ගෙදර ඉන්න අම්මලාට සැලෝන් නොයා ලස්සන දීප්තිමත් සමක් ලබාගන්න ෆේස්පැක්

පසුගිය වසරේ සිට මුලු ලෝකයටම අභියෝගයක් වුණු කොරෝනා වසංගතය නිසා දැන් නැවත වරක් සංචරණ සීමා පැනවෙලා. නිදහසේ අපි කැමති තැනක ඇවිදලා කැමති දෙයක් කරපු අපිව ආයෙත් නිවසටම කොටු වෙලා. කාන්තා අපට සාප්පු සවාරි, සැලෝන් යාම ආදිය දින නියමයක් නැතුවම කල් දමන්න සිදුවෙලා. ඉතින් මේ ලොක්ඩවුන් කාලේ නිවසටම වෙලා ඉන්න ගමන් සමට දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට ඔබට නිවසේදීම කරන්න පුළුවන් පුංචි පුංචි සත්කාර ක්‍රම කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේ කාලයේ සැලෝන් යන්න වෙන්නෙ නෑ කියල දුකෙන් ඉන්නෙ නැතුව ක්‍රම අත් හදා බලා ඔබගේ මුහුණටත් සැබෑම වෙනසක් ලබාගන්න ඔබත් උත්සාහ කරන්න

තෙල් සහිත සමට, වියළි සහ මිශ්‍ර සමට ගැලපෙන පැක් වර්ග කිහිපයක් තමයි අපි ගෙනාවෙ. මේවා සඳහා ඔබට අවශ් වන්නේ ඔබට පහසුවෙන් සොයා ගත හැකි කහ, මී පැණි සහ යෝගට් වැනි ද්රව්ය ටිකක්. ඒවායේ අන්තර්ගත ගුණාංග මගින් සම සුමුදු කිරීම, තෙතමනය ආරක්ෂා කරනු ලබනවා

 

තෙල් සමට සුදුසු ෆේස්පැක් – Face Packs for Oily Skin

 

1. කොහොඹ සහ අමුකහ – Neem and Turmeric

අවශ්ය ද්රව් 

අඹරාගත් කොහොඹ කොළ මේස හැඳි

කහ කුඩු තේ හැඳි ½ 

අවශ් නම් වතුර තේ හැඳි 1

 

කොහොඹ මිශ්‍රණයට අමුකහ සහ වතුර එක්කර ගෙන හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. අවශ් නම් ඔබට වතුර වෙනුවට රෝස වතුර බිංදු කිහිපයක්ද එක්කළ හැකියි. මෙය විනාඩි 15 ක් 20ක් පමණ තබා හොඳින් සෝදා හරින්න

සතියට තුන් වතාවක් පමණ මෙය ඔබට මුහුණේ ආලේප කර හැකියි

 

2. කෙසෙල් ගෙඩි සහ මී පැණි – Banana and Honey

 

අවශ් ද්රව් 

පොඩි කරගත් කෙසෙල් ගෙඩි 1

ලෙමන් යුෂ මේස හැඳි 1

මී පැණි තේ හැඳි 1

 

හොඳින් පොඩි කරගත් කෙසෙල් ගෙඩියට මී පැණි සහ ලෙමන් යුෂ එක්කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න

වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අවශ් නම් සතියකට වතාවක් පමණ ආලේප කරන්න

 

 

වියළි සම සඳහා සුදුසු ෆේස් පැක් වර්ග -Face Packs for Dry Skin

 

1. කෝමාරිකා සහ මී පැණි – Aloe Vera and Honey

අවශ් ද්රව්

සූරාගත් කෝමාරිකා මදය මේස හැඳි 2

මී පැණි තේ හැඳි 1

– තියෙනවා නම් සුදු හඳුන් කුඩු මේස හැඳි 1

 

සියල්ල එකට එක්කර හොඳින් මිශ් කරන මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කර විනාඩි 15ක් පමණ තබා මද රස්නෙ වතුරෙන් සෝදා හරින්න

වඩා සාර්ථක ප්‍රතිඵල, ලබා ගැනීම සඳහා සතියකට දෙවරක් මුහුණෙ ආලේප කරන්න

 

2. පිපිඤ්ඤා සමඟ කෝමාරිකා (Aloe Vera and Cucumber) 

 

අවශ් ද්රව්

-සූරාගත් කෝමාරිකා මදය මේස හැඳි 1

-හොඳින් පොඩි කර ගත් පිපිඤ්ඤා මේස හැඳි 1

 

පිපිඤ්ඤා සහ කෝමාරිකා හොඳින් මිශ්‍රකර මුහුණේ හා බෙල්ලේ හොඳින් ආලේප කරන්නවිනාඩි 30 පමණ තබා හොඳින් සෝදා හරින්න

මෙය සතියකට හතර වතාවක් පමණ භාවිතා කළ හැකියිආලේප කළ කර විනාඩි 30 තබා සෝදා හරින්න

 

3. ඕට්ස්, යෝගට් සහ මී පැනි – Oatmeal, Yogurt and Honey

අවශ් ද්රව් 

යෝගට් තේ හැඳි 1

ඕට්ස් තේ හැඳි 1

මී පැණි තේ හැඳි 1

 

ඉහත අමුද්රව් සියල්ල එක් කර හොඳින් මිශ්‍ර කරන්නඉන්පසු පිරිසිදු කරගත් මුහුණෙහි සහ බෙල්ලෙහි ආලේප කර විනාඩි 15 පමණ තබා මද රස්නෙ වතුරෙන් සෝදාහරින්න.  

මෙය ඔබගේ සමයේ දීප්තිය වැඩි කර කරගැනීම සඳහා සතියකට වරක් පමණ භාවිතා කළ හැකියි.

 

 

මිශ්‍ර සමට ආලේප කළ හැකි ෆේස් පැක් වර්ග – Face Packs for Combination Skin

 

1. ගස්ලබු සහ කෙසෙල් ගෙඩි පැක්

අවශ් ද්රවය

ගස්ලබු කැබලි 8 ක් පමණ

කෙසෙල් ගෙඩි 1/2 ක් පමණ

මී පැණි තේ හැඳි 1

 

බ්ලේන්ඩරයක් භාවිතයෙන් ගස්ලබු සහ කෙසෙල් හොඳින් මිශ්‍ර කර එයට මී පැණිද එක්කර මිශ්රණයක් සකසා එය හොඳින් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 15 ක් 20ක් අතර තබා හොඳින් සෝදා හරින්න

මෙය ඔබට සතියකට වරක් හෝ දෙවරක් මුහුණේ ආලේප කිරීමට ඔබට හැකියි

 

2. ගස්ලබු සහ තක්කාලි පැක්

 

අවශ් ද්රව්

 

ඉදුණු ගස්ලබු කැබලි 10ක් පමණ

නැවුම් තක්කාලි පල්ප මේස හැඳි 2

 

ගස්ලබු සහ තක්කාලි හොඳින් පොඩිවන සේ අඹරා මුහුණේ සහ බෙල්ලෙහි ආලේප කරන්න. විනාඩි 15 ක් පමණ තබා මද රස්නේ වතුරින් සෝදා හරින්න. වඩා හොඳ ප්‍රතිඵල සඳහා සතියකට දෙවරක් ආලේප කළ හැකියි