ඔබගේ නව යොවුන්වියේ දරුවාට සාර්ථක දෙමවුපියකු වන්නේ කෙසේද?

නව යොවුන් වියේ දරුවෙකුගේ දෙමාපියෙකු වීම සැබැවින්ම අභියෝගාත්මක කාර්යයක්. එක් මොහොතක ඔබේ මිතුරා වන ඔහු හෝ ඇයට නිතර ඔබව අවශ් බව පවසන අතර අනෙක් මොහොතේ ඔබව නොසලකා හරිමින් ඔවුන්ටම ආවේණික ලෝකයක ජීවත් වනවා. මෙවැනි අවස්ථාවලදී දෙමවුපියන් ලෙස ඔබව ව්යාකූල තත්ත්වයට පත්වනවා ඇති. ඔබ දරුවාට හොඳ මිතුරකු වනවාද එසේ නැතිනම් හොඳ මවක හෝ පියකු වනවාද යන ගැටළු ඔබටත් ඇති. නමුත් අනවශ් ලෙස කලබල වීම අවශ් වන්නේ නැහැ. ඔබ පමණක් නොවේ නව යොවුන් වියේ දරුවන් සිටින සෑම දෙමවුපියකු හටම මෙම ගැටළුව තිබෙනවා. කෙසේ නමුත් ඔබ දරුවාට මිතුරකු වීමට පෙර හොඳ මවක හෝ පියකු වීම අත්යවශ් වනවා

ඔබේ නව යොවුන් දරුවාට ඔබව අවශ් නැති බව ඔබට පෙනුනත්, වෙන කවරදාටත් වඩා මේ වයසේදී දරුවන්ට දෙමාපියන් අවශ්යි. ඔවුන් ඔබට ඇහුම්කන් නොදෙන බවට ඔබ සිතුවත් ඇත්ත වශයෙන්ම ඔවුන් තීරණ ගැනීමේදි ඔබගේ ආකල්ප, ක්රියාවන් සහ අදහස් ගැන සැලකිලිමත්. මෙම වයසේ දරුවන් බැරෑරුම් අධ්යනයන්, මිතුරු මිතුරියන් ආදි විවිධ දේ නිසා එක්වරම කාර්යබහුල කාලසටහනකට මුහුණදීමට ඔවුන්ට සිදුවනවා. මෙම කාලසීමාව ඔවුන්ගේ මනසට ආතතියක් ගෙනදෙන අතර ඔබ ඉතා සියුම්ව කල්පනාකාරීව දරුවා සමග කාලය ගත කරමින් ඔහු හෝ ඇයව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. දරුවාට ඇහුම්කන් දෙමින් ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීමට හොඳ සබඳතාවක් ගොඩනගා ගැනීම වැදගත් වනවා

 

දරුවාට මවක/පියකු වෙනවාද? නැතිනම් මිතුරකු වෙනවාද?

 

ඔබ දෙමවුපියන් ලෙස දරුවාට තද නීතී රීති දමමින් කටයුතු කිරීම දරුවාට ඔබ සමග මනා සබඳතාවයක් පවත්වා ගැනීමට බාධාවක් විය හැකියි. එමගින් දරුවා ඔබගෙන් ඈත්වීමට වුවද ඉඩ තිබෙනවා. කළ යුත්තේ දරුවා අපහසුතාවයට පත් නොකර සහ හොඳ සබඳතාවක් ඇතිකර ගැනීමමධ්යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීමයි. දරුවාට මිතුරෙකු අවශ් වූ විට මිතුරෙකු වන්න, නමුත් ඔබ ඔහුගේ හෝ ඇයගේ මව හෝ පියා බව පෙන්විය යුතු අවස්ථාවලදී එය පෙන්වීමට පසුබට නොවිය යුතුයි. මෙම ක්රමයෙන් ඔබට දරුවාගේ මිතුරා විය හැකියි

 

නව යොවුන්වියේ පසුවන දරුවා සමග මනා සබඳතාවයක් ගොඩනගා ගන්නා ආකාරය

 

දරුවාගේ ජීවිතය සම්බන්ධයෙන් දැනගැනීමට උනන්දුවන්න

 

දරුවාගේ මිතුරු මිතුරියන් කවුදැයි ඔබ දැන සිටීම වැදගත්. ඒ නිසා දරුවා ඔහුගේ හෝ ඇයගේ මිතුරු මිතුරියන්ටද සාද දැමීමට ඔබගෙන් ඉල්ලීම් නොකළත් ඔබ එම මිතුරන් කවුදැයි යන්නත් ඔවුන්ගේ දෙමවුපියන් පවුල් පසුබිම ආදිය දැන සිටීම වැදගත්. විශේෂයෙන් ඔබේ දරුවා මේ මොහොතේ කා සමග කුමක් කරනවාදැයි යන්න ඔබ සෑම විටම දැන සිටිය යුතුයි

 

