පළමු අවුරුද්ද තුළ ඔබේ දරුවාව පෝෂණය කළ යුතු ආකාරය – 2 කො​ට​ස

දරුවෙක්ගේ පළමු අවුරුද්ද කියන්නේ ඝන ආහාර හඳුන්වා දීමට නිර්දේශිත කාලයයි. විශේෂයෙන්ම දරුවාට මාස 06 සපිරීමෙන් අනතුරුව තමයි එය ආරම්භ කළ යුත්තේ කියල ඔබ දැනටමත් දන්නවා ඇති. ආහාර වල සංයුතිය ගැන මෙන්ම දරුවාට මේ අලුත් අත්දැකීම සමීප කරවද්දී ඔබ අතින් විය යුතු වගකීම් කොටසකුත් තියෙනවා. අපි ඒ පිළිබඳව මෙහි පළමු ලිපියෙනුත් ඔබට කිව්වා. මේ එහි දෙවන ලිපියයි.

 

දරුවා නැවැත්වීමට සූදානම් වූ විට නවත්වන්න

දරුවාට ආහාර ගැනීම ඇති වූ විට එය ඔබට දන්වනවා. එහිදී දරුවා හැන්ද මුඛයට නොගැනීම, හිස ඉවතට හැරවීම, තොල් තද කර ගැනීම, මුඛය තුළ තබන ඕනෑම දෙයක් කෙළ ගැසීම හෝ ඉවතට දාන්න පුළුවන්. ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට වඩා දරුවාට කන්න දෙන්න එපා. දරුවන් බඩගිනි වූ විට කොහොමත් කනවා. ඔවුන්ගේ බඩ පිරී ඇති බව දැනෙන විට කෑම ප්‍රතික්ෂේප කරනවා. ඔබ ඔවුන්ගේ ඒ එම සහජ බුද්ධියට ගරු කිරීම තුළින් ඔවුන්ට වර්තමානයේ වගේම ඔවුන්ගේ අනාගතයේදීත් අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටීම පුරුද්දක් කර ගත හැකියි.

 

වැඩිය කන්නේ නැති දරුවන් ගැන කලබල වෙන්න එපා

ඔබේ දරුවා නව ආහාරයකට අකමැති නිසා ආහාර ප්‍රතික්ෂේප කරනවා කියන්නේ දරුවා සදහටම කෑම නොකන බව නෙමෙයි. ඔබ දින කිහිපයක් රැඳී සිට නැවත උත්සාහ කරන්න. එවැනි දරුවන්ට ආහාර ගැනීමට සූදානම් වීමට කිහිප වතාවක්ම ගත වෙන්න පුළුවන්. මතක තබා ගන්න, ඔබ ආදර්ශවත් චරිතයක් විය යුතුයි. මොකද දරුවා, ඔබ ආහාරයට ගන්නා බව දකින ආහාර කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනු ඇති. එතකොට ඔවුන් ඒවාට කැමති වෙන්න පුලුවන්. නමුත් ඔබේ දරුවාට කෑමට බල නොකරන්න. නව ආහාර හඳුන්වා දීමට ලොකු උත්සහයක් නොගන්න.

 

එය අවුල් සහගත වූ විට

ඔබේ දරුවා වැඩෙත්ම දරුවා තනියම ආහාර ගැනීමට උත්සාහ කරනවා. එවිට දරුවාගේ මුහුණ, අත්, හිසකෙස්, බිබ් එක, ඇඳුම්, හෝ පුටුවේ කොටස් වෙත ආහාර විසිරෙනවා. ඒ සඳහා කිසිවක් නොකරන්න. ඝන ආහාර අනුභව කිරීමට තනිවම ඉගෙන ගැනීම කියන්නේ ඔබේ දරුවාට පූර්ණ ශරීරයක් හා උපායශීලී අත්දැකීමක් ලබා දෙන දෙයක්. ඔබේ පහසුව සඳහා දරුවගේ පුටුවට යටින් පැදුරක් තබන්න. ඇඳුම් සේදීම ගැන ඉවසිලිවන්ත වන්න. දරුවාගේ මෙම අදියර සදහටම පවතින්නේ නෑ.

 

ළදරුවා සූදානම් වූ විට ඇඟිලි භාවිතා කරයි

මාස 9 ක් හෝ ඊට වැඩි කාලයකදී, ඔබේ දරුවා ආහාර ගැනීම සඳහා ඇඟිලි භාවිතා කරන්න උත්සහ කරයි. ආහාර වල කුඩා කැබලි අතින් ගනියි. නමුත් ඔබ තව ටික කාලයක් හැන්දෙන් දරුවාව පෝෂණය කළ යුතු අතර මව්කිරි දීම ද දිගටම කරගෙන යන්න. ඉදුණු කෙසෙල් කෑලි, තැම්බූ කැරට් කැබලි, චීස්, හොඳින් පිසින ලද පැස්ටා, වියළි ධාන්‍ය වර්ග සහ බිත්තර ස්ක්‍රැම්බල් “ඇඟිලි ආහාර” ලෙස දරුවාට දෙන්න ඔබට පුළුවන්. විවිධ පැණිරස ආහාර, චිප්ස්, අමු එළවළු, මිදි හෝ මුද්දරප්පලම්, තද චීස් සහ හොට් ඩෝග් වැනි ක්ෂණික ආහාර ලබා දීමෙන් දරුවන්ට ඒවා හිර වෙන්න පුළුවන් නිසා ඒවා ලබා දීමෙන් වළකින්න.