ළදරුවන්ගේ වියළි ඉරිතැළුණු තොල් වලට නිවෙසේදී කළ හැකි පිළියම්

ශීත දින වලදී මෙන්ම අඩු ආර්ද්‍රතාවය සහිත ස්ථානවල පැළුණු දෙතොල් බහුලව දැක ගන්න ලැබෙනවා. ළදරුවන් තොල් ලෙවකෑමට නැඹුරු වී සිටිනවානම් එයත් තොල් වියළීමට හේතු විය හැකියි. තොල්වල වියළි බව සමනය කිරීම සඳහා වැඩිහිටියන් තොල් බාම් (Lip balm) භාවිතා කරනවා. නමුත් ඒවා ළදරුවෙකුට ආරක්ෂිතද? ළදරුවන් සතු චූටි තොල් සමඟ දෙමාපියන් කටයුතු කරන්නේ කොහොමද? ළදරුවන්ගේ තොල් පැලීමට හේතු, පිළියම් සහ තත්ත්වය වළක්වා ගත හැකි ආකාරය ගැන මෙම අපි ලිපියෙන් කියලා දෙනවා. 

 

ළදරුවන්ගේ තොල් වියළීම​ට හා පැළීමට බලපා​න පොදු හේතු:

 

වියළි කාලගුණය – ශීත කාලයේදී හෝ ආර්ද්‍රතාවයේ අඩුවීමක් ඇති විට තොල් පැලීම වැඩි වෙනවා. 

 

සුළඟට හා හිරුට දිගින් දිගට නිරාවරණය වීම – මෙමගින් තොල්වල තෙතමනය නැති වී වියළි බවක් ඇති වෙනවා. එවැනි එක් අවස්ථාවකට උදාහරණයක් නම් ළදරුවා වෙරළේ වැඩි කාලයක් ගත කිරීමයි

 

නිතර තොල් ලෙවකෑම – තොල්වල තෙතමනය නැති වීමට මෙයද හේතුවක් විය හැකියි. 

 

කවසාකි රෝගය – මෙය බොහෝ දුරට ළදරුවන්ට සහ අලුත උපන් දරුවන්ට පවා බලපානවා. මෙම රෝගයේ රෝග ලක්ෂණ කිහිපයෙන් එකක් වන්නේ රතු, ඉරිතලා ගි​ය සහ වියළි තොල් ය. කවසාකි රෝගයෙන් පෙළෙන ළදරුවන්ට සෑම විටම පාහේ අධික උණ ඇති වීම දකින්න පුළුවන් ප්‍රධානම රෝග ලක්ෂණයක්.

 

පෝෂණ ඌ​ණතාවය – සමහර විට, පැළුණු තොල් විටමින් A  වැනි පෝෂ්‍ය පදාර්ථයක ඌ​ණතාවයක් පෙන්නුම් කරනවා. පෝෂණ ඌනතාවයන් සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම නුවණට හුරුය.

 

ළදරුවන්ගේ තොල් සඳහා නිවෙස් පිළියම්

මව්කිරි –  මව්කිරි වල ජලය සහ මේදය බහුල වන අතර එමඟින් ළදරුවාගේ වියළි තොල්වල​ට තෙතමන​ය ලබාගැනීම​ට උපකාරී වෙනවා.  මව්කිරි කුඩා ප්‍රමාණයක් ළදරුවාගේ තොල් මත ආලේප කරන්න. ඔයාගේ පිරිසිදු ඇඟිල්ල කිරිවල ගිල්වා සෑම පැයකටම අවම වශයෙන් 2-3 වතාවක් දරුවාගේ තොල් මත අලේප කරන්න.

 

ළදරු ෆෝමියුලා (Infant formula) – Infant formula පේස්ට් එකක් සාදා ළදරුවාගේ තොල්වලට ප්‍රතිකාර කිරීම සඳහා එය ගබඩා කර ත​බන්න. මෙම ෆෝමියුලා තොල්වල පැයකට කිහිප වතාවක් පිරිසිදු ඇඟිල්ලකින් අලේප කරන්න.

 

ළදරුවන්​ට ආරක්ෂිත තොල් බාම් – ළදරුවන්ට සුදුසු තොල් බාම් එකක් වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්නත් පුළුවන්. මේ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදන ලද තොල් බාම් එක වඩා හොඳ තේරීමක්.

 

සජල කිරී​ම – විජලනය ඇතිවීම වැළැක්වීමට දරුවාට අවශ්‍ය තරම් පාන වර්ග ලබා දීම සිදු කළ යුතු වනවා. මාස හයට අඩු ළදරුවන් සඳහා, මව්කිරි දීම අත්‍යවශ්‍ය වෙනවා. මාස හයකට වැඩි ළදරුවන් සඳහා සුප්, පළතුරු සහ එළවළු යු​ෂ වැනි විවිධ තරල ලබා දෙන්න.