ඔබ බිඳ දැමිය යුතු ළමුන්ගේ නරක පුරුදු 10 ක්

සමහර නරක පුරුදු දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට අයහපත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මණින් ඒ වගේ නරක පුරුදු අත්හැරීමට ළමයින් දිරිමත් කිරීම අත්‍යවශ්‍යයි.

ළමයින් ඉතා කුඩා වයසේදී නරක පුරුදු ඇති කර ගන්නවා. සමහර නරක පුරුදු කාලයත් සමඟ මැකී යන අතර අනෙක් ඒවා ඉතිරිව පවතිනවා. මෙම නරක පුරුදු ඔබේ දරුවාගේ සාමාන්‍ය මානසික හා ශාරීරික වර්ධනයට බාධා කරනවා. එය කාලය හා ශක්තිය නාස්ති කිරීමක් පමණක් වන අතර කරදරකාරී ද වෙනවා. දෙමව්පියෙකු ලෙස ඔබේ දරුවාට මෙම නරක පුරුදු හැකි ඉක්මණින් ඉවත් කර ගැනීමට උදව් කිරීමට උත්සාහ කරන්න.

 

නියපොතු සපා කෑම

බොහෝ දරුවන් අනාරක්ෂිත, කණස්සල්ලට හෝ නොසන්සුන්තාවයට පත්වන විට නියපොතු සපාකනවා. ක්‍රමයෙන් එය ඔවුන් සමඟ පුරුද්දක් බවට පත් වෙනවා.

නියපොතු සපා කෑමට පෙර සෑම විටම ඔබේ දරුවන්ගේ ඇඟිලි අවම වශයෙන් තත්පර 10-20 අතර කාලයක් වේගයෙන් සෙලවීමට හුරු කරන්න. කාලයත් සමඟ නියපොතු කෑම වැළකී යනවා. 

 

හිසකෙස් ඇදීම

මෙම පුරුද්ද ගැහැණු ළමයින් තුළ බහුලව දක්නට ලැබෙනවා. එය හිසකෙස් නැතිවීමට හේතු වෙනවා. ඔවුන් කම්මැලි වූ විට බොහෝ විට එය කරනවා.

සාමාන්‍යයෙන් දරුවන් මෙම පුරුද්ද ඉක්මවා යනවා. ඔබේ දරුවාට කම්මැලි නොවීමට සිත්ගන්නාසුළු හා අර්ථවත් ක්‍රියාකාරකම් ලබා දෙන්න.

 

ලිංගික අවයව ගවේෂණය කිරීම සහ ස්පර්ශ කිරීම

දරුවන් ඔවුන්ගේ ශරීරය ස්පර්ශ කිරීමට සහ ගවේෂණය කිරීමට කැමතියි. නමුත් ඔවුන් එය ප්‍රසිද්ධියේ කරන විට ඒකෙන් දරුවාට අපහසුතාවයට පත් වෙන්න වෙනවා. ඔබේ දරුවාට ඒ ගැන වරදකාරි හැඟීමක් ඇති කරන්න එපා. ඇය හෝ ඔහු එය ප්‍රසිද්ධියේ කරන විට දරුවා එයින් මුදවීමට දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්න.

 

මාපටැඟිල්ල උරා බීම

සමහර ළමයින්ට නිදිමත හෝ වෙහෙස දැනෙන විට මාපටැඟිල්ල උරා බොනවා. ඔවුන් එය කරන විට ඒකෙන් ඔවුන්ට විශාල සැනසීමක් ලැබෙනවා. ඒත් ඒ හරහා මාපටැඟිල්ල හා දන්ත ආබාධ ඇති වෙන්න පුළුවන්. දරුවාට ආරක්ෂිත බවක් ඇති කරන්න. ඔහුව කාර්යබහුල කරන්න. ඔහුට ගොඩක් සෙල්ලම් කරන්න දෙන්න. ඔහු මාපටැඟිල්ල උරා නොගන්නා විට ඔහුට තෑගි දෙන්න. මාපටැඟිල්ලේ රසයෙන් කටුක වන කොහොඹ වැනි ඖෂධ පැළෑටි ස්වභාවික යුෂ ස්වල්පයක් යෙදීමට උත්සාහ කරන්න. ඔවුන් ඒ රසයට අකමැති වන අතර මාපට ඇඟිල්ල උරා බීම ද නතර කරයි.

