ඔබේ දරුවා තවමත් මාපටැඟිල්ල උරා බොනවාද? එය නතර කරවන්නේ මෙහෙමයි!

ඔයාගේ දරුවා තවමත් තමන්ගේ මාපටැඟිල්ල උරා බොනවාද? මෙම පුරුද්ද සාමාන්‍යයෙන් දරුවා වයසින් වැඩෙත්ම, වර්ධනය වීමට ඉඩ නොදිය යුතු නරක පුරුද්දක්.

බොහෝ දරුවන් වයස අවුරුදු 5 ට පෙර දීම මේ පුරුද්ද අත් හරින නිසා මාපට ඇඟිල්ල උරා බීම ගැන ඔයා ඕනෑවට වඩා කරදර වෙන්න ඕනි නැහැ. නමුත් ඔයාගේ දරුවා වයස අවුරුදු 6 ඉක්මවා ඇත්නම් සහ තවමත් මාපටැඟිල්ල උරා බොනවා නම්, දරුවා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම වඩාත් යෝග්‍යයි. මොකද මෙම පුරුද්ද දරුවාගේ ස්ථිර දත් කෙරෙහි බලපෑමක් ඇති කරනවා. 

ස්ථිර දත් පෙනෙන්නට පටන් ගන්නා විටදිත් ඔයාගේ දරුවා තවමත් මාපටැඟිල්ල උරා බොන්නේ නම්, දරුවාගේ දත් වල ස්වාභාවික වර්ධනයට බාධා ඇති කරනවා. එවිට මෙවන් තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. 

 

දත් ඉදිරියට පැමිණීම

ඔයාගේ දරුවා අධික ලෙස මාපට ඇඟිල්ල උරන්නේ නම් දත් වල ඉහළ පේළිය ඉදිරියට නෙරා ඒම සිදුවනවා. ඒවගේම දරුවාගේ ඉදිරිපස දත් දෙක විශාල වෙන්න පුළුවන් .

 

කථන දුර්වලතා

දත් අක්‍රමවත්ව පෙළගැසීම නිසා සමහර කථන ආබාධවලට තුඩු දෙන්නට ඉඩ තිබෙනවා. 

මාපට ඇඟිල්ල ඉරීමෙන් සිදුවන හානිය කොතරම්ද යන්න පරීක්ෂා කිරීම සඳහා, එක්සත් ජනපදයේ අයෝවා හි දන්ත සෞඛ්‍ය කණ්ඩායමක් වයස අවුරුදු හතර දක්වා ළදරුවන් 400 ක් පමණ යොදා ගෙන පරීක්ෂණයක් කළා.

දරුවන්ගේ මාපට ඇඟිල්ල ඉරීමේ පුරුදු පිළිබඳව පර්යේෂකයන් නිතරම දෙමාපියන්ගෙන් ප්‍රශ්න කළා. වයස අවුරුදු හතරෙන් පසු දරුවන්ගේ දත් වලින් ආකෘති සාදනු ලැබුවා.

මෙහිදී වයස අවුරුද්දකට පෙර මාපටැඟිල්ල උරා බීම නැවතූ ළමයින්ගේ දත් හොඳ තත්ත්වයේ පැවති බව ඔවුන් දැකගත්තා. වයස අවුරුදු 2 වන විට මාපටැඟිල්ල ඉරීම නැවැත්වූ ළමුන්ගෙන් දළ වශයෙන් 6% කගේ දත් වලට හානි සිදුවී තිබුණා. වයස අවුරුදු 2 ත් 3 ත් අතරදී මාපට ඇඟිල්ල ඉරීම නැවැත්වූ ළමුන් අතරින් 13%කගේ දන්ත විකෘතිතා දකින්න ලැබුණු අතර මාපටැඟිල්ල උරා බීම නොනැවැත්වූ ළමයින්ගේ දත්වල හානි ඉතා ඉහළ ප්‍රතිශතයක පැවතුණි.

 විශේෂයෙන් වයස අවුරුදු හයෙන් පසුවද දරුවා දිගින් දිගටම මාපටැඟිල්ල උරා බොන්නේ නම් ස්ථිර දත් වලටද බලපාන බැවින් දෙමවුපියන් වශයෙන් එම පුරුද්ද ගැන දැඩි අවධානයක් දෙන්න.