අඳුරට බිය වීම නැවැත්වීමට ඔබේ දරුවන්ට උදව් කළ හැකි ක්‍රම 5 ක්

දරුවන් ඔවුන්ගේ හිතින් ගොඩනඟා ගන්නා රාක්ෂයන් ඇඳ යටින් එයි කියලා වගේම, මවාගෙන ඉන්න බියජනක සෙවනැළි ගැන බය වෙන එක පුදුමයක් නෙමෙයි. ඒත් බොහෝ ළමයින් වයසින් වැඩෙද්දී අවසානයේදී ඒ තත්ත්වයෙන් මිදෙනවා. ඔබේ දරුවාත් අඳුරට බිය වෙනවා නම් එම භීතියෙන් මිදීමට ඔබට උදව් කරන්න පුළුවන් ක්‍රම තියනවා. ඉතින් ඔබේ දරුවාට යම් ධෛර්යයක් ගොඩනඟා දීමට සහ අඳුරට බිය වීම නැවැත්වීමට ඔබට කළ හැකි දේවල් මෙන්න.

 

ඔබේ දරුවාට ඇහුම්කන් දෙන්න

ඔබේ දරුවාගේ බිය බැරෑරුම් ලෙස සලකන්න. ඒත් ඔවුන්ගේ ඇඳ යට පරීක්ෂා කර බලා එහි රාක්ෂයන් නොමැති බව පවසමින් දරුවන්ගේ මතය බැහැර කරන්න එපා. ඒකෙන් ඇත්ත වශයෙන්ම තත්ත්වය වඩාත් නරක අතට හරවන්න පුළුවන්. ඒ නිසා දරුවාව ඔබ විශ්වාස කරන බව ඔබේ දරුවාට පෙන්වන්න.

ඔවුන්ට බියක් දැනෙන්නේ කුමක් නිසාද කියලා ඔවුන්ගෙන් විමසන්න. ඔබ ඔවුන්ගේ බිය තේරුම් ගෙන තියනවා වගේම ඔබ ඒ ගැන අනිවාර්යයෙන්ම වෙන කාත් එක්කවත් නොකියන බව ද කියන්න. අවසාන වශයෙන්, ඔබේ දරුවන් ආරක්ෂිත බවත් ඔවුන්ට නැවත බියක් දැනුනොත් අවශ්‍ය ඕනෙම වෙලාවක ඔබ ඔවුන් වෙනුවෙන් සිටින බවත් ඔවුන්ට සහතික කරන්න.

 

ඔබේ දරුවාට ප්‍රශංසා කරන්න

ධනාත්මක තහවුරු කිරීම් මගින් අප සිතන ආකාරය වෙනස් කරන්න පුළුවන් බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. එයින් අදහස් වන්නේ ඔබ ඔබටම ධනාත්මක දෙයක් පැවසුවොත් ඔබටම එය විශ්වාස කිරීමට පටන් ගන්න පුළුවන් බවයි. අන්ධකාරයට ඇති බියට මුහුණ දීමට තරම් ඔබේ දරුවා නිර්භීත වීම ගැන ප්‍රශංසා කරන බව එයාට කිව්වොත් ඒක ඔබේ දරුවාට කරන උදව්වක් වෙයි. ඔවුන්ගේ ඇඳ යට යක්ෂයන් ගැන හෝ බියජනක සෙවනැලි ගැන වේවා, ඔබෙන් ලැබෙන එම ධනාත්මක වචන නිසා තමන්ගේ ඒ බියජනක හැඟීම ජයගන්න පුළුවන් කියලා විශ්වාස කරන්නට ඒ ප්‍රශංසාව දරුවන්ට උදව් වෙනවා.

