හොඳ අත්තම්මා කෙනෙක් වෙන්නේ මෙහෙමයි

මුණුබුරු, මිනිබිරියන් අම්මයි තාත්තාටයි පස්සේ වැඩියෙන්ම ආදරේ කරන්නේ ආචිචිටයි සීයාටයි තමයි. ඉතිං පොඩ්ඩෝ ඔයාට ආච්චි කියලා කතා කරනවා. නමුත් ඔයා ඇත්තටම හොඳ අත්තම්මා කෙනෙක්ද? පවුලේ සිටින අත්තම්මා සමග දරුවන් සමීප කිරීම ඉතාම වැදගත්. අත්තම්මා අපි හැමෝටම කොන්දේසි විරහිතව සහයෝගය දක්වන අතර ඇයට පොඩි ළමයින්ගේ ආදරය සහ විශ්වාසය ලේසියෙන්ම දිනා ගන්න පුළුවන්. අද baby and me අපි ඔයාට මුණුබුරු මිණිබිරියන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරුණු හතක් ගැන කියලා දෙනවා. 

 

අද කාර්යබහුලත්වය නිසා අම්මා තාත්තාගේ ආදරය දරුවන්ට අහිමි වෙනවා. දරුවන්ට අම්මායි  තාත්තායි දක්වන සෙනෙහස ආදරය තමන්ගේ ආච්චි සීයා වෙතින් නොඅඩුව ලබා ගන්න පුළුවන්. දරුවෙක්ව ගුණ යහපත්ව උස් මහත් කරන්න නම් අත්තම්මාගේ ආදරය ඕන කරනවා. 

 

කොන්දේසි විරහිත වන්න

මුණුබුරු මිනිබිරියන් විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් හා ආකල්පවලින් යුක්ත වන අතර විවිධ ගුණාංග හා විචක්ෂණශීලී බවින්ද යුක්තයි. දරුවන් එකිනෙකා අතර ඇති වෙනස්කම් නොසලකා හැර එක හා සමානව කොන්දේසි විරහිත ආදරය කරන්න.

 

සමාව දෙන්න

මුණුබුරන්ගේ සෙල්ලක්කාර වැඩ නිසා යම් ආකාරයකින් ඔයාට දැඩි කේන්තියත් සමගම පසුතැවිලි සිදු වෙන අවස්ථා ජිවිතයේ හමු වෙන්න ඇති. නමුත් ඔවුන්ගේ දඟකාර වැඩ වලට සමාව දෙන්න. 

 

නිර්මාණශීලී වන්න

යල් පැනපු විදිහට හිතන්නේ නැතිව අලුත් ක්‍රියාකාරකම් අත්හදා බලන්න, කතන්දර නිර්මාණය කිරීම සහ දරුවන් සමග හොඳින් සම්බන්ධ වීමට ක්‍රම සොයන්න. එකට එකතු වීමට, එකට සෙල්ලම් කිරීමට, එකට පුදුම වීමට, ඉගෙන ගැනීමට, සිනාසීමට අවස්ථා උදා කරගන්න. 

 

ඔයා ළඟ නැති විටදී පවා ඔවුන් ළඟින් සිටින්න

මුණුබුරු මිණිබිරියන් සමඟ සිටින විට, ඔවුන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. දරුවන් ඔයාගෙන් වෙන්ව සිටින විට, දුරකථනයෙන් කතා බහා කරලා යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න. තාක්‍ෂණය සමග වැඩ කරන්න ආච්චිලා සීයලා දැන ගන්න ඕනේ. ඔයා දුරින් සිටියත් දුක සැප ගැන දැන ගැනීමට ලැබෙන නිසා දෙපාර්ශ්වයටම සැනසිල්ලක් දැනෙනවා.

 

දරුවන්ගේ පිටුපසම ඉන්න

මුණුබුරන් තමන්ගේ ජීවිතවල අත්තම්මා වෙනුවෙන් විශාල ඉඩක් වෙන් කර ගන්නවා. ඔයාව මුණුබුරන්ගේ ජීවිතයේ වැදගත් කොටසක් කර ගන්න. දරුවන්ගේ දුර්වල, අඩුපාඩුකම් වලදී ඔවුන් ළඟ රැඳෙමින් නිවැරදි දේ කියා දෙන්න. එවිට දරුවන්ට ඔයාව නැතිවම බැරි වෙනවා.

ඔබම වන්න

පොඩි දරුවන් ජනප්‍රිය කෙනෙක්ව ආදර්ශයට ගෙන ඔවුන් යන මග ගමන් කරන්න ආසයි. දරුවන්ගේ ලෝකයේ වීරයා ඔයා වෙන්න උත්සාහ කරන්න.  ඔයා අන් අය සමඟ ඔයාව සංසන්දනය කරනවා වෙනුවට ඔබම වන්න. එවිට සැහැල්ලුවක් දැනෙයි. ඔයාගේ මුණුබුරු මිනිබිරියන් අපේක්ෂා කරන දේ කරන්න.