අලුත් අම්මෙක්ට උදව් කරන්න හොඳම ක්‍රම මේවායි

දරු උපතක් කියන්නේ ඉතාමත්ම ප්රීතිමත් හැඟීමක් ගෙන දෙන්නක්. වගේම අලුත උපන් බිළිඳකු බලා කියා ගැනීම තරමක් දුෂ්කර කාර්යයක්. විශේෂයෙන් පළමු වරට මාතෘත්වය වැළඳ ගත් මවක් නම් ඔබ ඇයගේ මානසිකත්වය තේරුම් ගත යුතුයි. ඇතැම් විට නින්ද නොයෑම නිසා ඇය අධික විදියට වෙහෙසට පත්ව, හා කණස්සල්ලෙන් පසුවන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් ඇයට උදවු ලැබෙන්න ඕන. ඔබටත් මෑතකදී මාතෘත්වය වැළඳගත් ඥාතිවරියක් හෝ මිතුරියක් සිටිනවානම් ඇය වෙත දිය හැකි හොඳම ත්‍යාග​ය වන්නේ ඇය පිළිබඳ ඔබ දක්වන සැලකිල්ලයි. Baby & me මෙම ලිපිය මගින් අලුත උපන් දරුවකු සිටින මවකට කොහොමද අපි උදව් කරන්න කියලා ඔබට කියලා දෙනවා

 

1. ඇයට නිදාගැනීම සඳහා දරුවා බලාගැනීම

විශේෂයෙන් අලුත උපන් කුඩා දරුවන්ගේ නින්ද ඒකාකාරී නැහැ. ඔවුන් සෑම පැයකට වරක්ම අවදිවන්න පුළුවන්. වගේම ඔවුන්ට මව්කිරි ලබාදීමත් සිදු කළ යුතුයි. ඒ නිසා අලුත උපන් දරුවකු සිටින මවකට නින්ද ඉතාමත් අඩුවෙනුයි ලැබෙන්නේ. ඉතින් ඔබට පුළුවන් දරුවා නිදි වෙලාවට ඇයට නිදා ගැනීමට ඉඩ සලස්වන්න. එහෙමයි නැතිනම් ඇය නිදි අතරෙ දරුවා අවදි වුනොත් ඔබට දරුවා බලාගන්න පුළුවන්

 

2. ගෙදර දොරේ වැඩ සඳහා ඇයට උදව් අවශ් දැයි විමසන්න

අලුත උපන් මවකට දරුවා රැකබලා ගැනීමත් සමඟ ගෙදර දොරේ වැඩ කටයුතු කළමනාකරණය කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. නිවස පිරිසිදු කිරීම, රෙදි සේදීම, මල් වලට වතුර දැමීම ආදි එකිනෙක වෙනස් වැඩ කටයුතු රාශියක් ගෘහණියකට කිරීමට තිබෙනවා. අලුත උපන් දරුවකු සිටින විට ඇයට මෙම කටයුතු සියල්ලක්ම කිරීම ඉතාමත් අපහසුයි. ඔබට පුළුවන් නම් නිවස පිරිසිදු කිරීමට, රෙදි සේදීමට හා ඒවා නැවීමට, පැලෑටි වලට වතුර දැමීම ආදිය කිරීමෙන් ඇයට උපකාර කරන්න පුළුවන්. නමුත් ඔබ ගැන සිතා ඇය මේවා ප්රතික්ෂේප කරන්න පුළුවන් ඒත් ඇත්ත වශයෙන්ම ඇයට උදව් අවශ්යයි. ඔබගේ උපරිමයෙන් ඇයට උදව් වන්න

 

3. දරුවා ලැබී මුල් දින හෝ සති කිහිපයේ ආහාර යැවීම

ඇතැම් විට ඔබට නිවසට ගොස් ඇයට උදව්වීමට හැකියාවක් නැතුව ඇති. එහෙම වෙලාවක ඔබට පුළුවන් නම් ඇයට අවශ් කෑම බීම සැපයීම කරන්න පුළුවන්. අවන්හල් සහ සබැඳි වෙබ් අඩවි බොහොමයක් තියෙනවා. ඔබට කෑම උයල යවන්න අමාරු නම් එවන් සේවාවක් මඟින් ඔබට ඇයගේ ආහාර යවන්න පුළුවන්. ඔබට තනියම හෝ මිතුරන් කිහිප දෙනෙකු සමග එක්වී සෞඛ් සම්පන්න ආහාර වේලක් සමඟ කෙටි කෑම සහ රසකැවිලි කිහිපයක් නව දෙමව්පියන් වෙත යැවීමට පුළුවන්. එතකොට ඔවුන් දරුවා බලා ගන්නා අතරම ආහාර පිසීමේ කරදරයෙන් නිදහස් වේවි

