Search here...
TOP
පෝෂණ​ය

ඉතුරු වෙන පාන් වලින් රසම රස චොකලට් බ්‍රෙඩ් පුඩින් එකක් හදමු

පාන් කියන්නෙ ඕනෙම ගෙදරක නිත​රම තියෙන කෑමක්. ඉතින් මේව නොකා ඉතුරු වෙන වෙලාවලුත් ඕන තරම්. එහෙම ඉතුරු වෙන පාන් වලින් හැමදාම හදන බ්‍රෙඩ් පුඩින් එකට වඩා වෙනස් විදියට රසම රස චොකලට් බ්‍රෙඩ් පුඩින් එකක් හදන හැටියි අද අරන් ආවෙ. මීට පස්සෙ පාන් අහක දාන්න එහෙම එපා.

 

හොට් චොක්ලට් බ්‍රෙඩ් පුඩිං 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කිරි කෝප්ප 3
  2. කොකෝවා පව්ඩර් මේස හැඳි 2
  3. සීනි කෝප්ප 1
  4. වැනිලා ටිකක්
  5. චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/4
  6. බිත්තර 4
  7. කෑලි කපාගත් පාන්පෙති කෝප්ප 3
  8. චොක්ලට් චිප්ස් කෝප්ප 1

 

 

විපින් ලේයර් එකට

 

 

  1. විප්ක්‍රීම් කෝප්ප 2
  2. චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/2

 

 

  • කිරි ටික පෑන් එකට දාලා කොකෝවා පව්ඩර් ටිකත් දාලා වැනිලා හා සීනි දාලා ලිපේ තියන්න. 
  • ටිකකින් චොප්කරගත් ඩාක් චොක්ලට් ටිකත් දාලා උණු කරගන්න. වෙනම බෝල් එකක බිත්තර ටික බීට් කරලා චොක්ලට් මිශ්‍රණයට දාලා කැටි ගැහෙන්නෙ නැතිවෙන්න ඉක්මණින් විස්ක් කරගන්න. 
  • දැන් කපාගත් පාන් ටික මේකට දාලා කලවම් කරලා බටර් ගාගත් බේකින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 
  • ඩාක් චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා නිවෙන්න තියලා විප්ක්‍රීම් වලට දාලා ස්ටිෆ් වෙනකල් බීට් කරගන්න. දැන් පුඩින් එකට උඩින් විපින් ෆ්‍රොස්ටින් එක දාගන්න.

 

«

»