Search here...
TOP
පෝෂණ​ය

පොඩ්ඩො ආසම පීනට් බටර් ගෙදරදීම හදාගන්න මෙන්න අපෙන් රෙසිපි එකක්

පීනට් බටර් කන්න පොඩිත්තො හරිම ආසයිනෙ. හැබැයි කඩෙන් ගන්න ගියාම පීනට් බටර් කියන්නෙ ටිකක් මිලාධික කෑමක්. අඩු මුදලකින් ගෙදරදීම රසට පීනට් බටර් හදල පොඩ්ඩොන්ට දෙන්න ආස අම්මලාටයි අද මේ රෙසිපි එක අරන් ආවෙ. මේ විදියට හදාගන්න පීනට් බටර් මාස තුනක් විතර කල් තියාගන්න පුළුවන් ශීතකරණයක දාලා. මුඩු ගඳක් එනවා නම් පාවිච්චි කරන්න එපා. රටකජු කප් 2කින් පීනට් බටර් කප් 1 1/2ක් වගේ ප්‍රමාණයක් හදාගන්නත් පුළුවන්. හදන්නත් හරිම ලේසියි. එහෙනම් හදල බලමුද?

 

හෝම්මේඩ් පීනට් බටර් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කබලේ බැදගත් රටකජු කප් 2ක්
  2. මී පැණි මේස හැඳි 2
  3. ලුණු ස්වල්පයක්
  4. එළවළු තෙල් තේ හැඳි 2ක් (අවශ්‍ය නම් පමණක්)

 

 

  • රටකජු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීම් ගතියට එනකොට මී පැණි සහ ලුණු එකතු කරල නැවත බ්ලෙන්ඩ් කරන්න.
  • පීනට් බටර් එකේ ඝණකම වැඩි නම් විතරක් එළවළු තෙල් ටික දාල බ්ලෙන්ඩ් කරගන්න. 

 

«

»