මාධ්‍ය ඔබගේ දරුවාට ඇති කරන බලපෑම් මෙන්න මේවායි

වර්තමාන ළමා පරපුර අප කුඩා කලදී මෙන් එළිමහනේ සෙල්ලම් කිරීම ප්රිය නොකරන අතර ඔවුන් පරිඝණක, ජංගම දුරකතන හෝ ටැබ්ලට් වැනි තාක්ෂණික උපාංග භාවිතය සහ අන්තර්ජාල පරිහරණයපුරුදු වී තිබෙනවා. නමුත් මෙය දරුවා ප්රමාණය ඉක්මවා භාවිතා නොකරනතාක් දරුවාට එමගින් අහිතකර බලපෑමක් එල්ල වෙන්නෙ නැහැ. එය ඔවුන්ගේ අධ්යාපනයඵලදායි ලෙස යොදාගැනීමට ඔබට හැකියි

 

අහිතකර බලපෑම්

දරුවා ප්රමාණය ඉක්මවා ඩිජිටල් තිරයක් ඉදිරියේ කාලය ගත කිරීම අහිතකර බලපෑම් එල්ල කිරීමටද ඉඩ තිබෙනවා

  • දිනකට පැය 4කට වඩා රූපවාහිනිය ඉදිරියේ කල් ගතකරන දරුවන්ගේ බර වැඩිවීමට ඉඩ තිබෙනවා
  • ප්රචණ්ඩ ක්රියා සහිත වැඩසටහන් නරඹන දරුවන් තුළ ප්රචණ්ඩකාරි හැසිරීම් ඇතිවීමටත් බය දනවන දර්ශන නරඹන දරුවන් තුළ බියෙන් කල්ගත කිරීම් වැනි චරිත ස්වභාවයන් කෙරෙහි අහිතකර බලපෑම් එල්ලවීම
  • සාහසික ක්රියාවන් අඩංගු දර්ශන සහිත වැඩසටහන් නරඹන තරුණවියේ දරුවන් තුළ ආක්රමණශීලි හැසිරීම් ඇතිවීමේ අවධානම
  • රූපවාහිනියේ ප්රදර්ශනය වන වැඩසටහන් වල ඇතැම් චරිතයන් හි අන්තර්ගත දුම්පානය, මත්පැන් පානය වැනි දේ දරුවන් අත්හදා බැලීමේ ප්රවණතාවයක් ඇතිවීම
  • ඇතැම් විට රූපවාහිනි චරිතයන් ස්ත්රී පුරුෂ බලගැනිවීම් හෝ ජාතිවාදි හෝ වර්ගවාදි හැසිරීම් දිරිගැන්වෙන චරිත නිරූපණය කිරීම තුළින් දරුවන්ගේ මනස තුළ වැරදි ප්රතිරූපයක් ඇතිවීම

ඒ නිසා සෑමවිටම වැඩිහිටියකු ලෙස තම දරුවා රූපවාහිනිය ඉදිරිපිට කොතරම් වේලාවක් ගත කරන්නේද සහ දරුවා නරඹන්නේ කුමන ආකාරයේ වැඩසටහන්ද යන්න ගැන මනා අවබෝධයකින් යුක්ත වීම වැදගත් කාරණාවක්

 

ප්රවීණයන්ගේ නිර්දේශය වන්නේ,

  • මාස 18 දක්වා වන ළදරු වියේ පසුවන දරුවන් – මෙම වයසේ පසුවන දරුවන්ට විද්යුත් තිරයක් ඉදිරියේ කාලය ගත කිරීමට ඉඩ හැරීම සුදුසු නොවේ
  • මාස 18ත් මාස 24 ත් අතර කුඩා දරුවන් – දෙමවුපියන් හෝ රැකබලා ගන්නා පුද්ගලයා සමග පමණක් රූපවාහිනිය වැනි මාධ් නැරඹීමට ඉඩ දීම.
  • පෙර පාසල්වියේ දරුවන් – දෙමවුපියන් හෝ රැකබලා ගන්නා පුද්ගලයා සමග උපරිම පැයක පමණ කාලයක් අධ්‍යාපන වැඩසටහනක් වැනි දෙයක් නැරඹීමට ඉඩදීම.
  • අවුරුදු 5 සිට 18 දක්වා දරුවන් – රූපවාහිනිය, සමාජ මාධ්‍ය සහ වීඩියෝ ක්‍රීඩා වැනි දේට දෙමවුපියන් විසින් යම් සීමාවක් පැනවිය යුතුයි. දරුවාගේ දෛනික ක්‍රියාකාරකම් වලට තිරය ඉදිරිපිට ගතකරන කාලයෙන් බාධා එල්ල නොවිය යුතුයි.