 

4. නිවසේ පිසින ලද ආහාර ඔවුන්වෙත යැවීම

නව දෙමව්පියන්ට බොහෝවිට දරුවාගේ කටයුතු සමග කෑම බීම පිළියෙල කර ගැනීමට අපහසුයි. ඔවුන් බොහෝ විට කඩකෑම ලබා ගැනීමට පෙළඹෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් නිවසේ පිසින ලද කල්තබා ගන්න පුළුවන් ආහාරපාන කිහිපයක් ඔවුන්ලබා දෙන්න. ශීතකරණයේ ගබඩා කළ හැකි, නැවත රත් කර පසුව ආහාරයට ගත හැකි ආහාර නැතිනම් කපන ලද එළවළු පළතුරු වර්ගත් ගොඩක් ප්රයෝජනවත් වේවි

 

5. වැඩිහිටි දරුවන් බලා ගැනීම

අලුත උපන් දරුවා ඔවුන්ගේ පළමු දරුවා නොවේ නම්, මවට අලුත උපන් දරුවා සමඟම අනෙකුත් දරුවන් බලා ගැනීම අසීරු වන්නට පුළුවන්. එතකොට ඇයට උදව්වක් වශයෙන් ළමයින් බැලීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමෙන් ඔබට ඇයට උදව් කළ හැකිය. ළමයින් උද්යානයට හෝ අයිස්ක්රීම් අරන් දෙන්න රැගෙන යාම නැතිනම් ඇයට නිදාගැනීමට ඉඩ සලස්වා ඔබ විසින් දරුවන් නිවසේ දී බලා ගැනීමෙන් ඇයට උපකාරී වීම වඩා වැදගත්. ඔබට දරුවන් ඉන්නවා නම්, ඔබට ඇගේ දරුවන්ව ඔබේ නිවසේ සෙල්ලම් කිරීමට පවා එක්ක යන්න ඉදිරිපත් වෙන්න පුළුවන්

 

6. සුරතල් සතුන් සිටීනම් ඔවුන් බලා ගැනීමට උදව් වීම

අලුත උපන් දරුවකු සිටින නිවසක සුරතල් සතුන් සිටී නම් ඔබට පුළුවන් ඔවුන් බලා ගැනීමට උදව් වන්න, ඇවිදින්නට ගෙන යාම, සතුන් නැහැවීම වැනි කටයුතු මගින් අලුත් අම්මට උදව් වන්න. එවිට දරුවා කෙරෙහි අවධානය යොමු කරන්න ඇයට ඉඩ සැලසෙනවා. 

 

7. පශ්චාත් ප්රසව ආතතියෙන් මිදීමට උදව් වීම

දරු ප්රසූතියේ දී හා ඉන් පසුව මවකට ඇතිවන මානසික ආතතියෙන් මිදීමට ඇයට උපකාරී වීම මිතුරියක් විදියට ඔබට කරන්න පුළුවන්

 

8. නිවසින් පිටතට යෑම කටයුතුවලට උදව් කරන්න

නිවසකට අවශ් සිල්ලර බඩු බෙහෙත් හේත් ගැනීමට නිතරම නිවසින් පිටතට යාම සිදුවෙනවා. නමුත් දරු උපතකින් පසුව නව දෙමව්පියන්ට දරුවාගේ කටයුතු සහ මවගේ ශාරීරික සහ මානසික සෞඛ් තත්ත්වය මත නිතර නිතර නිවසින් එළියට යාම අපහසුයි. ඒ නිසා ඔබට පුළුවන් නම් ඇයගෙන් විමසා ඇය වෙනුවෙන් සාප්පු සවාරි යාම සිදු කරන්න පුළුවන්

 

