Search here...
TOP
එදිනෙදා ජීවිත​ය ළමා මන​ස

වෙහෙස මහන්සි වී වැඩකරන දරුවකු ගොඩනගා ගන්නේ කෙසේද?

ඔබ ඔබේ දරුවන්ට දැඩිව ආදරය කරනවා නේද? ඒ නිසාම ඔවුන්ට වෙහෙස වීමට ඉඩනොදී ඔවුන්ගේ සෑම කටයුත්තක්ම ඔබ විසින් කර දීමටයි ඔබ සෑම විටම උත්සාහ දරන්නේ. නමුත් ඔබ දන්නවාද ඔබගේ එවැනි හැසිරීම් හේතුවෙන් දරුවා වෙහෙස වී වැඩ කිරීමටත්, තමාගේ කටයුතු තනිව කරගැනීමටත් දැඩිසේ කම්මැලිවන බව.

 

ඔබේ දරුවාටත් තමාගේ වැඩ තනිව කරගැනීමට ඉගැන්වීමට අවශ්යද?

ඔබ දරුවාට දැඩිව ආදරය කරනවා කියා ඔහුගේ හෝ ඇයගේ සියලු වැඩ කිරීම අවශ් නැහැ. එමගින් ඔබ නොදැනුවත්වම දරුවාට අවැඩක් සිදුකරනවා. කුඩා කල සිටම තමාගේ කටයුතු තමාටම කරගැනීමට දරුවා හුරු කරවීම ඔහුගේ හෝ ඇයගේ අනාගතයපහසුවක්. එමෙන්ම විවිධ කාර්යයන් හි ස්වාධීනව නිරත වීමෙන් දරුවාගේ ආත්ම විශ්වාසය වර්ධනය වීමද සිදුවනවා. ඒ නිසා ඔබ දරුවාට කුඩාකල සිටම තම කටයුතු තමාටම කිරීමට හුරු කළ යුතුයි. එයට ඔබට පහත පියවරයන් අනුගමනය කිරීමට පුළුවන්

 

දරුවාගේ වැඩ ඔහු හෝ ඇය වෙනුවට ඔබ කිරීමෙන් වළකින්න

 

කිසිදු විටක දරුවාට ඔහුට හෝ ඇයට නියමිත වැඩ කිරීමට ඉඩ නොදී ඔබ ඒවා කිරීමෙන් වැළකිය යුතුයි. උදාහරණයක් ලෙස දරුවාට නිදාගැනීමට ඉඩදී රෑ නිදිවරාගෙන දරුවාගේ පැවරුම් ඔබ කිරීමෙන් වැළකිය යුතුයි. බොහෝ දෙමවුපියන් තම දරුවාට පාඩම් වල නිරත වන ලෙස පවසා අන් සියළු කාර්යයන්ගෙන් ඔවුන් ඉවත් කරනවා. නමුත් ඔබ දන්නවාද අධ්යාපනයෙන් ඉහළම ප්රතිඵල ලබාගන්නා බොහෝ දරුවන් විෂය  බාහිර ක්රියාකාරකම්වලද සාර්ථකව නියැලෙන බව. ඒ නිසා දරුවාට ක්රියාශීලි දිවියක් ගත කරමින් වෙහෙස මහන්සි වී එදෙනෙදා කටයුතු හි නිරත වීමට ඉඩ ලබාදෙන්න

 

මහන්සි වී වැඩකිරීමට දිරිගන්වන්න

දරුවාට වෙහෙස මහන්සි වී අධ්යාපන කටයුතුවල නිරත වීමට අවශ් දිරිය ලබාදෙන්න. ජීවිතයේ ඇති අභියෝගයන් ජයගැනීම පහසු නොවන බවත් එයට යම් යම් කැපකිරීම කිරීමත් වෙහෙස වී වැඩකිරීමත් අවශ් බව ඔබගේ ජීවිතයේ අත්දැකීම් වලින් දරුවාට පවසන්න. සෑමවිටම දරුවාගේ වෙහෙස අගයන්න. උදාහරණයක් ලෙස මහන්සි වී තම අධ්යාපනයේ නියැලෙන දරුවා අනාගතයේ තම පවුලේ ව්යාපාරය හෝ තමා තෝරාගන්නා වෘත්තියෙහි සාර්ථක ප්රතිඵල ලබාගන්නේ යැයි සිතීම අපහසුයි නේද? නමුත් ඔබ කුඩාකල සිට දරුවාට අභියෝග ජයගැනීමට හුරු කිරීමෙන් දරුවා අනාගතය සාර්ථක ලෙස ජයගනීවි

 

අනවශ් ලෙස බලපෑම් කිරීමෙන් වළකින්න

 

දරුවා තම කටයුතු කිරීමට කොතරම් දක්ෂයකු වූවත් නොවූවත් කුඩාකල සිටම තමාගේ කටයුතු තමා විසින්ම කරගැනීමට අවශ් තල්ලුව දෙමවුපියන් ලෙස ඔබ ලබාදීම වැදගත්. එය කුඩාකල සිටම කිරීම වඩාත් සුදුසුයි. උදාහරණයක් ලෙස ඔබ දරුවාගේ සියලු කටයුතු සේවිකාවක ලවා හෝ ඔබ විසින් කර දීමෙන් දරුවා හට එම කටයුතු කෙරෙහි කිසිදු අවබෝධයක් ඇති වෙන්නෙ නෑ. නැතිනම් ඔබට දරුවා යම්කිසි ක්රීඩාවක් කරා යොමු කරවීමට හැකි නමුත් ඉන් තරඟ වැද ජය ගැනීමට අවශ් උනන්දුව සහ කැපවීම පැමිණිය යුත්තේ ඔබෙන් නොව දරුවාගෙනුයි. ඒ නිසා ඔබට කළ හැක්කේ දරුවාට තල්ලුවක් දීම පමණයි. නමුත් එය අනවශ් ලෙස දරුවාට පීඩනයක් නොවීමට ඔබ වග බලා ගත යුතුයි

«

»