Search here...
TOP
එදිනෙදා ජීවිත​ය

‍රස කර කර කන චොකලට් ගැන ඉතිහාසය පොඩ්ඩන්ට කියා දෙමු

ලොව ජනප්රියම ආහාරය බොහෝවිට චොකලට් විය හැකියි. ලොකු කුඩා භේදයකින් තොරව එය ඉමහත් ජනප්රිය ආහාරයක්. ඔබ දුකින්, කළකිරීමෙන් සිටිනවා නම් එසේ නොමැතිනම් මානසික පීඩාවකින් සිටිනවා නම් එය මගහැරීමට ඇති හොඳම ක්රමය චොකලට් පෙත්තක් ආහාරයට ගැනීමයි

විශේෂයෙන් කුඩා දරුවන්ට චොකලට් තිබේනම් ඔවුන්ට වෙන කුමන ආහාරයක්වත් ඕන වෙන්නෙ නෑ. තරමට ඔවුන් චොකලට් ආහාරයට ගැනීමට ප්රිය කරනවා. නමුත් මවක ලෙස ඔබ නිකමට සිතා තිබෙනවාද දරුවන් මෙතරම් ප්රිය කරන චොකලට් වල ඉතිහාසය කුමක්ද සහ චොකලට් ආහාරයට ගැනීමෙන් දරුවන්ට අත්වන ප්රතිලාභ හෝ යම් අවාසිදායක දේ තිබෙනවාද කියලා?

 

චොකලට් යනු ඇත්තටම මොනවාද

ප්රධාන අමුද්රව් වෙන්නේ කොකෝවා ඇට. කෝකෝවා ගෙඩිවලින් බීජ ඉවත්කර දින 9ක් පමණ ආලෝකයට නිරවරණය කර පැසීමට ඉඩ දෙන අතර පසුව සතියක් හෝ දෙකක් හොඳින් හිරු එළියේ වියළා බැද කුඩුකර චොකලට් කුඩු සාදාගන්නවා. පසුව එම කුඩු භාවිතයෙන් චොකලට් සාදා ගන්නවා

 

ඉතිහාසය

චොකලට් වල ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයන අතර ක්‍රි. පු. 1900 දි පමණ ප්රථම වරට චොකලට් නිපදවා තියෙනවා. ලොව ප්රමුඛ චොකලට් නිපදවන සමාගමක් වන නෙස්ට්ලේ ආයතනය විසින් චොකලට් නිෂ්පාදනය ආරම්භයට වසර 3500කට පමණ පෙර සිට පැරණි ශිෂ්ඨාචාරයන්හි චොකලට් ආහාරයට ගෙන තියෙනවා. නමුත් කාලයේදි එය චොකලට් යන නාමයෙන් හඳුන්වා නෑ

පුරාවිද්යාත්මක සොයාගැනීම් වලට අනුව මුල් ශිෂ්ඨාචාරයන් තුළ කොකෝවා භාවිතයට ගෙන තිබෙනවා. මෙම සොයා ගැනීම්වලින් පෙනී යන්නේ ක්‍රි. පූ 1700 දී පමණ කොකෝවා ඇට වලින් චොකලට් සෑදීමට එම ශිෂ්ඨාචාරයන් හි මිනිසුන් දැන සිටි බවයි. මායා සහ ඇස්ටෙක් ශිෂ්ඨාචාරයන් හි වැදගත් චාරිත් වලදී කොකෝවා බීජ භාවිතා කර පානයක් සාදා එය ‘chocolatl’ ලෙස හඳුන්වා තියෙනවා. එමෙන්ම මායාවරු කොකෝවා බීජ ඉතා වටිනා සාධකයක් ලෙස සලකා ඇති අතර එම බීජ මුදල් ඒකකයක් ලෙස භාවිතා කර තියෙනවා. එමෙන්ම ඔවුන් කොකෝවා ඇට ආශ්රිතව නිපදවන පානයන්දෙවියන්ගේ ආහාරයක්ලෙසට හඳුන්වා ඇති අතර ඉතා ධනවත් මායාවරුන් පමණක් එම බීම පානය කර තිබේ

යුරෝපයට චොකලට් හඳුන්වා දී තිබෙන්නේ ක්රිස්ටෝපර් කොලොම්බස්. ඔහුගේ දේශගවේෂණයෙන් පසුව ස්පාඤ්ඤයට එන විට කොකෝවා බීජ ගෙනවිත් එවකට රජ වූ ෆර්ඩිනන්ඩ් රජුට (King Ferdinand) පිළිගන්වා තියෙනවා. ඉනුත් සියවස් දෙකකට පසුව ජෝසප් ෆ්රයි නම් ඉංග්රීසි ජාතිකයා ප්රථම ඝණ චොකලට් වර්ගය නිපදවා තිබෙනවා. ඉනුත් වසර 25 කට පමණ පසු ස්විට්සර්ලන්තයේ හෙන්රි නෙස්ලේ (Henri Nestle) විසින් 1875 දී උකුකළ කිරි යොදා පළමු බාර් චොකලට් වර්ගය නිපදවා තිබෙනවා

 

