Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ගර්භණී සමයේදි මී පැණි ආහාරයට ගත හැකිද?

මී පැණි සීනි වෙනුවට කදිම ආදේශකයක් වන අතර ප්රතිඔක්සිකාරක සහ ඇමයිනෝ අම්ල සපිරි ඖෂධීය වටිනාකමකින්ද ඉහළයි. නමුත් කුඩා දරුවන්ට botulism ඇතිවීම කෙරෙහි බලපාන බැක්ටීරියා විශේෂ අඩංගු වන බැවින් වයස අවුරුදු 1 අඩු ළදරුවන්ට ලබාදීම නුසුදුසු බවයි වෛද්යවරුන්ගේ අදහස වන්නේ. එමෙන්ම ඔබ ගර්භණී කාන්තාවක් නම් ඔබට මී පැණි ආහාරයට ගත හැකිද යන්න සම්බන්ධයෙන් ඔබටත් ගැටළු ඇතිඑසේනම් මේ ලිපිය ඔබට බෙහෙවින් වැදගත් වේවි

 

ගර්භණී සමයේදී මී පැණි ආහාරයට ගැනීම ආරක්ෂිතද?

 

සාමාන්යෙන් මී පැණි යනු ගර්භණී සමයේ ආහාරයට ගැනීමට සුදුසු දෙයක් වන අතර විශේෂ අවස්ථාවක වෛද්යවරයා පැණි ආහාරයට ගැනීමෙන් වළකින ලෙස උපදෙස් ලබා නොදුන්නේ නම් ඔබට සාමාන් පරිදි පැණි ආහාරයට එක්කර ගත හැකියි

නමුත් මී පැණිවල අන්තර්ගත Clostridium නමැති අහිතකර බැක්ටීරියාව මගින් ඇතිවන botulism නමැති රෝගය ඇතිවීමේ අවදානමක් ඇති බැවින් පිරිසිදු පැණි ආහාරයට තෝරාගත යුතුයි. බොහෝවිට ඔබගේ ස්වභාවික ප්රතිශක්තියට එම බැක්ටීරියාවට එරෙහිව සටන්කළ හැකි බැවින් එම රෝගයට ගොදුරුවීමේ අවදානම අඩුයි. 

 

එමෙන්ම සීනි වෙනුවට ආදේශකයක් ලෙස මී පැණි භාවිතා කළ හැකි අතර සිහිනුවණින් යුතුව ආහාරයට ගැනිමෙන් ගර්භණී සමයේදි ඔබගේ සෞඛ්යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල නොකරයි

 

ගර්භණී සමයේ මී පැණි ආහාරයට ගැනීමෙන් අත්වන ප්රතිලාභ

 

1. ප්‍රතිශක්තිය ඉහළ නංවයිපැණි වල ඇති ප්රතිඔක්සිකාරක සහ ප්රතිබැක්ටීරීය ගුණ ප්රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන අතර ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ

 

2. උගුරේ ආසාදන සහ කැස්ස සමනය කරයි. 

 

3. සෙම්ප්‍රතික්ෂාවෙන් ආරක්ෂාව ලබාදෙයිමී පැණිවල ඇති ප්රතිවෛරස් ගුණාංග සහ ප්රතිශක්තිය ශක්තිමත් කිරීමේ ගුණාංගයන් මගින් සෙම්ප්රතිශ්යාව සහ උණ සදහා සහනය ලබාදෙනවා. ගර්භණී කාන්තාවන්ට මී පැණි විවිධ ආකාරවලින් ආහාරයට එක්කර ගැනීමට හැකි අතර උණ රෝගයෙන් ආරක්ෂා වීමට එය උපකාරී වනවා

 

4. ගැස්ට්‍රයිටිස් රෝගයෙන් සුවය ලබාදෙනවා – ග්රැස්ට්රයිටිස් රෝගයට ගොදුරුවන්නන් තුල ඇතිවන ආමාශික තුවාල සදහා සුවය ලබාදීමට මී පැණි දිනපතා පරිභෝජනයෙන් හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ආමාශය , ගර්භාශය ආසන්නයේ ඇති බැවින් එවැනි තුවාල මගින් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ඔබට වෛද් උපදෙස් මත මී පැණි දිනපතා පරිභෝජනය කළ හැකියි

 

5. නින්ද නොයෑමේ රෝගයට ප්‍රතිකාරයක් – නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමටත් ආතතිය සමනය කිරීමටත් හැකියාවක් මී පැණිවලට ඇති අතර ගර්භණී සමයේ ඔබටත් නින්දයෑමේ අපහසුතා ඇතිනම් මීපැණි සමග උණුසුම් කිරි වීදුරුවක් පානය කළ හැකියි

 

6. අසාත්මිකතා වළක්වා ගැනීමට උපකාරී වෙනවා – මී පැණි නිතිපතා ආහාරයට ගැනීම ගර්භණී සමයේදී ඇතිවිය හැකි විවිධ ආසාදන මගින් ආරක්ෂාව සලසා ගැනීමට සහය වනවා

 

7. හිස් කබලේ සම ආරක්ෂා කරයි – බැක්ටීරියා නාශක සහ ප්රතිදිලීර ගුණ හිස්කබලේ ඇතිවන කැසීම්,තුවාල වැනි තත්ත්වයන්ට ප්රතිකාරයක් ලෙස ක්රියා කරනවා. උණුසුම් ජලය සමග මී පැනි මිශ් කර හිස් කබලේ ආලේප කිරීමෙන් හිස්කබලේ ඇතිවන හිස් හොරි සහ කැසීම් වලින් සහනය ලබාගත හැකියි

 

ගර්භණී ඔබට කොපමණ මි පැණි ප්රමාණයක් පරිභෝජනය කළ හැකිද?

