කුඩා දරුවකු සඳහා කොපමණ ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවාද?

සෑම මවකටම වගේ ඔබටත් ඔබේ කුඩා දරුවාගේ ආහාර රටාව සම්බන්ධයෙන් ගැටළු ඇති. විශේෂයෙන්කොපමණ රසට හැදුවත් කන්නේ නැහැකියන එක සෑම මවක්ම වගේ නගන මැසිවිල්ලක්. ඇත්ත වශයෙන්ම දරුවකුගේ වර්ධනය සඳහා කොපමණ ආහාර ප්රමාණයක් අවශ් වනවාද සහ ඔබගේ දරුවා ඉන් ආහාර කොපමණ ප්රමාණයක් ලබාගන්නවාද යන්න සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද? දරුවා ප්රමාණවත් පරිදි ආහාර ලබාගන්නවාදැයි පරීක්ෂාවට සරල ක්රියාමාර්ග තිබෙනවා. මෙම ලිපිය මගින් සම්බන්ධයෙන් දැනුවත් වීමට ඔබට හැකියි

සාමාන්යයෙන් කුඩා දරුවන් වයස අවුරුද්ද පහු කළ පසු ආහාර ලබාදීම ඇතැම් විට ඉතා අසීරුයි. ඔවුන්ගේ අවධානය ආහාර වලට වඩා වෙනත් දේ සඳහා යොමුවන බැවින් ආහාර වේල සඳහා ඔවුන් තුළ ඇත්තේ අඩු අවධානයක්. ඒ නිසා ඔවුන් තුළ පෙළඹවීමක් ඇතිවන ආකාරයට ආහාර සැකසිය යුතු වනවා. එසේ නොමැති නම් ඔවුන්ගේ වර්ධනය සම්බන්ධ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙනවා. සාමාන්යයෙන් අවුරුදු 1 ත් 3 ත් අතර දරුවන් සඳහා දිනකට ප්රධාන වේල් 3ක් සහ අමතර ආහාර වේල් 2ක් ලබාදිය යුතු වනවා. ඔබේ දරුවා ප්රමාණවත් පරිදි ආහාර ලබා ගන්නේදැයි සම්බන්ධයෙන් ගැටළු තිබේනම් දරුවාගේ ආහාර වේල් සැලසුම් කිරීමේදි පහත කරුණු  ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙනවා

 

දරුවා දිනකට කොපමණ ප්රමාණයක් ආහාර ගත යුතුද?

 

ධාන්  – කුඩා ප්රාමාණ බැගින් 6 වරක් පමණ

එළවළු – 3 වරක්

පළතුරු – 2 වරක්

ප්‍රෝටීන් – 2 වරක්

කිරි  – අවුන්ස 16 – 24ක් පමණ හෝ යෝගට්, චීස් වැනි ආහාර

ජලය  – අවුන්ස 8ත් 32ත් අතර

පැණි රස කෑමදිනකට කුඩා ප්රමාණයක්

 

දරුවාගේ එක් වේලක් සඳහා අන්තර්ගත විය යුතු ආහාර ප්රමාණය

සාමාන්යයෙන් දෙමවුපියන් දරුවාගේ පිඟානටත් තමන් ආහාරයට ගන්නා ප්රමාණයම දමා දුන්නද දරුවන්ගේ උදරය ඉතා කුඩා නිසා දරුවන්ට ආහාරයට ගත හැක්කේ ඉන් කාලක් එසේ නැතිනම් හතරෙන් එකක ප්රමාණයක් පමණයි. එය වැඩිහිටියන් විදියට ඔබ අවබෝධ කරගත යුතු කාරණයක්. ඒ නිසා සෑම විටම දරුවාට ආහාර ලබාදෙන විට ඔහුට හෝ ඇයට ප්රමාණවත් තරමින් ආහාර ලබාදීමට සැලකිලිමත් විය යුතුයි

 

දරුවා ආහාර ප්රතික්ශේප කරනවිට කුමක් කළ යුතුද?

දරුවාගෙ කුස පිරෙන තරමට ආහාර ගත් පසු නැතිනම් ඔහු හෝ ඇය ප්රමාණවත් පරිදි ආහාර ලබාගත්තේ නම් තවදුරටත් ආහාර ගැනීමට බල නොකරන්න. එමගින් පසු කාලිනව දරුවා අධික තරබාරුවෙන් සහ ප්රමාණය ඉක්මවා ආහාර ගැනීමෙන් මග හැරීමට උපකාරි වනවා

දරුවා ආහාර ගැනීම ප්රතික්ශේප කරනවා නම් ඔහුට හෝ ඇයට කොපමණ ප්රමාණයක් කිරි හෝ අනෙකුත් යුෂ වර්ග දෙන්නේදැයි බලන්න. ඇතැම් විට ආහාර රුචිය අඩුවීමට එය එක් හේතුවක් වනවා

දරුවා ප්රිය කරන ආකාරයට විවිධ වර්ණ සංයෝජනයකින් යුතු ආහාර සකස් කරන්න

කිසිවිටක ආහාර ලබාගන්නා මෙන් දරුවාට බල කිරීමෙන් වළකින්න

නිවසේ අන් අය ආහාර ලබාගන්නා අවස්ථාන්ට දරුවාද එක් කරගන්න

සෑමවිටම ආහාර වේල් අතර නිසි පරත්රයක් තබාගෙන දරුවාට ආහාර ලබාදිය යුතුයි

 

දරුවා සෑම ආහාර වේලකදීම ඔබ දෙනු ලබන සියල්ල අනුභව කරනවාට වඩා මවක විදියට ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ දරුවාට නිසි වයසට අදාල සමබර පෝෂණය ඔබ ලබා දෙන ආහාර පාන මගින් ලැබෙනවාද යන කාරණයටයි. මොකද දරුවා කොපමණ ප්රමාණයක් ආහාර ලබාගත්තත් ඔහුට හෝ ඇයට අවශ් නිසි පෝෂණය නොලැබේ නම් එය දරුවාගේ නිසි කායික සහ මානසික වර්ධනය කෙරෙහි අහිතකර විදියට බලපානු ලබනවා

ඒ නිසා සෑමවිටම නිසි පෝෂණයකින් යුතු ආහාර පාන දරුවාට ලබාදෙන්න. ක්රියාශීලීව කාලය ගත කිරීමට ඉඩ ප්රස්ථාව ලබාදෙන්නමාසිකව දරුවාගේ බර මැන බැලීමෙන් වර්ධනය  ගැන අවබෝධයක් ඔබට ලබා ගත හැකියි. දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් යම් ගැටළුවක් තිබේ නම් දරුවාගේ වෛද්යවරයා හමුවී උපදෙස් ලබා ගැනීමටත් ඔබට පුළුවන්