බෝතල‍යෙන් කිරි දීමේදි දරුවා නිවැරදි ඉරියව්වකින් තබා ගන්න

ඔබ දරුවාට මවුකිරි ලබාදීමේදි නිවැරදි ඉරියව්වක් අනුව දරුවා තබාගැනීම ඉතාමත් වැදගත්. එසේ නොමැති වුවහොත් දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර වීම හුස්ම හිරවීම වැනි දේ සිදුවිය හැකියි. විශේෂයෙන් ඔබ දරුවා බෝතලයක් මගින් පෝෂණය කරනවා නම් වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබට පියයුරු මගින් මවු කිරි ලබාදිය නොහැකි නම් පමණක් බෝතලය තෝරාගත යුතුයි. ඉන් විවිධ ගැටළු මතුවිය හැකි බැවින් බෝතලයෙන් කිරි දෙන අතරතුර දරුවා ස්ථානගත කළ යුතු නිවැරදි ආකාරය ගැන සෑම මවක්ම දැනුවත් වීම වැදගත්

 

දරුවා නිදා සිටින ඉරියව්ව කිරි දීමට සුදුසුද?

 

බොහෝ දෙමවුපියන් දරුවා ඇඳේ හෝ තොටිල්ලේ හාන්සිකර කිරි ලබාදීමට හුරු වුවත් එය දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එතරම් සුදුසු නොවේ. හුස්ම හිරවීමට වැඩි අවදානමක් ඇති අතර කන් ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. දරුවා බෝතලය මුඛයේ තබාගෙන නින්දට වැටිය හැකි අතර එය දත් වර්ධනය වන කාලයේ විවිධ දන්ත රෝග ඇතිවීමට හේතුවිය හැකියි

 

දරුවා වාතය උරා නොගන්නා බව සහතික කරගන්නේ කෙසේද?

 

දරුවා උකුලේ තබාගෙන පහසුවෙන් වාඩිවන්න. දරුවාගේ හිස ඔබගේ උදරයට ඉහළින් තිබිය යුතු අතර දැන් ඔබගේ වම් අතින් දරුවා රඳවා ගන්න. බෝතලය සූප්පුව දෙසට ඇලකර දරුවාගේ මුඛයේ රඳවන්න. එසේ නොකළ හොත් දරුවාට වාතය ලබාගත හැකියි. කිරි බොන අතරවාරයෙ සූප්පුව මුඛයෙන් ඉවත්කර හුස්ම පිටකිරීමට ඉඩ දෙන්න. එසේ නැතිනම් සූප්පුව පැතලි වුවහොත් රික්ත වාතය ඉවත් වීමට බෝතලය සෙමින් අදින්න

 

දරුවාට බෝතලයෙන් කිරි දීමට වඩාත් සුදුසුම ඉරියව්ව කුමක්ද?

දරුවා ඔබගේ උකුලේ තබාගෙන් ඔබගේ වම් අතින් දරුවා මදක් ඔසවා සිටින ඉරියව්ව බෝතලයෙන් පෝෂණයවඩාත් සුදුසුයි. එසේ නොමැති නම් දරුවා ඔබගේ උකුළේ වාඩිකරවාගෙන සිටින ඉරියව්වද භාවිතාකළ හැකියි. මෙම ඉරියව්වෙන් ළදරුවන් තුළ ගෑස් හෝ අම්ල ඇතුළුවීම වැළැක්වීමට හැකියි

 

බෝතලයෙන් කිරි දීම වෙනුවට ඇති ආදේශක මොනවාද?

 

දරුවාට කිරි දීමබෝතලය වෙනුවට කුඩා කෝප්පයක් භාවිතා කළ හැකියි. එහිදී ඔබ දරුවා ඔබගේ උකුලේ තබාගෙන වම් අතින් දරුවා මදක් ඉහලට කර ඔසවා අනෙක් අතින් දරුවාගේ මුවට කෝප්පය ළං කර දරුවාට කිරි බීමට දිය හැකියි. එසේ නොමැති නම් හැන්දක් මගින් දරුවාට කිරි පෙවිය හැකියි. නමුත් මෙහිදී දරුවාගේ මුඛයට ඉතා කුඩා ප්රමාණවලින් කිරි ඇතුල් කළ යුතුයි. දරුවාට මාස 6 ක් 7ක් පමණ වූ විට sipping cup හෝ spouted feeding cup එකක් භාවිතයෙන් කිරි ලබාදිය හැකියි

 

දරුවා පෝෂණය කරන උපකරණ සෞඛ් ආරක්ශෂිතව භාවිතා කරන්නේ කෙසේද?

  • භාවිතයට පෙර දරුවාගේ බෝතලය, සූප්පුව සහ එහි අනිකුත් කොටස් සියල්ල හොඳින් විෂබීජනාශකයක් භාවිතාකර පිරිසිදු වතුරින් සෝදා ගන්න
  • එමෙන්ම බෝතලයේ සියලුම කොටස් විශබීජහරණය කළ යුතුයි. එයට නටන උණුවතුරේ විනාඩි 20ක් පමණ තම්බා ගැනීම හෝ sterilizer උපකරණයක් මගින් විෂබීජහරණය කරගත යුතුයි
  • භාවිතයෙන් පසු දරුවා පෝෂණයට යොදා ගන්නා උපකරණ සියල්ල පිරිසිදු ස්ථානයක ගබඩා කර තබන්න
  • සෑමවිටම එම උපකරණ ආරක්ෂාකාරි සහ නියමිත ප්රමීතීන්ට අනුව සකසා ඇත්දැයි සැලකිලිමත් වන්න