 

ඕනෑම ආහාරයක් පමණ ඉක්මවා ලබාගැනීම සුදුසු නැහැ. විශේෂයෙන් ගර්භණී සමයේදි නියමිත ප්රමාණයට ආහාර ගැනීම සුදුසුයි. ඔබ ගර්භණී නම් දිනකට මී පැණි මේස හැඳි 3 ත් 5 ත් අතර ප්රමාණයක් ආහාරයට ගැනීම ප්රමාණවත්. ඉන් ඔබගේ දෛනික කැලරි අවශ්යතාවයෙන් 180 සිට 200 දක්වා ලබාගත හැකියි

 

ගර්භණී සමයේ මී පැණි ආහාරයට ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

 

  • මී පැණිවල ස්වභාවික ග්ලූකෝස් අඩංගු වන බැවින් ඇතැම්විට ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම කෙරෙහි බලපෑම් කළ හැකියි. එමනිසා ඔබ ගර්භණී සමයේ ඇතිවන දියවැඩියා තත්ත්වයෙන් පීඩා විඳින්නේ නම් හෝ දැනටමත් පළමු හෝ දෙවන වර්ගයේ දියවැඩියාවප්රතිකාර ගන්නේ නම් මී පැණි පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් වෛද් උපදෙස් ලබාගත යුතුයි

 

  • මී පැණි පරිභෝජනයෙන් ආසාත්මිකතා ඇතිවීමේ සම්භාවිතාවය ඉතා අඩු වුවද අධික ලෙස පරිභෝජනයෙන් බඩේ කැක්කුම, උදරයේ අපහසුතා, පාචනය, බඩ පිපීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි

 

හොඳ මී පැණි තෝරාගන්නෙ කෙසේද?

 

පිරිසිදු මී පැණි මිලට ගැනීමට ඇති සුදුසුම ක්රමය වන්නේ මී පැණි සකස්කරන ගොවිපලකින් මිලට ගැනීමයි. පැස්චරීකරණය නොකළ මී පැණිවල සියළු එන්සයිම, ප්රතිඔක්සිකාරක, ඛණිජ සහ ප්රයෝජනවත් සංයෝග මෙන්ම පරාග, අපවිත් දේ සහ හානිකර ක්ෂුද් ජීවීන් වැනි දේද අන්තර්ගතයි. එමනිසා සෑමවිටම මී පැණි තෝරාගැනීමේදි පිරිසිදු සහ විශ්වාසදායක සන්නාමයකින් මිලදී ගත යුතුයි

 

එමෙන්ම වෙළඳපොලේ ඇති ඇතැම් මී පැණි වර්ගවල ඉරිඟු සිරප්, පිෂ්ඨය, පිටි, සීනි සිරප් සහ වෙනත් රසකාරක අඩංගු වන බැවින් ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් විය යුතුයි

 

පිරිසිදු හා මිශ් කළ මී පැණි අතර වෙනස 

පිරිසිදු මී පැණි මිශ්‍ර කළ මී පැණි
ඇඟිලි වලින් අල්ලනවිට ඇලෙන සුලු නොවේ තරමක් දුරට ඇලෙන සුලුයි
ඝනත්වයෙන් වැඩියි ඝනත්වයෙන් අඩුයි
ජලයේ දියවීමට කාලය ගතවන අතර දිය වූ පසු භාජනයේ අඩියේ ගැටිත්තක් මෙන් ඉතිරි වේ ජලයේ පහසුවෙන් දියවෙයි
පරාග හෝ වෙනත් දේ අඩංගුයි පිරිසිදු බවින් වැඩියි
බ්ලොටින් කඩදාසියකට මීපැණි බිංදුවක් එක්කළ පසු ඉක්මණින් උරා නොගනී. අවශෝෂණය නොවෙයි බ්ලොටින් කඩදාසි මත ඉක්මණින් උරා ගනී (අවශෝෂණය වෙයි)

 

මී පැණි පරිහරණයේදි සැලකිලිමත් විය යුතු කාරණා

 

  • මී පැණිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථයන්ට හානිවිය හැකි බැවින් උණුසුම් ජලයට මිශ් කිරීමෙන් වළකින්න
  • විටමින් C සහ D බහුල ආහාරවල පෝෂණ අගය හීන වීමට බලපාන ඛනිජ ලවණ මීපැණිවල අඩංගු වනවා
  • ඇතැම් පුද්ගලයන්ට මී පැණි සමග බීන් කර්ඩ්/ ටෝෆූ ආහාරයට ගැනීමෙන් අජීර්ණ හා උදරාබාධ ඇතිවිය හැකියි

 

«

»