නිශ්ශබ්දව සිටීම ඔබේ සහකරු/ සහකාරිය සමඟ ඇති සබඳතාවට බලපාන්නේ කොහොමද?

නිශ්ශබ්දතාවය රන් හා සමාන බව ඔබ අහල ඇති. නමුත් හැමවිටම නිශ්ශබ්දතාව ප්රයෝජනවත් වෙනවාද? විශේෂයෙන් සම්බන්ධතාවලදී. බොහෝවිට නිශ්ශබ්දතාවය සම්බන්ධතා ආරක්ෂා කරනවා. ගැටළුකාරී අවස්ථා වලින් මගහැර සිටීමට හොඳම විසඳුමක් නිශ්ශබ්දතාවය. නමුත් සෑම විටම නිශ්ශබ්දව සිටීම ගැටළු වලට විසඳුමක්ද? විශේෂයෙන් පවුල් ජීවිතයේදී ඔබගේ නිශ්ශබ්දතාවය ඔබගේ සහකරුට හෝ සහකාරියට, දරුවන්ට බලපාන්නේ කොහොමද? අද අපි සම්බන්ධව විමසා බලමු.

නිශ්ශබ්දව සිටීම ඕනෑම සම්බන්ධතාවයක් තුළ දකින්න පුළුවන්. ඔබගේ ප්රතිචාරය අනිත් පුද්ගලයාට ඒත්තු ගැන්වීමට නොහැකි නම් නිහඬවීම වඩා සුදුසුයි. සමහර ගැටුම්කාරී අවස්ථාවන් මග හැරීමටද මෙය ප්රයෝජනවත් වනවා. නමුත් සම්බන්ධතාවයකදී නිශ්ශබ්දතාවයේ ස්වරූපය සහ කාලසීමාව පිළිබඳ සිතා බලන්න ඕනෙ. නිශ්ශබ්දතාවය මගින් ඇතැම්විට පුද්ගලයකු ශාරීරික වේදනාවට වඩා වැඩි මානසික වේදනාවක් අත්විඳිනවා.

 

නිහඬ හැසිරීම යනු? What is Silent Treatment 

නිශ්ශබ්දතාවයෙන් සිටීම යනු වාචික සන්නිවේදනයෙන් වැළකී සිටීමයි. නිහඬව සිටින පුද්ගලයා අසල තව කෙනෙකු ඉන්නවා නම් පිළිබඳව පවා නොසලකා සිටිනවා. දීර්ඝකාලීන නිශ්ශබ්දතාවයේ ප්රතිඵලයක් විදියට අනෙක් පුද්ගලයා කෝපයට, කළකිරීමට හෝ වෙහෙසට පත් වෙන්න පුළුවන්. සමහර සම්බන්ධතා වලදී හෝ විවාහ ජීවිතයේදී නිහඬව සිටීමට බොහෝ පුද්ගලයින් පෙළඹී සිටිනවා. මෙසේ සිටීමට කැමති වීමට බල බලපාන හේතු කාරණා තියෙනවා. වඩාත් පොදු හේතු කිහිපයක් අපි සඳහන් කරන්නම්.

 

විවාහ තුළදී මිනිසුන් නිහඬ වීමට හේතු

1. අනෙකාගෙ හිත රිදෙන දෙයක් පැවසීමෙන් වැළකීමට

ඕනෙම සම්බන්දතාවයකදී ගැටුම් හා එකඟ නොවීම් බහුලව දක්නට ලැබෙනවා. බොහෝ විට තමන් පසුතැවිලි විය හැකි හෝ අනෙක් පුද්ගලයාට රිදවන දේවල් පැවසීමෙන් ගැටුම් කෙළවර වනවා. ඒ නිසා ඇතැම් පුද්ගලයින් තර්කයේ උපරිම අවස්ථාව පැමිණෙන විට නිහඬව සිටීම දක්නට ලැබෙනවා.

 

2. පාලනය පෙන්වීමට

බොහෝවිට නිහඬතාවය සහකරු හෝ සහකාරිය නැතහොත් දෙමාපියන් පාලනය කිරීමට හෝ ඔවුන් තම අභිමතය පරිදි හැසිරවීමට යොදා ගන්නවා.

 

3. වගකීම් වලින් වැළකී සිටීමට

සමහර පුද්ගලයින් තම සහකරු හෝ සහකාරියගේ වචන නොසලකා හැරීම හෝ ඔවුන්ගේ ක්රියාවන් හෝ වැරදි සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමෙන් වැළකී සිටීම නිහඬතාවය භාවිතා කරනු ලබනවා.

