Search here...
TOP
මව සහ ගර්භනී සම​ය

ගර්භනී ඔබ පෙළන කාංසිය පාලනය කරගැනීමට ඔබටත් අවශ්‍යද?

ගර්භනී සමය යනු කාන්තා ඔබගේ ජීවිතයේ වැදගත් කාල සීමාවක්. ගර්භනී වීමත් සමග සිදුවෙන විවිධ හෝමෝන වෙනස්කම් නිසා ඇතැම් අවස්ථාවල මවුවරුන් වීමට අපේක්ශාවෙන් සිටින ඔබ කායිකවත් මානසිකවත් විවිධ පීඩාවන්ට ගොදුරු වෙනවා. පර්‍යේශකයන් පවසන ආකාරයට ගර්භනී සමයේදි සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු කාංසාවෙන් පීඩා විදිනවා..

ගර්භනී සමය සහ කාංසිය

ගර්භනී සමයේ සිරැරේ ඇතිවෙන හෝමොන වෙනස්කම් සහ ඇතැම් අවිනිශ්චිතතාවයන් නිසා මවක වීමට අපේක්ශාවෙන් සිටිනා බොහෝ කාන්තාවන් කාංසියෙන් පෙළෙනවා. ” දරුවා නිරෝගි දරුවෙකු වෙයිද”;”තමාට හොඳ මවක් වීමට හැකිවෙයිද..?”; “දරුවාගේ පැමිණීමත් සමග තමාගේත් සහකරුගේත් සබඳතාවය කෙසේ වෙනස් වෙයිද” ආදී නොයෙකුත් හේතුන් නිසා මව්වරුන් අවිනිශ්චිත හැඟීම්වලින් පෙලෙනවා. එවැනි හේතුන් නිසා ගර්භනී සමයේදි කාන්තාවන් තුළ කාංසිය ඇතිවීමට ඉඩ තිබෙනවා.

ගර්භනී සමයේ ඇතිවන කාංසියට සාර්ථකව මුහුණ දෙන ආකාරය

ඔබ ශක්තිමත් වෙන්න

  • ඔබට යම් අවිනිශ්චිත හැඟීම් හෝ කරදරකාරි බවක් දැනෙනවා නම් මොහොතක් ගෙන ඒවා එකිනෙක පිළිබඳව සළකා බලන්න. එසේ නැතිනම් මද වේලාවක් ගෙන ඒවා සටහන් කරන්න. ඉන්පසු ඒවා විසඳා ගැනීමට හැකි ක්‍රමයන් පිළිබඳව සළකා බැලීමට ඔබට පුළුවන්.
  • දරුවාගේ සෞඛ්‍යය තත්ත්වය හෝ දරුවාට මවුකිරි ලබාදීම සම්බන්ධයෙන් ඔබට ගැටළු තිබෙනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරයකුගෙන් හෝ මවුකිරි ලබාදීම සම්බන්ධ උපදේශකවරයකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට පුළුවන්.
  • දරුවා ලැබීමෙන් පසු ඔබත් සහකරුත් අතර සම්බන්ධතාවය සාර්ථකව පවත්වාගෙන යා‍යුතු ආකාරය පිළිබඳව ඔහු සමග සාකච්චා කරන්න; ඔබගේ සිතුම් පැතුම් පිළිබඳව අදහස් බෙදාගන්න.
  • ඔබගේ පාලනයේ ඇති දේවල් පිළිබඳව පමණක් අවධානය යොමුකරන්න. විශේෂයෙන් ප්‍රසූතිගාරයේදි සහ දරු ප්‍රසූතිය අතර දී සිදුවෙන දේවල් පිළිබඳව කල්පනා කරනවාට වඩා එයට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිලිබඳව දැනුවත් වෙන්න.
  • ඔබ පෙළන කාංසිය මගහරවා ගැනීමට හැකි සෑම විටම වෙනත් ක්‍රියාවක් සමග කාර්‍යබහුල වෙන්න.

