පළමු අවුරුද්ද තුළ ඔබේ දරුවාව පෝෂණය කළ යුතු ආකාරය – 1 කොට​ස

දරුවෙක්ගේ පළමු අවුරුද්ද කියන්නේ ඝන ආහාර හඳුන්වා දීමට නිර්දේශිත කාලයයි. නමුත් එය වයස ගැන පමණක් අදාළ දෙයක් නොවේ. ඝන ආහාර ද්‍රව්‍ය දීම ආරම්භ කිරීමට පෙර ඔබේ දරුවාව පුටුවේ වාඩි කර හිස කෙලින් හරවා, මුඛයේ හනු වලින් ආහාර සැපිය හැකි පරිදි චලනය සිදු කළ හැකි විය යුතුයි. දැන් අපි බලමු ආහා‍ර ලබා දීම කොහොමද කරන්න ඕනේ කියලා.

 

1. මව්කිරි දීම දිගටම කරන්න

ළදරුවන් සාමාන්‍යයෙන් ඝන ආහාර ගොඩක් අනුභව නොකරයි. එබැවින් මව්කිරි ආදේශකයක් ලෙස නොව ඔබේ දරුවාගේ ආහාර වේලට එකතු කරන දෙයක් ලෙස ඝන ආහාර වලට දමා සකසන්න. මතක තබා ගන්න ඔබ ඝන ආහාර හඳුන්වා දෙන්නේ ඔබේ දරුවාගේ ආහාර වේල මුළුමනින්ම වෙනස් කිරීමට හෝ මවු කිරි දීම නැවැත්වීමට නොවේ. මවුකිරි හැකි තාක් කාලයක් දෙන්න.

 

2. සහල් ධාන්‍ය (සීරියල්) දීම ආරම්භ කළ යුත්තේ ඇයි?

ඔබට ඒවාම ලබා දීම අනිවාර්‍ය නෑ. මොකද ඔබේ දරුවා මුලින් ආරම්භ කළ යුතු ඝන ආහාර මොනවාද යන්න පිළිබඳව නීති රීති නොමැත. ඔබ එසේ කරන්නේ නම් කිසිදු ෆ්ලේවර් එකක් නැති, යකඩ වලින් පරිපූර්ණ, තනි ධාන්‍ය වර්ගයකින් හදන ළදරු සීරියල් දෙන්න උත්සාහ කරන්න. මොකද ධාන්‍ය වර්ග කිහිපයකින් සාදන ලද ධාන්‍ය ආහාරයකදී, තනි ධාන්‍ය වර්ගයකට වඩා ආහාර අසාත්මිකතාවන් හඳුනා ගැනීම ටිකක්  අපහසු වෙන්න පුළුවන්. මුලදී දරුවාට ආහාර හුරු කිරීම සඳහා ඔබට එය මව්කිරි සමඟ මිශ්‍ර කිරීමට පුළුවන්. එබැවින් එය ඔබේ දරුවාට විශාල වෙනසක් නොවේ. ඔබේ දරුවා නව ‍රසයට පුරුදු වන තෙක් ක්‍රමයෙන් එය වැඩි කරන්න.

 

3. ඝන ආහාර අනුභව කිරීම පුහුණුවක්

එය ස්වාභාවික දෙයක් සේ ඔබට පෙනුනත් හැන්දකින් ආහාර කැවීම ඔබේ දරුවාට අලුත් අත්දැකීමක්. දරුවාට හැන්දක් පුරුදු කිරීමට සහ ඇගේ මුඛයට ඝන ආහාර ගැනීමේ හැඟීම ඇති කර ගැනීමට එය පුරුද්දක් ලෙස කරන්න. ඔබ එය ආරම්භ කරන විට දරුවා ගොඩක් ආහාර ගනියි කියලා අපේක්ෂා නොකරන්න. විශාල ප්‍රමාණයක් අනුභව කිරීමට උත්සාහ කරනවා වෙනුවට, අලුත් අත්දැකීමට හුරු වීමට දරුවාට ඉඩ දෙන්න.

 

4. පළතුරු සහ එළවළු එකවර ආරම්භ කරන්න

පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ පිරිසිදු කළ මස් පවා ඔබේ දරුවාගේ ආහාර මෙනු එකේ තිබිය හැකියි. ඔබේ දරුවා රසය හා මිශ්‍රණය කෙරෙහි ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි බැලීමට සහ අසාත්මිකතාවන් ඇති නොවන බවට වග බලා ගැනීමට ඔබට ඒවා එකවර හඳුන්වා දීමට අවශ්‍ය විය හැකියි. ඔබේ දරුවා මුලින් ඒවා අනුභව නොකරන්නේ නම්, පසුව නැවත උත්සාහ කරන්න. ළදරුවන් විවිධ අවස්ථාවල අවම වශයෙන් 5 හෝ 10 වතාවක් ආහාර ප්‍රතික්ෂේප කරනවා. දරුවාට ආහාර අසාත්මිකතාවයක් ඇතිවිය හැකි යැයි ඔබ සිතන්නේ නම් ඔබේ වෛද්‍යවරයාට කියන්න. මෘදු ළදරු ආහාර හදන්න. ඔබේ දරුවාට පහසුවෙන් ගිල දැමීමට හැකි ප්‍රමාණයක් පමණක් හැන්දක් මත තබන්න. ආහාර ගැනීමට දරුවාට බල නොකරන්න.

 

5. කිරි සහ මී පැණි වලින් වළකින්න

බොහෝ ළමා රෝග විශේෂඥයින් පවසන්නේ එළකිරි ලබා දීම ආරම්භ කළ යුත්තේ ඔබේ දරුවාගේ පළමු උපන්දිනයෙන් පසු බවයි. එයට හේතුව පෝෂණීය වශයෙන් මවගේ කිරි දක්වා එහි පෝෂණ අගයක් නොතිබීමයි. අවුරුදු 1 ට අඩු ළදරුවන්ට මී පැණි දෙන්න එපා. මොකද ළදරුවෙකුගේ වර්ධනය වන ප්‍රතිශක්තිකරණ පද්ධතියට එයින් වළක්වා ගත නොහැකි අවදානමක් පවතින නිසායි.