Search here...
TOP
ළමා මන​ස

ඔබගේ යොවුන්වියේ පසුවන දරුවා අපහසුතාවයට පත්කිරීමෙන් වළකින්නෙ කෙසේද?

කාලය වේගයෙන් ගතවන අතර මෙතෙක් ඔබ සමග සුරතල් වෙමින් කාලය ගතකළ කුඩා දරුවා නව යොවුන් වියේ සිටින්නකු විය හැකියි. මෙම වයසේ දරුවන් තුල විවිධ ශාරීරික සහ මානසික වෙනස්කම් දැකිය හැකි අතර දෙමවුපියන් ලෙස ඔබ සම්බන්ධව දැනුවත් වී සිටීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දැනුවත්ව හෝ නොදැන ඔබගේ හැසිරීමෙන් ඔබගේ දරුවා අපහසුතාවයට පත්විය හැකියි. ඒ නිසා දෙමව්පියන් ලෙස ඔබගේ ක්රියාවන් හේතුවෙන් දරුවා අපහසුතාවයට පත් නොවන බවට සෑමවිටම වගබලාගත යුතුයි. විශේෂයෙන් ඔබ නිතර අන් අය ඉදිරියේ ඔබගේ දරුවා අපහසුතාවයට පත් කරන්නේ නම් ඔබ නොදැනුවත්වම විරුද්ධවාදියකු සාදාගන්නවා විය හැකියි

 

දරුවා ප්රසිද්ධියේ අපහසුතාවයට පත්කිරීම වළක්වාගත හැකි ක්රම

 

  1. ඔබේ යෞවනයා අපහසුතාවයට පත් කළ හැකි ප්රධාන ක්රම දෙකක් වන අතර ඉන් එකක් වන්නේ දරුවාගේ ස්වාධීනත්වයට අභියෝග කරමින් දරුවා සම්බන්ධයෙන් ඕනෑවට වඩා කලබල වීමයි. අනික් කරුණ නම්ඔබ ඔබගේ වයසට උචිත නොවන ආකාරයට හැසිරෙනවායන හැඟීම ඇතිවීමයි. ඒ නිසා ඉක්මණින් ඔබ එය මගහැරිය යුතුයි

 

  1. ඇතැම් විට ඔබ ඔබේ දරුවා අපහසුතාවයට පත්කරන බව ඔබට නොපෙනේ. ඒ නිසා ඇතැම් අවස්ථාවල දරුවා ඔබට දක්වන ඉඟි සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි මෙන්ම ඒවාට අවනත විය යුතුයි

 

  1. සෙනග ගැවසෙන ස්ථාන වලදී දරුවාට බැන වැදීමෙන් හෝ තරවටු කිරීමෙන් වළකින්න. විශේෂයෙන් ඔහු හෝ ඇයගෙ මිතුරන් ඉදිරියේ බැණවැදීම, තරවටු කිරීම නොකළ යුතුයි

 

  1. ලෝකය වෙනස් වී ඇති බැවින් ඔබගේ නව යොවුන් වියේදී ඔබ සතුටට පත්කල දේවල් වර්තමාන කාලයට නොගැලපීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබගේ නව යොවුන් වියේ පසුවන දරුවාට කිරීමට බල කිරීමෙන් වැළකිය යුතුයි

 

  1. ඔබ ඔබේ දරුවාට ඉතාමත් දැඩිව ආදරය කරනවා ඇති. නමුත් එම ආදරය පිරිසක් ඉදිරියේ ප්රකාශ කිරීමට යාම හෝ එය දැනෙන ආකාරයට හැසිරීමෙන් ඔබේ දරුවා ඇතැම් විට අපහසුතාවයට පත්විය හැකි බැවින් ඔබ සම්බන්ධයෙන් සලකිලිමත් විය යුතුයි. දරුවා සමග කතා කිරීමට ඔබ දෙදෙනාටම පහසු වේලාවක් වෙන්කර ගන්න

 

  1. ඔබගේ දරුවාගේ වැරදි, ප්රියකරන දේ, විනෝදාංශ වැනි පෞද්ගලික දේ පිරිසක් ඉදිරියේ පැවසීමෙන් වැළකිය යුතුයි. දෙමවුපියන් ලෙස ඔබ දරුවාගේ පෞද්ගලිකත්වයට ගරුකළ යුතු වනවා

 

  1. යම් අවස්ථාවක ඔබගේ හැසිරීමෙන් දරුවා අපහසුතාවයට පත්ව ඇති බව ඔබට වැටහුනොත් දරුවාගෙන් සම්බන්ධව සමාව ඉල්ලිය යුතුයි

 

  1. අසීරු අවස්ථාවකදී වුව දරුවාට තමා වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ ලබාදෙන්න. දරුවාගේ ආත්ම විශ්වාසයට හානිවන සේ ඔහුව හෝ ඇයව සුරතල් කිරීමට හෝ උදව් කිරීමට යාමෙන් වළකින්න

 

  1. දරුවාට මිතුරන් සිටීනම් ඔවුන් සමග ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැකෙන පරීදි සිටීමට ස්ථානයක් ලබාදිය යුතුයි. නමුත් විපරමෙන් සිටිය යුතුයි

 

  1. ඔබ අන් වැඩිහිටි පුද්ගලයන්ට සලකන ආකාරයට ඔබගේ නව යොවුන් වියේ සිටින දරුවාටද සළකන්න. එමගින් දරුවා අපහසුතාවයට පත්වන බොහෝ අවස්ථා මගහැර ගත හැකියි

 

 

«

»