ඔබ කෙරෙහි කරුණාවන්ත වෙන්න

ගර්භනී වීම සහ එම කාලයට මුහුණ දීම සිතනා තරම් පහසු කාර්‍යයක් නොවේ. එමනිසා ඔබ ඔබ පිළිබඳව සානුකම්පිත හැඟීමෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යයට හිතකර ව්‍යායාමයන් හි නිරත වෙන්න

කාංසිය සඳහා ඇති සාර්ථකම ප්‍රතිකර්මයක් වන්නේ ක්‍රියාශීලි වීමයි. ගර්භනී සමයේදී ඇතැම් ව්‍යායාම් හි නිරත වීමට ඔබට නොහැකි වුවත් සෙමින් සෙමින් ඇවිදීම, යෝග අභ්‍යාසයන් හි නියැළීම, පිහිනීම වැනි ව්‍යායාමයන් හි නිරත වීමට ඔබට පුළුවන්. නමුත් ඔබට යම් සෞඛ්‍ය ගැටළුවක් තිබේ නම් ව්‍යායාම් ඇරඹීමට පෙර වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීම වැදගත් වෙනවා.

මනා සිහිකල්පනාවෙන් සිටින්න

මනා සිහියෙන් යුක්තව සිටීම බොහෝ කාංසිය සහ මානසික අවපීඩන තත්ත්වයන්ගෙන් මිදීමට හැකි ක්‍රමයක්. එමනිසා ඍණාත්මක හැඟීම් මගහැර ධනාත්මක හැඟීම් වර්ධනය කරගැනීමට උත්සාහ කළයුතු වෙනවා.

ඔබ ප්‍රතිකාර ලබාගැනීමට යොමුවිය යුත්තේ..

ඔබත් ගර්භනි කාන්තාවක් නම් සුළු සුළු කාංසිය සහ අවිනිශ්චිත හැඟීම් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් දිගින් දිගටම පවතින බිය, ශෝකය, නින්ද නොයෑම වැනි තත්ත්ව එතරම් හිතකර නොවනවා. එමනිසා පහත ලක්ශණ පිළිබඳව අවධානයෙන් සිට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීම ඉතාමත් වැදගත් වෙනවා.

කාංසාව ඇතිවිට දැකිය හැකි රෝග ලක්ශණ

– නිතර වෙනස්වන හැඟීම්
– යම්කිසි භයානක දෙයක් පිළිබඳ හැඟීම
– අවධානය යොමුකල නොහැකිවීම
– පුනර්වර්තී හැඟීම් ඇතිවීම
– නිරන්තර කණස්සල්ල
– කෝපයට පත්වීම
– නින්ද නොයෑම සහ ආහාර අරුචිය
– කරකැවිල්ල සහ ඔක්කාරය
– නොසන්සුන් වීම
– හෘද ස්පන්දන වේගය වැඩිවීම

වැදගත් : දිගින් දිගටම කාංසියෙන් පීඩා විඳීම ඔබට පමණක් නොව කුසතුල සිටින දරුවාටද අහිතකර බලපෑම් ගෙන එනවා. එමනිසා ඉක්මන් වෛද්‍ය උපදෙස් කරා යොමුවීමෙන් ඔබට මෙම තත්ත්වයට සාර්ථකව මුහුන දීමට හැකියාව ලැබෙනවා. ඔබගේ රෝග තත්ත්වය පරීක්ශා කර බලා ඖෂධ හෝ වෙනත් චිකිත්සා ක්‍රමයන් මගින් මෙම තත්ත්වය මගහරවා ගැනීමට ඔබට උපදෙස් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ඔබ කාංසියෙන් පෙළෙනවා නම් එය ඔබගේ විශේෂ දුර්වලතාවයක් සේ සලකන්න එපා. හෝමෝන වෙනස් වීම්, පෙර ගබ්සා වීම් සිදුවී ඇත්නම් එවැනි හේතුන්, ගර්භනී සමයේ ඇතිවෙන නින්ද නොයෑම හෝ වෙනත් ශාරීරික අපහසුතා නිසා කාංසිය ඇතිවීමට පුළුවන්. නමුත් ඒ ගැන සිතමින් පසුතැවිලි වෙනවාට වඩා එයට සාර්ථකව මුහුණ දීමට උත්සාහ කිරීමයි ඔබ කළයුතු වන්නේ.

«