පොඩ්ඩො ආසම රෝස්ට් චිකන් ගෙදරදීම හදල දෙමුද?

රෝස්ට් චිකන් වලට පොඩ්ඩො හරිම ආසයි. බත් එක්ක, කොත්තු එක්ක, නූඩ්ල්ස් එක්ක විතරක් නෙවෙයි නිකම්ම කන්නත් රෝස්ට් චිකන් වලට පොඩ්ඩො හරිම කැමතියි. ඔන්න රෙස්ටුරන්ට් ස්ටයිල් එකට රෝස්ට් චිකන් හදන්නෙ මෙහෙමයි.

 

රෝස්ට් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සම සහිත චිකන් ලෙග්ස් 4
  2. සෝයාසෝස් මේස හැඳි 3
  3. සීනි මේස හැඳි 2
  4. ලුණු
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි 1/2
  7. විනාකිරි මේස හැඳි 2
  8. චොප්කරගත් ළූණු ගෙඩි 1
  9. චොප්කරගත් සුදුළූණු බික් 2

 

 

  • චිකන් වලට සෝයාසෝස්, සීනි, ලුණු, මිරිස්කුඩු, කහකුඩු, විනාකිරි, ළූණු හා සුදුළූණු ටික දාගන්න.
  • දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරලා පැය 12ක් ෆ්‍රිජ් එකේ දාලා මැරිනේට් කරගන්න.
  • මැරිනේට් කරගත් චිකන් ටික අවන් එකට දාන්න පැය භාගෙකට කලින් ෆ්‍රිජ් එකෙන් එළියට ගන්න. 
  • සෙල්සියස් 180°ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් රෝස්ට් කරගන්න. අනික් පැත්ත හරවා තව විනාඩි 25ක් රෝස්ට් කරගන්න.