 

මාධ් මගින් ඔබගේ දරුවාට වන බලපෑම

 

  • ප්‍රචණ්ඩකාරි දර්ශන නැරඹීම – බොහෝ වීඩීයෝ ක්රීඩා තුළ හොඳ නරක අතර ඝට්ඨනයන් පෙන්නුම් කරන අතර බොහෝවිට සතුරා සමග සටන් කරන අතර සතුරා මරා දමනා දර්ශන ඇතුළත් වෙනවා. ඒ නිසා මෙවැනි ප්රචණ්ඩකාරි සිදුවීම් දකින දරුවන් තුළ යම් මානසික ව්යාකූලතා ඇතිවීමේ ඉඩ වැඩි බව විශේෂඥයින් පවසනවා. ප්රචණ්ඩ දර්ශන නරඹන දරුවන් තුළ පහත පරිදි මානසික ව්යාකූලතා ඇතිවිය හැකියි
  • දරුවා බියට පත්වීම
  • හැසිරීමේ වෙනස්වීම් ඇතිවීම
  • සිහිනයෙන් බියවීම
  • නිදාගැනීමේ අපහසුව 
  • අවදානම් හැසිරීම් සහිත දර්ශන නැරඹීම – මත්පැන් පානය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, සිගරට් පානය කිරීම සහ නව යොවුන් වියේදි ලිංගික හැසිරීම් වැනි දේ ඇතැම් රූපවාහිනි සහ වීඩියෝ පට හි අඩංගු වෙනවා. විශේෂයෙන් සමවයසේ අනෙක් දරුවන්ට වඩා ලිංගික දර්ශන සහිත වැඩසටහන් නරඹන දරුවන් තුළ එවැනි දේට වැඩි නැඹුරුවක් ඇතිබව අධ්‍යනයන් මගින් හෙළිව තිබෙනවා.

 

ඒ නිසා එවැනි දේ කෙරෙහි ඇබ්බැහි වීම සිදුවිය හැකි බැවින් දරුවා නරඹන්නේ කුමන ආකාරයේ වැඩසටහන්ද සහ දරුවාට නැරඹිය හැක්කේ කුමන ආකාරයේ වැඩසටහන්ද යන ලෙසට යම් යම් සීමා කුඩා කල සිටම පැනවීම ඉතාමත් සුදුසු වනවා

 

තරබාරුව සමග සම්බන්ධය 

රූපවාහිනි හෝ වෙනත් වීඩියෝ වැනි ක්රීඩා වලට ඇබ්බැහි වී ඇති දරුවන් බොහෝ විට ක්රියාශීලි නොවන ජීවිතයක් ගත කරන අතර විවිධ කෙටි කෑම වලට ඔවුන් ප්රිය කරනු ලබනවා. විශේෂයෙන් අර්තාපල් චිප්ස්, කෝලා බීම වැනි දේ ඔවුන් වඩාත් ප්රිය කරනවා. එමඟින් අධික කැලරි ප්රමාණයක් පරිභෝජනයෙන් ඔවුන්ගේ සිරුරේ බර ඉහළ යෑම සිදුවනවා. ඒ නිසා සෑමවිටම දරුවාට එළිමහනේ ක්රීඩා කිරීමට පෙළඹවීමත් සෞඛ්යය සම්පන්න සමබර ආහාර වේලක් ලබාදීමත් කළ යුතු වනවා. එමෙන්ම දැනටමත් තරබාරු ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්සුදුසු ව්යායාම් කිරීමට පෙළඹවීමත් සිදුකළ යුතුයි

 

වෙළඳ දැන්වීම් මගින් එල්ල වන බලපෑම 

බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් වල අරමුණ වන්නේ තම නිෂ්පාදන ප්රචලිත කිරීමයි. නමුත් මෙය කුඩා දරුවන්ට වටහා ගත නොහැකි තත්ත්වයක්. විශේෂයෙන් අවුරුදු 6 වඩා අඩු දරුවන්ට රූපවාහිනි වැඩසටහන් වල සහ වෙළඳ දැන්වීම් හි වෙනස වටහා දිය නොහැකියි. ඒ නිසා ඔවුන් බොහෝ විට වෙළඳ දැන්වීම් තුළ අඩංගු වන දේ ඉල්ලීමට පුළුවන්. එවිට දරුවාට වෙළඳ දැන්වීම් මගින් ඉටුකරන කාර්යය සරලව වටහා දෙන්න. සෑමවිටම ඒවායින් ඉදිරිපත් වන්නේ මිනිසුන්ට අත්යවශ්යම දේ නොවන බව කියාදෙන්න

 

වෙළඳ දැන්වීම් නැරඹීමට යොමුවීම සීමා කරන්න

දැන්වීම් නොමැතිව පටිගත කරන ලද වැඩසටහන් නැරඹීමට දීම

වෙළඳ දැන්වීම් ප්රචාරය වන විට එය ඇසීමට නොහැකි ලෙස ශබ්දය අඩුකිරීම හෝ චැනලය මාරු කිරීම

වෙළඳ දැන්වීම් අඩංගු නොවන වීඩියෝ පට ගෙනවිත් දීම

 

දරුවා රූපවාහිනිය වැනි මාධ් භාවිතයට ඇබ්බැහි වීමට ඉඩ නොදී නිසි අවධානයකින් යුතුව කටයුතු කිරීම තුළ සහ දරුවා නරඹන දෙය ගැන අවබෝධයකින් යුක්ත වීමෙන් මාධ් හිතකර ලෙස ඔබට භාවිතා කළ හැකියි