 

4. එය මෙවලමක් විදියට භාවිතා කිරීමට

සම්බන්ධතාවයකදී අනිකාට රිදවීමට නැතහොත් දඬුවම් කිරීමට පලි ගැනීමට හැකි මෙවලමක් විදියට ඇතැමුන් නිශ්ශබ්දතාවය භාවිතා කරනවා.

 

නිශ්ශබ්දතාවයට එරෙහිව නිශ්ශබ්දතාවය / Silent Treatment vs Silence

නිශ්ශබ්දව සිටීම බොහෝ විට හොඳයි. නමුත් සම්බන්ධතාවයකදී දිගින් දිගටම නිශ්ශබ්දව සිටීම වෙනස් දෙයක්. ඇතැම් විට නිශ්ශබ්දතාවය ධනාත්මක විදියට දකින්න පුළුවන්. එය සහකරුවෙක්‍ සමග හෝ දෙමව්පියන් සමග හෝ වේවා ඕනෑම පුද්ගලයෙකු විසින් උණුසුම් සාකච්ඡාවක් අතරතුර යම් කාලයක් නිහඬව ගත කිරීම, ගැන සිතීම සහ සාකච්ඡාව හෝ ප්රශ්නය දෙස නිසි දැක්මක් ඇති කර ගැනීම සඳහා ගත හැකි පියවරක්. එය සාමාන්‍ය නිශ්ශබ්දතාවයක් විදියට දකින්න පුළුවන්

නමුත් සහකරු හෝ සහකාරිය, මව්පියන් හෝ දරුවන් දිගින් දිගටම ඔබගෙන් යමක් අසන විට දිගින් දිගටම නිහඬව සිටීම නිශ්ශබ්දතාවයෙන් හැසිරීම නැත්නම් Silent Treatment කියා අර්ථ දක්වන්න පුළුවන්. ඇතැම්විට අයහපත් තත්ත්වයක් උත්සන්න වීම වළක්වා ගැනීමට යම් පුද්ගලයෙකු නිශ්ශබ්ව සිටින්න පුළුවන්

 

නිශ්ශබ්දතාවය සම්බන්ධතාවයකට නරක ලෙස බලපෑමේ ආරම්භය

සමහර ගැටුම් වළක්වාගන්න නිශ්ශබ්දතාවය සාර්ථක මෙවලමක් වෙන්න පුළුවන් නමුත්, යම් කෙනෙකු තම සහකරු හෝ සහකාරිය හෝ දරුවන් කෙරෙහි තම පාලනය පෙන්වීමට උපක්රමයක් විදියට හෝ යමක් ඒත්තු ගැන්වීමේ මෙවලමක් විදියට නිශ්ශබ්දව ඉන්නවා නම් එය සම්බන්ධතාවයක් කෙරෙහි අනිසි විදියට බලපානවා. උදාහරණයක් විදියට ස්වාමිපුරුෂයා සති ගණනාවක් පුරා භාර්යාව සමඟ කතා නොකර සිටිනවා නම් ඇත්තටම එය අපයෝජනයක් විදියට සලකන්න පුළුවන්

 

නිශ්ශබ්දතාවය අනිසි විදියට යොදාගන්නා අවස්ථා

  1. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ ගැන කළකිරී සිටින විට හෝ කලබල වූ සෑම අවස්ථාවකම නිශ්ශබ්දව සිටිනවා නම්.
  2. ඔවුන් ඔබව පිළිගැනීම ප්රතික්ෂේප කරන විට හෝ ඔබ ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟ වන තෙක් හෝ ඔබ සමග කතා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින තුරු නිශ්ශබ්දව සිටිනවා නම්.
  3. ඔබ සමාව ඉල්ලන තුරු ඔවුන් නිහඬව සිටිනවා නම්.
  4. අනෙකාගේ නිශ්ශබ්දතාවය ඔබට දඬුවම්ක් විදියට හැඟෙන විට ඔබ බලාපොරොත්තු නොවන ආකාරයට හැසිරෙනවා නම්.
  5. නිශ්ශබ්දතාවයට ලක්වීමට පෙර ඔබේ හැසිරීම් වෙනස් කර ගැනීමට උත්සාහ කරන විටදී.

 

අද Baby and Me අපි මේ ලිපියෙන් උත්සහ කළේ නිශ්ශබ්දව සිටීම සම්බන්ධතාවයකට බලපාන්නෙ කොහොමද සහ එහි ස්වභාවය හඳුනාගන්න ඔබට යම් දැනුමක් එක් කරන්නයි. නිශ්ශබ්දතාවය කියන දඬුවමට ඔබ ලක් වෙලාද එහෙනම් ඒ ගැන කරන්න පුළුවන් මොනවාද යන්න ගැන අපි ඉදිරි ලිපියකදී දැනුවත් වෙමු.