මාතෘ ඇඳුම් මිලදී ගන්නේ කෙසේද?

ඔබ ගර්භණීව සිටියදී මාතෘ ඇඳුම් මිලදී ගැනීම වැදගත් වන්නේ ඔබ ඔබේ දෙවන ත්‍රෛමාසිකයට ඇතුළු වූ පසු ඔබේ පැරණි ඇඳුම් ඔබට නොගැලපෙන නිසයි. ඔබ ඔබේ මාතෘ ඇඳුම් නිසි ආකාරයෙන් මිලට ගන්නේ නම්, ඔබේ ගැබිණි බවටද අලංකාර සහ ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුළුවන්. මාතෘ ඇඳුම් මිලදී ගැනීම පිළිබඳ උපදෙස් දැන ගැනීමට මේ ලිපිය කියවන්න.

ගැබ් ගැනීම කියන්නේ ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ වඩාත්ම සිත්ගන්නාසුළු කාල පරිච්ඡේදයක්. සෞඛ්‍ය හා ප්‍රායෝගික දුෂ්කරතා රාශියක් තිබ්බත්, හැම කාන්තාවක්ම දරුවෙකු ලැබීමට ප්‍රිය කරනවා. ගර්භණී කාන්තාවකට ඇඳුමකින් හොඳ පෙනුමක් නැති බව හෝ සමහර ඇඳුම් ගැලපෙන්නේ නැති බව කියනවා ඇහිලා ඇති. සමහර විට, සමහර ඇඳුම් ඇඳීම ඇයට අපහසුතාවයක් ඇති කරන්න පුළුවන්.

අද, කාන්තාවන්ගෙන් බහුතරයක්  රැකියාවට යනවා. ඉතින් ගර්භණී දිනවලදී පවා හොඳ පෙනුමක් ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍යයි.  

 

ගර්භණී සමයේදී මාතෘ ඇඳුම් මිලදී ගන්නේ කෙසේද?

දෙවන ත්‍රෛමාසිකය දක්වා මාතෘ ඇඳුම් මිලදී ගැනීම පමා කරන්න.

හැකි ඉක්මණින් මාතෘ ඇඳුම් මිලදී ගැනීමට ඔබ උනන්දු වන බව අපි දන්නවා. ප්‍රායෝගික වන්න සහ ඔබේ දෙවන ත්‍රෛමාසිකය තෙක් රැඳී සිටින්න. කාන්තාවන්ගෙන් බහුතරයක් දෙවන ත්‍රෛමාසිකය තෙක් බලා සිටින්නේ නැහැ. ඒත් ඊට පෙර ඇඳුම් මිලදී ගැනීම කාලය හා මුදල් නාස්ති කිරීමක්. 

මූලික දේ මිලට ගන්න.

පළමු ත්‍රෛමාසික කාලය අවසන් වන විට ඔබ මාතෘ කලිසම් සහ සායක් වැනි මූලික ඇදුම් කිහිපයක් මිලදී ගන්න. බොහෝ විට බඩේ හදිසි වර්ධනයක් ඇති වෙන්න පුළුවන් නිසා සමහර විට ඔබ අඳින ඩෙනිම් කලිසම ගැලපෙන්නේ නැහැ. ඔබට මාතෘ කලිසමක් හෝ සායක් තිබේ නම්, විවිධ වර්ණයන්ගෙන් යුත් ඇඳුම් මැච් කරන්න පුළුවන්. සමහර ඇඳුම් බඩ යට ආධාරකයක් සපයන අතර දවස පුරා ඔබට සුවපහසු කරයි.

මාතෘ ඇඳුම් වෙළඳසැල් තෝරන්න.

මතක තබා ගන්න, ඔබ මාතෘ ඇඳුම් මිලදී ගැනීමට තීරණය කළ විට, මාතෘ ඇඳුම් සඳහා වෙනම අංශයක් ඇති වෙළඳසැලක් තෝර ගන්න. මාතෘ ඇඳුම් පමණක් අලෙවි කරන වෙළඳසැල් ඇති අතර ඒවා ඔබට හොඳම විකල්පයක්. හොඳ තත්ත්වයේ මාතෘ ඇඳුමක් මාස නවයක් පුරා ඇඳිය හැකි අතර එමගින් ඔබට හොඳ පෙනුමක් ලබා දෙන බව මතක තබා ගන්න.

ඇදෙන ඇඳුම් ගන්න.

ඔබ මාතෘ ඇඳුම් මිලදී ගැනීමේදී රෙදිපිළි මගින් සුවපහසු බවක් සහ ඇඳගෙන සිටියදී පවා හොඳ පෙනුමක් ඇති ඇඳුම් තෝරන්න.

අත්හදා බැලීම් කරන්න.

සුවපහසු සහ අලුත් විලාසිතාවක් ලබා දීම සඳහා විවිධ වර්ගයේ ඇඳුම් දෙකක් මැච් කර අත්හදා බලන්න පුළුවන්. උත්සාහ කරන්න…

  • සුදු හෝ ලා වර්ණවලින් යුත් ලිනන් කුර්තා යුවළක්
  • සරල සායක් හෝ ඇඳුමක්
  • Empire cut  ඇඳුම් කට්ටල දෙකක්
  • Kaftans and poncho tops
  • විශේෂ අවස්ථාවන් සඳහා formal top එකක් 
  • තනි වර්ණයේ රැප් අරවුන්ඩ් සායවල් හෝ සම්ප්‍රදායික කොටු මෝස්තර සහිත සායවල්
  • වර්ණවත් ටී-ෂර්ට් සහ අත් නැති ටොප් එකකින් විවිධත්වය එක් කරයි 
  • ට්‍රැක් සූට් එකක් හෝ ඇදෙන සුළු රෙද්දකින් මැසූ කලිසමක් පහසුවෙන් අඳින්න පුළුවන් 

 

ඔබ ගර්භණීව සිටින විට මාතෘ ඇඳුම් මිලදී ගැනීම වැදගත්. වෙනස්වන ශරීරය ගැන විශේෂයෙන් සිතන්න. හොඳ හැඟීමක් දැනීම වැදගත්. ඒ නිසා අඳින ඇඳුම කෙරෙහි අවධානය යොමු කරන්න. වළලු, ඔරලෝසු, පබළු, සපත්තු ආදිය ඔබේ කැමැත්තට අනුව එකතු කරන්න.

ඔබ ගර්භණීව සිටින විට, ඔබේ පාවහන් නොසලකා හරින්න එපා. ඔබට සුවපහසුව සහ සැහැල්ලුව දැනෙන නිවැරදි එකක් තෝරන්න. උස සපත්තු පැළඳීමෙන් වළකින්න.