Search here...
TOP
පෝෂණ​ය

වස විස නැතුව ගෙදරදීම චිකන් සොසේජස් හදන හැටි මෙන්න

පොඩ්ඩො ඉන්න අම්මලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා පොඩ්ඩන්ගෙ සොසේජස් වලට තියෙන කැමැත්ත. ඕන වෙලාවක දුන්නොත් සොසේජස් නම් ආසාවෙන් කයි. ඉතින් ඔන්න අපි අරන් ආව ගෙදරදීම රසට ගුණට සොසේජස් හදන විදිය. 

 

චිකන් සොසේජස්

OLYMPUS DIGITAL CAMERA

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කටු රහිත චිකන් 300g
  2. අමු පහේ තේ හැඳි 1/2
  3. ගම්මිරිස් රස අනුව
  4. ලුණු රස අනුව
  5. මිරිස් කුඩු තේ හැඳි 1/4
  6. චොප් කරගත් ළූණු ටිකක්
  7. තලාගත් සුදුළූණු තේ හැන්දක්

 

 

  • චිකන් වලට ඉහත සියළුම දේවල් එක් කරල කෑලි නොහිටින්න හොඳින් අඹරගන්න.
  • කපාගත් කෙසෙල් කොළයක කෙලවර දිගට සාදාගත් මිශ්‍රණය තබා තද කරමින් දෙපැත්තෙන් ඔතාගන්න (ටොෆියක ආකාරයට).
  • මෙසේ ඔතාගත් සොසේජස් ස්ටීමරයක තබා විනාඩි 10/15ක් ස්ටීම් කරගෙන නිවුණු පසු අධි ශීතකරණයේ තබාගන්න.
  • සතියක් පමණ අධිශීතකරණයේ කල් තියාගන්න පුළුවන්.

 

 

«

»