9. අලුත් මව සමඟ කාලය ගත කරන්න

සමහර විට හොඳම උපකාරය වන්නේ නව දෙමව්පියන් සමඟ කාලය ගත කිරීම සහ ඔවුන්ට ඇහුම්කන් දීමයි. අලුත උපන් දරුවා සම්බන්ධ නොයෙකුත් අත්දැකීම් ඔවුන් ඔබ හා බෙදා ගන්න කැමති වේවි. අලුත් මව හමුවීමට යන විට ඇයට දන්වා ආහාර සකස් කරගෙන ගොස් ඇයත් සමග ගුණාත්මක කාලයක් (spend some quality time ) ගත කරන්න පුළුවන්. ඇගේ නිවසේ සිටින විට, ඇගේ දරුවා පිරිසිදු කිරීමට හෝ රැකබලා ගැනීමට ඇයට උදව් කරන්නත් ඔබට පුළුවන්.

 

10. පින්තූර ගන්න

බොහෝවිට මව හෝ පියා අලුත් උපන් දරුවා සමඟ සෙල්ෆි ඡායාරූප ගන්නවා. නමුත් ඔවුන් තිදෙනාම එකට තබා ඡායාරූප ගැනීමට කිසිවකු නිවසේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ඔවුන් කැමති ආකාරයට අලුත් උපන් දරුවා සමඟ පවුලේ ඡායාරූපයක් ගැනීමට ඔවුන්ට උදව් කරන්න. එය ඔවුන්ගේ මතකයේ සැමදා තිබේවි

 

11. නව මවට තෑග්ගක් දෙන්න

බොහෝ අය අලුත උපන් බිළිඳාට තෑගි ගෙනිච්චත් මවතෑගි ලබාදීමට අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් මව කෙරෙහි ඔබේ අවධානය පෙන්වීමට, ඇයට විශේෂ දෙයක් තෑගි කරන්න. එය බොහෝ විට ඇය කැමති අතුරුපසක් නැතිනම් ඇය කැමති සැහැල්ලු රාත්රී ඇඳුමක්, පොතක් ආදී ඕනෑම දෙයක් ගන්න පුළුවන්. නැතිනම් ඇය වෙත සම්බාහනය සඳහා හෝ රූපලාවණ්‍ය සේවයක් සඳහා වවුචර් පතක් දීලා කාල සීමාවේදී දරුවා බලා ගැනීම ඔබට කරන්න පුළුවන්

 

12. රාත්රී කාලයේදී උදව් කිරීම

බොහෝ විට දිවා කාලෙදිත් දරුවා බලා ගැනීම, කිරි දීම නිවසේ අනෙකුත් කාර්යයන් කිරීම නිසා මව බොහෝ විට රාත්රී කාලයේ විඩාවට පත්වෙනවා. ඔබට පුළුවන් නම් රාත්රියේ ඇය සමඟ සිටිමින් ඇයට උපකාර කරන්න එය ඇයට ප්රයෝජනවත් වේවි

 

13. ළදරු නිෂ්පාදන සඳහා ඇයට උදව් කරන්න

බොහෝවිට අලුත් මව්වරුන් තම දරුවා සඳහා ළදරු නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන්ට පත් වනවා. ඇගේ මිතුරිය විදියට, දරුවාට අවශ් සියලුම නිෂ්පාදන, ඒවා භාවිතා කරන්නේ කෙසේද සහ ඇයට ඒවා මිලදී ගත හැක්කේ කොතැනින්ද යන්න සොයා ගැනීමට ඇයට උදව් කරන්න

 

අලුත් මවකට සහ දරුවාට මිල අධික තෑගි ලබා දීම ඉතාමත් පහසුයි. නමුත් ඇතැම් විට අලුත් මවකට වැඩිපුරම අවශ්‍ය වන්නේ තෑගිබෝග නොවෙයි. දරුවා සහ ඇගේ නිවස රැකබලා ගැනීමට ඇයට උදව් කිරීම, විශේෂයෙන් ඇයගේ හැඟීම් බෙදාගැනීම සඳහා ඇය ළඟින් සිටීම, ඇයට ඇහුම්කන් දීම අනික සියල්ලටම වඩා ඇයට වැදගත් වනවා. ඉතින් ඔබත් අලුත් මවකගේ මිතුරියක් නම් හෝ ඥාතිවරියක් නම් හෝ ඔබටත් ඉහත එක ක්‍රමයක් මගින් හරි ඇයට උපකාරී වන්න පුළුවන්.