මුරණ්ඩු දරුවෙකු සමඟ ක්‍රියා කරන්නේ මෙහෙමයි 

ඔයාගේ දරුවගේ මුරණ්ඩු හැසිරීම පාලනය කිරීමට හරිම අමාරුයි. දෙමාපියන් දරුවන්ගේ මුරණ්ඩු හැසිරීම නිසා කළකිරීමට පත් වෙනවා. නමුත් සමහර විට දෙමව්පියන්ගේ නීති රීති නිසා දරුවෙකුගේ මුරණ්ඩු හැසිරීම වැඩි කරනවා. දරුවෙකුගේ මුරණ්ඩුකම නිස දෙමාපියන්ට මේ විදියට හැඟෙන්න පුළුවන්;

  • කෝපයක්
  • අසරණකමක් 
  • තැතිගැන්මක්
  • සානුකම්පිත හැඟීමක් 

මුරණ්ඩු දරුවා හැසිරවීමට මවකට උදව් කිරීමට සරල මාර්ගෝපදේශ කිහිපයක් තියෙනවා. මුරණ්ඩු දරුවන් සමඟ කටයුතු කිරීම සඳහා උපදෙස් කිහිපයක් මෙන්න:

 

සීමාවන් නියම කරන්න

ඔයාගේ දරුවා පවසන සියල්ල පිළිගන්න එපා. සීමාවන් නියම කරන්න, දරුවට අවශ්‍ය දේ තීරණය කිරීමේ වගකීම දරුවා වෙත තබන්න එපා. දරුවා කෑ කෝගසනවා නම් කරනවා නම් දරුවට කියන්න එවැනි හැසිරීමකින් ඔහුට/ ඇයට අවශ්‍ය දේ නොලැබෙන බව.

 

ස්ථාවර වන්න

එක් එක් දිනවල ඔයාගේ දරුවාට වෙනස් අයුරින් සලකන්න එපා. යම් දවසක ඔයා දරුවා සමඟ දැඩිව කටයුතු කරනවා හා පසුදා සැහැල්ලු බවක් පෙන්වන්නේ නම්, ඔහු/ ඇය ඔයාව බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ. උදාහරණයක් විදිහට එක් දිනක් ඔයා දරුවට දිගු වේලාවක් රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදෙන්නේ නම් සහ ඊළඟ දවසේ ඔයාගේ කාර්යබහුල නිසාත්, දරුවට අවශ්‍ය සියල්ල නැරඹීමට ඔයා ඉඩ දුන්නොත්, එමගින් නරක පණිවිඩයක් ලබා ගන්නවා. එබැවින් නීති රීති සැකසීමේදී හා අනුගමනය කිරීමේදී හැම දිනකටම ගැළපෙන්න ඕනේ.

 

දරුවාට යම් නිදහසක් ලබා දෙන්න

දරුවා කළ යුතු සෑම දෙයක්ම ඔයා නියම කරන්න එපා. දරුවාට ස්වාධීන වීමට ඉඩ හරින්න. තමාගේම ඇඳුම් තෝරා ගැනීම හෝ කිරි පානය කිරීමට කැමති ආකාරය තීරණය කිරීම සම්බන්ධයෙන් ඔහුට/ ඇයට තීරණ ගැනීමට ඉඩ දෙන්න.

 

තිර කාලය සීමා කරන්න

කිසිදු සීමාවකින් තොරව නිරන්තරයෙන් කාටූන් නැරඹීමෙන් ළමයින් අධික ලෙස කලබලකාරී හැසිරීමක් පෙන්වන අතර මුරණ්ඩු හැසිරීම් වලට ගොදුරු වෙනවා. එම නිසා දරුවාට කොපමණ කාලයක් රූපවාහිනිය නැරඹිය හැකිද, පරිගණකයේ ක්‍රීඩා කළ හැකිද යන්න පිළිබඳ සීමාවන් නියම කරන්න.

 

ප්‍රතිවිපාක නිර්වචනය කරන්න

ඔහුගේ/ ඇයගේ නපුරු හැසිරීමේ ප්‍රතිවිපාක ගැන දරුවාට දන්වන්න. කිසිම හේතුවක් නොමැතිව දරුවා කෑගැසුවොත් තමාට දඬුවම් ලැබෙන බව දැනගත යුතුයි. මේ ආකාරයේ හැසිරීම් කිසිසේත් පිළිගත නොහැකි බව දරුවට කියන්න.

 

උපක්‍රම ඉදිරියේ ශක්තිමත්ව සිටින්න

දරුවා දිගු කලක් තිස්සේ අඛණ්ඩව අඬමින් සිටී නම්, ඔහුගේ/ ඇයගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔයා පෙළඹෙනවා. නමුත් ඔහු අඬන සෑම අවස්ථාවකම දරුවාගේ ඉල්ලීම් ඉටු කරන්න එපා. එය දිගු කාලයේදී නරක පුරුද්දක් බවට පත් වෙනවා. අඬමින් හෝ කෑගැසීමෙන් තමාට ඕනෑම දෙයක් ලබා ගත හැකි යැයි දරුවා සිතන්නට ගන්නවා. එබැවින් දරුවාගේ හැසිරීම් නොසලකා හැරීමට ඉගෙන ගන්න. ඔහු/ ඇය තනිවම අඬන එක නවත්වයි.

 

අවධානය යොමු කරන්න

සමහර විට දරුවන්ට දෙමව්පියන්ගේ අවධානය අවශ්‍ය නිසා ඔවුන් නරක හැසිරීම් පෙන්වනවා. දරුවාට සන්සුන්ව ඇහුම්කන් දීමට ඉගෙන ගන්න, එසේ ක්‍රියා කරන්නේ මන්දැයි විමසන්න. එවිට දරුවා ඔයාගේ සැලකිලිමත් හැසිරීමට හොඳින් ප්‍රතිචාර දක්වනවා.

 

කෑගසන්න එපා

දරුවාගේ මුරණ්ඩු බව නිසා ඔබට ඇතිවන කෝපය නැති කර ගැනීමට දරුවාට කෑ ගසන්න එපා, එමඟින් ඔහුගේ/ ඇයගේ මුරණ්ඩුකම තාවකාලිකව නතර උනත් දරුවා ඔයාව අනුකරණය කරමින් කේන්තියෙන් කෑගසන්න ඉගෙන ගන්නවා. ඒ වෙනුවට ඔයා සන්සුන්ව නමුත් තදින් දරුවාට අවවාද කරන්න.