ළමුන්ගේ හිස්හොරි සඳහා නිවසේදී කළ හැකි පිළියම්

ළමුන් තුළ ඇති වන හිස්හොරි වලට හේතු සහ හිස්හොරි සමඟ කටයුතු කිරීම ගැන ලිපි දෙකක් අපි මීට කලින් ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. අද අපි ඔබ වෙත තොරතුරු අරගෙන එන්නේ ළමුන් තුළ ඇති හිස්හොරි සඳහා නිවසේදී කළ හැකි ස්වභාවික ප්‍රතිකාර කීපයක් ගැනයි. ඔබේ දරුවාගේ හිස්හොරි දුරු කිරීමට අවශ්‍ය බොහොමයක් දේවල් ඔබ සතුව නිවසේම තිබෙනවා. දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත හිස්කබලක් සහ නිරෝගී හිසකෙස් ලබාදීම සඳහා මේ ප්‍රතිකාර භාවිතා කර බලන්න.

ළමුන් තුළ හිස්හොරි ඇති වෙන්නේ කොහොමද?

අධික ලෙස කැසීම සහ හිස් හොරි හේතුවෙන් ඔබේ දරුවන්ගේ හිස්කබලේ රතු පැහැය හෝ රුධිර කැටි ගැසීම් පෙනෙන්නට පටන් ගෙන තිබෙනවා නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙනවා.

 

බේකිං සෝඩා

බේකිං සෝඩා හිස්කබල exfoliate නැත්නම් මැරුණ සම ඉවත් කිරීමට උපකාරී වන ඇදහිය නොහැකි ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියා කරනවා. සාමාන්‍ය ෂැම්පූ වලට බේකිං සෝඩා ස්වල්පයක් එකතු කරලා හිස හොඳින් සේදීමට පෙර සාමාන්‍ය ප්‍රමාණයට හිස්කබලේ ආලේප කරන්න.

 

Tree Oil

මෙහි දිලීර නාශක ගුණ ඇති අතර එය වියළි හිස්කබලකට තෙතමනය සඳහා උපකාරී වෙනවා. Tree Oil බින්දු කිහිපයක් ආමන්ඩ් හෝ ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කරන්න. තෙල් හොඳින් මිශ්‍ර කරලා කපු පුළුං බෝලයක ආධාරයෙන් හිස්කබලේ ආලේප කරන්න. එය පැය භාගයක් තබා හිස්කබල හොඳින් සෝදන්න.

 

මී කිරි

හිස්කබලේ තෙතමනය හා මෘදු බව තබා ගැනීමට මී කිරි උපකාරී වෙනවා. හිස්කබලේ මී කිරි ආලේප කර සේදීමට පෙර පැය භාගයක් තබා ගන්න.

 

ලෙමන්

ලෙමන් වල විටමින් සී අඩංගු වන අතර එය හිස්හොරි වැනි හිස්කබලේ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වෙනවා. කපු පුළුං බෝලයක ලෙමන් යුෂ පොඟවලා හිස්කබලේ ආලේප කරල සේදීමට පෙර පැය භාගයක් තබා ගන්න.

 

කොහොඹ යුෂ

හිසරදයට ප්‍රතිකාර කිරීමේදී කොහොඹ ඵලදායී. කොහොඹ යුෂ සමග පොල්තෙල් මිශ්‍ර කරලා හිස්කබලේ ආලේප කරල හොඳින් සම්බාහනය කරන්න.

 

මහදුරු

මහදුරු වලට දිලීර නාශක සහ හිස්කබල සන්සුන් කිරීමේ ගුණයක් තිබෙනවා. කුඩු කරගත් මහදුරු ඇට හා කරපිංචා මිශ්‍රණයක් සාදා ෂැම්පූ කිරීමට පෙර හිස්කබලේ ආලේප කරන්න.

 

කෝමාරිකා යුෂ

කෝමාරිකා කියන්නේ දිලීර නාශක ගුණ අඩංගු සිසිල්කාරකයක්. කෝමාරිකා වල කොළ පැහැ කොටස නැතිවෙන්න මදය විතරක් සූරල අරගෙන ෂැම්පූ කිරීමට පෙර හිස්කබලේ ආලේප කරන්න.

 

බිත්තර

හිස්කබල තෙතමනයෙන් තබා ගැනීමට බිත්තර ද උපකාරී වෙනවා. ෂැම්පු කිරීමට පෙර බිත්තරයක් ගසා හිස්කබලේ ආලේප කරන්න.

 

ඇපල් සයිඩර්

ඇපල් සයිඩර් අවහිර වූ රෝම කූප පිරිසිදු කිරීමට කාර්යක්ෂමව ක්‍රියා කරනවා. ෂැම්පූ කිරීමට පෙර ඇපල් සයිඩර් සහ ජලය සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කරලා හිස්කබලේ ආලේප කරන්න.

 

පොල්තෙල්

පොල් වල දිලීර නාශක ගුණ අඩංගු වන අතර හිස්කබලට හොඳ මොයිස්චරයිසර් එකක් ලෙසද ක්‍රියා කරනවා. පොල්තෙල් කෙලින්ම හිස්කබලේ ආලේප කරලා ෂැම්පූ කිරීමට පෙර ටික වේලාවක් තබා ගන්න.

 

සුදු විනාකිරි

සුදු විනාකිරි කියන්නේ හිස්හොරි සඳහා හොඳම විසඳුමක්. එය දිලීර වර්ධනය වළක්වන අතර කැසීම් වලින් සහනයක් ලබා දීමටද උපකාරී වෙනවා.  සුදු විනාකිරි වතුර සමග මිශ්‍ර කර හිසකෙස් සෝදා හරින්න.

 

සුදුළූණු

මේ වැඩේදී සුදුළූණු වල දුර්ගන්ධය නොසලකා හරින්න ඕනේ. එහි තිබෙන දිලීර නාශක ගුණාංග කෙරෙහි අවධානය යොමු කරන්න. අඹරාගත් සුදුළූණු වතුරට මිශ්‍ර කරලා ෂැම්පූ කිරීමට පෙර ඔබේ දරුවන්ගේ හිස්කබලේ ආලේප කරන්න.

 

බටර්

බටර් ප්‍රමාණවත් තරම් අර ගෙන හිසකෙස් මත ආලේප කර පැයක් පමණ තබා ගන්න. ඉන්පසු එය සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. එය හිස් හොරි දියකර හරින අතර පොතු ගතිය නැති කරනවා.

 

නෙල්ලි 

නෙල්ලි වියළා අරගෙන හිස්කබලට ආලේප කරන්න පුළුවන් පේස්ට් එකක් හදාගන්න. එය හිස් හොරි කාර්යක්ෂමව තුරන් කිරීමට උපකාරී වෙනවා.