 

Night lights සමඟ විනෝද වන්න

ඔබේ දරුවාට විවේකීව සිටීමට සහ ආරක්ෂිත බවක් දැනීමට උපකාරී වන නිර්මාණාත්මක නයිට් ලයිට්ස් බොහොමයක් වර්තමානයේදී වෙළඳපොළේ තිබෙනවා. නිදසුනක් වශයෙන් සතුන්, තරු හැඩයේ අලවන රාත්‍රී විදුලි පහන් වර්ග ඕනේ තරම් තිබෙනවා. ඔබේ දරුවාගේ කාමරය හෝ නිවස වටා, මධ්‍යම රාත්‍රියේ නාන කාමරයට යාමට අවශ්‍ය නම් දරුවන්ගේ සහයට ඒවා ඔවුන්ගේ ළඟ තබන්න පුළුවන්. එසේම ඔබ සාමාන්‍ය ලාම්පුවක් භාවිතා කරනවා නම් එයින් බියජනක සෙවනැලි ඇති නොකරන බවට වග බලා ගන්න. ඔබ දැනුවත් විය යුතු තවත් දෙයක් තමයි මෙම උපකරණවල දීප්තිය දරුවගේ නින්දට බාධා කරන්න පුළුවන් බව. ඒ නිසා දීප්තිමත් එළියක් නැති රාත්‍රියට සුදුසු විදුලි පහන් ගන්න.

 

ඔවුන්ගේ අඳුරු කාමරය ක්‍රීඩා පිටියක් බවට පත් කරන්න

ඔබේ දරුවා අන්ධකාරය කියන්නේ බියජනක හා භයානක දෙයක් ලෙස දකින්න පුළුවන්. නමුත් ඔබට ඔවුන්ගේ කාමරය දකින ආකාරය සහ අඳුර වැටෙන විට ඔවුන්ට දැනෙන ආකාරය වෙනස් ක‍රන්න පුළුවන්. නිදසුනක් ලෙස ඔබට සෙවණැලි රූප ඉදිරිපත් කිරීමක්, glow-sticks පාටියක්, glow-bracelets හෝ අඳුරේ දිදුලන මුද්‍රණ සහිත කමිස දරුවාට දෙන්න. එතකොට ඔවුන් අන්ධකාරය විනෝදජනක දෙයක් සමඟ සම්බන්ධ කරමින් සතුටු වෙන්න ඉගෙන ගනියි.

 

තත්පර 10 ක මෙම උපක්‍රමය උත්සාහ කරන්න

ඔබේ දරුවා අඳුරට බිය වීමට හේතුව ඇත්ත වශයෙන්ම අන්ධකාරයට ඇති බිය නිසාම නෙමෙයි එකවරම ආලෝකයෙන් අඳුරට වෙත මාරුවීමට සිද්ධ වෙන නිසා වෙන්න පුළුවන්. ඔබ හදිසියේම ආලෝකය නිවා දැමූ විට, ඒ සඳහා දරුවාගේ ඇස් සැකසීමට අවශ්‍ය නිසා තත්පර කිහිපයක් දරුවගේ ඇස් අන්ධ වීමක් වෙනවා. ඔබේ දරුවාට බියක් දැනෙන්නට පටන් ගන්නා තත්පර ගණන එයයි.

අන්ධකාරයට පහසුවෙන් හැඩගැසීමට ඔබේ දරුවාට උදව් කිරීමට ඔබට උත්සාහ කරන්න පුළුවන් උපක්‍රමයක් තිබෙනවා. විදුලි පහන් දැල්වෙමින් තිබියදී ඇස් වසා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඉන්පසු ඒවා නිවා දමන්න. ඔබේ දරුවාගේ දෑස් මත ඔබේ අත් දෙක තබා ඔබ සමඟ 10 වෙනකල් ගණන් කරන්න කියලා දරුවාගෙන් ඉල්ලා සිටින්න. ඒක අවසන් වුණාට පස්සේ ඔබේ අත් ඉවතට ගනිමින් දරුවට ඇස් අරින්න කියන්න. එහෙම කරනකොට කාමරය තුළ කලින් මෙන් එකවර අඳුරු බවක් දරුවාට දැනෙන්නේ නෑ. විශේෂයෙන් නයිට් ලයිට් එකක් සමඟ මේක කරන්න පුළුවන් නම් හොඳයි.