 

ප්‍රසිද්ධියේ නාසයට ඇඟිලි දැමීම

සමහර විට ඔබේ දරුවා ප්‍රසිද්ධියේ නාසයෙන් සොටු කැබලි තෝරාගෙන ඒවා එළියට ගෙන බිත්තියේ හෝ බිම මත පිසදමනවා දකින එක ඔබට එය ලොකු කරදරයක් වෙලා ඇති. ඔබේ දරුවාට එය කිරීම නරක දෙයක් බව පවසන්න සහ ඔහුගේ හෝ ඇයගේ නාසය පුද්ගලිකව පිරිසිදු කිරීමට ඔහුට හෝ ඇයට උගන්වන්න. ටිශූ එකක් භාවිතා කරන්න දෙන්න.

 

මුළු දවසම ස්නැක්ස් කෑම

සමහර දරුවන්ට දවස පුරාම දෙයක් හප හපා සිටීමට හෝ පොඩ්ඩ පොඩ්ඩ කෑමේ පුරුද්දක් තියනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර ගන්නා වේලාවට ඔවුන්ට බඩගිනි දැනෙන්නේ නෑ. අකාලයේ ආහාර ගැනීමේ පුරුදු දරුවන් තුළ තරබාරුකමට හේතු වෙන්න පුළුවන්. ආහාර සඳහා නිසි කාලසටහනක් සකසන්න. පිරුණු හා පෝෂ්‍යදායී ආහාර වේලක් ඔහුට පිරිනමන්න.

 

නිතර බොරු කීම

ළමයින් සාමාන්‍යයෙන් බොරු කියන්නේ දඬුවමින් ගැලවීමටයි. ඔවුන් බොරු කියන විට ඔවුන්ට බැණ වදින්න එපා. ඔවුන් සත්‍යය කථා කරන විට ඔවුන්ට ප්‍රශංසා කිරීම හෝ ත්‍යාගයක් දෙන්න. බොරු කීම වැරදි දෙයක් බව ඔවුන්ට කියන්න.

 

ඍණාත්මක ස්වයං විවේචනය

සමහර දරුවන් තමන් ගැන කොතරම් බලාපොරොත්තු රහිතව සිටිනවාද කියනවා නම් ඔවුන් නිතරම ස්වයං විවේචනය කරගන්නවා. ඒවාට ඔබ වහාම ප්‍රතික්‍රියා කරන්න එපා. ඔහුට යම් කාලයක් දෙන්න. හැම වෙලාවේම ඔහුව අගය කරන්න.

 

ඉල්ලීම

බොහෝ විට ඔබේ දරුවන් සෙල්ලම් බඩු හෝ තෑගි සඳහා ඉල්ලීම් කරන බව ඔබට පෙනී යනවා ඇති. එය පුරුද්දක් බවට පත් කිරීමට ඉඩ දෙන්න එපා. සෑම විටම ඔවුන්ගේ ඉල්ලීම් වලට යටත් වන්න එපා. ‘නැහැ’ යැයි කීමට ඉගෙන ගන්න.

 

නරක අසභ්‍ය භාෂාව භාවිතා කිරීම

යම් දෙයක් ගැන දැඩි ලෙස කලබල වන විට ළමයින් අසභ්‍ය හෝ නරක භාෂාවක් භාවිතා කිරීමට පටන් ගන්නා අතර එය නිවැරදි දෙයක් යැයි ඔවුන්ට හැඟෙනවා.

ඔබ මෙම පුරුද්ද හැකි ඉක්මණින් බිඳ දමන්න ඕනේ. දෙමව්පියන් විදිහට ඔබද ඔවුන් ඉදිරියේ නරක හෝ රළු වචන භාවිතා කිරීමෙන් වළකින්න. ඔබේ දරුවන් ඔබෙන් ඉගෙන ගන්නවා.

 

ඔබේ දරුවන්ගේ නරක පුරුදු වලින් මිදීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ආදර්ශවත් චරිතයක් ලෙස ක්‍රියා කිරීමට වග බලා ගන්න. ඔබගේ ක්‍රියාවන් ඔබේ වචනවලට වඩා වැදගත් වෙනවා. ඒ නිසා ඔබේ දරුවන් අනුගමනය කිරීමට කැමති චරිතය ඔබම බව ඔප්පු කරන්න.