චොකලට් ගැන තොරතුරු

  • චොකලට් යන නාමය උණු පානයක් යන චොකොල් ( ‘Chocol,’) යන මායාවරුන්ගේ භාෂාවෙන් බිඳී පැමිණ තිබේ
  • ඇස්ටෙක්වරු මෙම තිත්ත රසැති පානය “Xacoatl” ලෙස හඳුන්වා තිබෙනවා
  • වරක ඉතිහාසයේ චොකලට් රත්‍රන් කුඩු වලට වඩා වටිනවා යැයි සලකා තියෙනවා. 
  • කොකෝවා ශාකයේ විද්යාත්මක නාමය Theobroma cacao. 
  • 1971 වසරේදි තිරගත වූ Willy Wonka and the Chocolate Factory නමැති චිත්රපටයජලය, චොකලට් සහ ක්රීම් ආශ්රයෙන් සත් චොකලට් ගඟක් නිපදවා තියෙනවා
  • වයිට් චොකලට් සැබෑ චොකලට් නොවන අතර ඒවායේ ඝන කොකෝ අඩංගු නොවේ
  • 1930 දී අහඹුවක් ලෙස රූත් වේක්ෆීල්ඩ් (Ruth Wakefield) විසින් චොකලට් චිප් එකක් නිපදවා තිබෙන අතර පසුව ඇයට සිය දිවිය පුරාවටම චොකලට් ලබා ගැනීමේ අරමුණින් එහි වට්ටොරුව නෙස්ට්ලේ සමාගම වෙත ලබාදී තිබෙනවා
  • මොන්ටෙසුමා නමැති ඇස්ටෙක් අධිරාජ්යයා දිනකට චොකලට් ගොබ්ලට් 50ක් පරිබෝජනය කර තිබෙනවා
  • මිනිස් ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක දියවන එකම ආහාරය චොකලට් වන අතර එමනිසා එය ඔබගේ කටේදීම දිය වී යනවා
  • ඇස්ටෙක්වරු සහ මායාවරු ආතතිය දුරුකර ගැනීමචොකලට් පානය කලේ ආතතිය නමැති වචනය හඳුනා ගැනීමටද පෙර සිටයි
  • කුඩා චොකලට් චිප් එකක් ආහාරයට ගැනීමෙන් අඩි 150ක් ඇවිදීමට ශක්තිය ලබාදෙනවා
  • චොකලට් සුවඳ ආඝ්රාණය මගින් මනස සැහැල්ලු වන අතර ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය සමනය වනවා
  • කොකෝවා ගෙඩිය පාපන්දුවක හැඩය ගන්නවා
  • චොකලට් වල අඩංගු phenylethylamine එන්සයිමය මගින් මොළයෙන් සතුටින් සිටීමට උපකාරි වන හෝමෝනය (pleasure hormones) ශ්රාවය වීමට උපකාරි වන අතර එය ආදරය වැනි හැඟීම් ඇතිවීමට හේතුවේ
  • ලොව විශාලතම චොකලට් බාර් එක රාත්තල් 12,770 ක් බරින් යුතුයි
  • චොකලට් බල්ලන් සහ පූසන්මාරාන්තික විය හැකියි
  • 2013 දී බෙල්ජියම චොකලට් රසැති මුද්දර නිපදවා තිබේ

 

චොකලට් ආශ්රයෙන් සකසන දේ

  1. Bittersweet chocolate සහ Dark chocolate

මිශ් රසැති චොකලට්වල (Bittersweet chocolate) අමු චොකලට්, කොකෝවා බටර් සහ සීනි නිශ්චිත ප්රමාණයකින් අඩංගු වන අතර ඉන් තිත්ත සහ පැණිරස අතර රසයක් දැනෙනවා. ඩාර්ක් චොකලට් (Dark chocolate) යනු මද තිත්ත රසකින් යුක්ත චොකලට් වර්ගයක්. ඒවා semisweet chocolate ලෙසද හඳුන්වනු ලබනවා

 

  1. White chocolate 

සුදු පැහැති චොකලට් වන කොකෝවා සංයුතියක් නොමැති අතර ඒවා බොහෝවිට උකු කිරි සහ සීනී ආශ්රිතව නිපදවනු ලබනවා

 

  1. Cocoa powder

කොකෝවා කුඩු යනු කෝකෝවා ගෙඩියේ ඇට ආශ්රයෙන් සකසනු ලබන කුඩක්. ඒවා චොකලට් කිරි සෑදීමට සහ උණුසුම් චොකලට් පානයන් සැකසීමට භාවිතා කරනවා

 

  1. Chocolate liqueur 

ඇල්කොහොල් වලින් තොර මෘදු චොකලට් දියරයක් වන අතර කෝකෝ ඇට සියුම් තලපයක් ලෙසට අඹරා කොකෝ බටර් එක්කර සාදනු ලබනවා

 

  1. Unsweetened chocolate

මෘදු චොකලට් දියරයක් (Chocolate liqueur) ඝණ කිරීමෙන් සාදන චොකලට් වර්ගයක් වන අතර බොහෝවිට බේකරි නිෂ්පාදන වලට භාවිතා කරනවා. මෙම චොකලට් baking chocolate, pure chocolate හෝ bitter chocolate ලෙසද හඳුන්වනු ලබනවා

 

  1. Ground chocolate 

කුඩු කරන ලද චොකලට් යනු පැණි රසකින් යුතු චොකලට් කුඩු වන අතර ඒවා සකසන ලද චොකලට් බාර් එකක් කුඩු කිරීමෙන් සකසා ගනු ලබනවා. ඒවා කොකෝවා කුඩු ලෙස පටලවා ගත යුතු නැහැ

 

චොකලට් ගැන මේ තොරතුරු ඔබේ චොකලට් වලට ප්‍රිය කරන දරුවාටත් කියාදෙන්න දැන් ඔබට පුළුවන්.

«

»