රහස්යභාවය රැකගන්න

ඔබේ දරුවා ඔබ විශ්වාස කර යමක් ඔබ හා බෙදා ගත්තා නම් ඔබ එහි රහස්යභාවය රැකිය යුතු අතර අවශ් නම් පමණක් මග පෙන්වීම සිදුකළ යුතුයි. දරුවා ගැන පසුව විවේචනය නොකළ යුතු අතර එසේ වුවහොත් දරුවා ඔබට කරුණු පැවසීමට පසුබට විය හැකියි. විශේෂයෙන් අත්යවශ් කරුණකදී හැර දරුවාගේ මිතුරන් විවේචනය කිරීමෙන් වැළකිය යුතුයි

 

දරුවා සූදානම් මොහොතක කතා කරන්න

 

සෑමවිටම දරුවා සමඟ වාද කිරීමෙන් වළකින්න. මන්ද ඔබ දෙදෙනාම හැඟීම්බර වී අදහස් ප්රකාශ කිරීමට යාමෙන් ඔබ අදහස් නොකරන දෙයක් පැවසීමට ඉඩ තිබෙනවා. දෙදෙනාම යහපත් මනෝභාවයකින් සිටින අවස්ථා අදහස් ප්රකාශ කිරීමට භාවිතා කරන්න. දරුවා විවිධ දේට දක්වන අදහස්, හැඟීම් සහ දෘෂ්ටිකෝණයට සවන් දෙන්න. සරලව පැහැදිලිව උපදෙස් ලබාදීම කළ යුතුයි. සන්නිවේදන කුසලතා ඉගැන්වීමදරුවාත් වැඩිහිටියකු ලෙස සලකා ඔහුට හෝ ඇයට කතා කිරීමෙන් අනාගතයඔවුන් සූදානම් කිරීම කළ හැකියි

 

පවුලේ වේලාවක් වෙන්කර ගන්න

 

සාමාන්යෙන් පවුලේ සියළු දෙනා නොයෙකුත් කටයුතු සමග කාර්යබහුල බැවින් දවසේ එක් වේලාවක් පවුලේ වේලාව ලෙස වෙන් කරගන්න. රෑ කෑම වේලාවෙන් පසු නින්දට යාමට පෙර දරුවා සමග මදවේලාවක් ගත කරන්න. ඔබ දෙදෙනා දවස ගතකළ ආකාරය, මුහුණ දුන් අත්දැකීම් වැනි දේ හුවමාරු කරගන්න. සෑම විටම මෙම කාල සීමාව ඔබ දරුවා වෙනුවෙන් වෙන් කළේ ඇයිදැයි යන්න දරුවාට අවබෝධ වන සේ හැසිරිය යුතුයි

 

දරුවා සමග දේවල් බෙදා ගන්න

දරුවා නව යොවුන්වියේදී ඔහු අවට ලෝකය ගැන විවිධ වූ අත්දැකීම් දිනක් තුළ ලබාගන්නවා. ඒවා සම්බන්ධයෙන් විවිධ වූ දෘෂ්ටි කෝණයන් ඔහු හෝ ඇය තුළ ඇති. නමුත් ඔබ සෑම විටම දරුවා ලබන අත්දැකීම් හෝ දේවල් පමණක් ඔබ සමග බෙදා ගතයුතුයි යන ආකල්පයෙන් බැහැරව ඔබගේ අත්දැකීම් හැඟීම් වැනි දේ දරුවා සමග බෙදා ගත යුතුයි. එය දරුවාට ඔහු හෝ ඇයගෙ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමට හොඳ තල්ලුවක් ලබාදෙනවා. විශේෂයෙන් ඔබ දිනකට මුහුණදෙන ආතතිමය අවස්ථා දරුවාට පැවසීමෙන් ඔහු හෝ ඇය දන්නා ප්රමාණයට වඩා දේවල් ලොව ඇතිබව ඔවුන් වටහා ගන්නවා

 

දරුවන් සෑම විටම තම මව හෝ පියා අනුගමනය කරනවා. ඔවුන්ගේ ලෝකයේ වීරයන් වන්නේ ඔබයි. ඒ නිසා දරුවන්ට ජීවිතය පිළිබද ඉගෙනීමට, අත්දැකීම් ලැබීමට උපකාර කිරීමත් ඔවුන් සුරක්ෂිත අනාගතයක් කරා යොමු කරවීමේ වගකීමත් ඔබ සතුවන ඔබ මතක තබාගතයුතුයි. දිනකට එක් ආහාරවේලක් හෝ දරුවා සමග ගැනීම, ක්රීඩාවක නිරත වීම වැනි දේ ඔබට දරුවා සමග යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට උපකාරී වේවි. අනාගතයේදි සාර්ථක දරුවකු සමාජගත කිරීම ඔබගේ අභිප්රාය නම් වර්ථමානයේ ඔබ සදහා නිසි ආකාරයට ක්රියා කළ යුතුයි