය ආමාශ ආම්ලිකතාවය ආහාර මාර්ගය දිගේ ඉහළට පැමිණීම නිසා සිදුවෙන්නක්.

ගර්භණී කාන්තාවන් තුළ ගෑස් තත්ත්වය සහ අජීර්ණය ඇතිවීමට පහත කරුණු හේතු විය හැකි​ය…

  • විශාල ආහාර වේල් ගැනීම 
  • අධික මේද ආහාර අනුභව කිරීම
  • චොකලට් හෝ පෙපමින්ට් ආහාරයට ගැනීම
  • පළතුරු යුෂ හෝ කැෆේන් සහිත බීම පානය කිරීම (කෝපි, තේ, කෝලා බීම)
  • ආහාර ගැනීමෙන් පසු ශාරීරික ක්‍රියාකාරකම් කිරීම
  • කණස්සල්ලෙන් සිටීම

ඔබ ගර්භණීව සිටියදී අජීර්ණය ඇති කරන විශේෂිත ආහාර, බීම හෝ ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් සිටීම හොඳ අදහසක්.

 

අජීර්ණය වළක්වා ගැනීමට

ඔබේ රෝග ලක්ෂණ මෘදු නම්, ඔබේ ආහාර වේලෙහි හෝ ජීවන රටාවේ වෙනස්වීම් අජීර්ණය වැළැක්වීමට උපකාරී වෙනවා. ඔබටත් මෙවැනි දේ උත්සාහ කරන්න පුළුවන්.

  • කුඩා ආහාර වේල් අනුභව කිරීම
  • ඇඳට යාමට පෙර ආහාර ගැනීමෙන් වැළකීම
  • අජීර්ණ ඇති කරන ආහාර සහ බීම වළක්වා ගැනීම
  • දවස අවසානයේදී කෝපි බොන්න එපා 
  • ආහාර ගන්නා අතරතුර පාන වර්ග බීමෙන් වළකින්න
  • කමින් සිටියදී කෙළින් ඉඳගන්න, ඒ වගේම කෑම වේලකට පසු වැතිර සිටින්න එපා
  • චුයිංගම් කෑමෙන් වැළකීම
  • වම් පැත්තේ නිදාගන්න

 

ඔබේ රෝග ලක්ෂණ වඩාත් දරුණු නම්, ගර්භණී සමයේදී භාවිතා කිරීමට ආරක්ෂිත අජීර්ණය සඳහා ඖෂධයක් ලබා දෙන ලෙස ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලන්න පුළුවන්. ඖෂධ මගින් ඔබේ ආමාශයේ ඇති අම්ලය උදාසීන කිරීමටත්, ඔබේ ආමාශයෙන් නිපදවන අම්ල ප්‍රමාණය අඩු කිරීමටත්, ඔබේ ආහාර මාර්ගයට අම්ල ඒම නැවැත්වීමටත් හැක.