යොවුන් දරුවන්ගේ ආදර සබඳතා ගැන දෙමාපියන් ලෙස ඔබ කටයුතු කරන්නේ කොහොමද?

ඔබේ දරුවා තුළ වෙනත් පුද්ගලයෙකු කෙරෙහි ඇති වන හැඟීම් හෑල්ලුවට ලක් කරන්න එපා. එය ඔවුන්ට ඉතා පෞද්ගලික දෙයක් වගේම එය සංවේදී කාරණයක් වනු ඇත. ඔවුන්ගේ හැඟීම් හෑල්ලුවට ලක් කිරීමෙන් ඔබ සහ දරුවා දුරස් වීමේ අවදානමක් තියෙනව. ඉතින් ඔබ සහ දරුවා අතර සන්නිවේදනයේ මාර්ග විවෘතව තබා ගන්න.

 

ලිංගිකත්වය ගැන කතා කරන්න

ඔබේ ලැජ්ජාව පසෙකට දමා ඔබේ යොවුන් දියණිය හෝ පුතා සමඟ ලිංගිකත්වය ගැන කතා කරන්න. ඒ වගේම කන්‍යාභාවය නැතිවීම සැහැල්ලුවෙන් ගත යුතු තීරණයක් නොවන බව තේරුම් කර දෙන්න. ලිංගිකත්වය කියන්නේ විනෝදාත්මක කටයුත්තක් පමණක් නොව, ගැබ් ගැනීමක් හෝ ලිංගාශ්‍රිත රෝගයක් වැනි බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි දෙයක් බව දරුවන් තේරුම් ගත යුතුයි.

 

දරුවාගේ පෙම්වතා හෝ පෙම්වතිය හඳුනාගන්න

ඔබේ යොවුන් දරුවා වෙනත් පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු සඳහා ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන ඇති බව ඔබට හැඟේ නම්, ඔහු හෝ ඇය සමඟ වෙනත් මිතුරන් කිහිපදෙනෙකුට ආරාධනා කරන්න. එවිට ඔබට ඔහුව හෝ ඇයව වඩාත් හොඳින් දැන හඳුනාගන්න ලැබෙනවා.

සබඳතාවයක් ඇති බව දැනගත් පමණින් දරුවන්ට තරවටු කරන යල් පැනගිය දෙමවුපියන් නොවී දරුවන්ගේ ලෝකය දෙස විවෘතව බලන්නට සහ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයටත් ඔබේ අවධානය සහ බලපෑම දරුවන්ට නොදැනෙන්නට පවත්වාගන්න මේ විවෘත බව ඔබට උදව් වෙනවා. 

 

නොගැලපෙන සබඳතා ගැන දරුවා සමඟ කතා කරන්න

දරුවාගේ පෙම්වතා හෝ පෙම්වතිය හඳුනාගැනීමෙන් පසු එම සබඳතාවය දරුවාගේ ජීවිතයට සෘණාත්මක බලපෑමක් ඇති කරන බව ඔබට වැටහෙන්නේ නම්, දරුවා සමඟ ඒ සම්බන්ධව විවෘතව කතා බහ කරන්න. නොගැලපෙන හේතු ඔබ දකින ආකාරයෙන් පැහැදිලි කරන්න. දරුවාට කුමන හෝ ආකාරයකින් ඒ සඳහා උදව් අවශ්‍ය නම් ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. 

 

සබඳතා ගැන නීති පනවන්න

ඔබේ දරුවා එම විශේෂිත තැනැත්තා ගැන ඔහුට හෝ ඇයට හැඟෙන ආකාරය ගැන ඔබ සමඟ විවෘතව සිටී නම්, ඔබට මේ සම්බන්ධකම් ගැන පහතින් සඳහන් වෙන විදියේ නීති කිහිපයක් පවත්වාගෙන යන්න පුළුවන්.

ඔබ කළ යුතු පළමු දෙය වන්නේ නීති දමා ඒවා පිළිපදිනවාද යන්න ගැන වග බලාගැනීමයි. 

ඔවුන් යන්නට අදහස් කරන ස්ථානය ගැන ඔවුන් ඔබට දැනුම් දිය යුතුය. නොදන්වා, පමා වී නිවසට පැමිණීම වැනි දේ නොකළයුතු දේවල් බවට දැනුම් දෙන්න.

මුල් කාලයේදී, ඔවුන්ගේ මිතුරන් සමග කණ්ඩායමක් ලෙස පිටතට යාමට යෝජනා කරන්න.

මුදල් විසඳිය යුතු තවත් වැදගත් කාරණයක්. ඔහු හෝ ඇය ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමට තරම් වයසක සිටී නම්, ඔහු හෝ ඇය තමාගේම සමාජ ජීවිතයට මුදල් අවශ්‍ය බව තේරුම් ගත යුතුයි. ඉතින්  පෙම්වතා හෝ පෙම්වතිය සමග එළියට යෑම සඳහා දරුවන් මුදල් වංචා නොකළ යුතු බවත් ඔබ ඔවුන්ට ලබා දෙන දීමනාවෙන් ඒ සඳහා වියදම් කළ යුතු බවත් තරයේ කියාසිටින්න.

 

පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් වේවා, දෙදෙනාගේ වියදම් සමානව බෙදාගත යුතු බව පවසන්න.