දරු උපතින් පස්සේ ඔබට බොහෝ කරදර ගෙන එන episiotomy එකක් වළක්වා ගන්නේ මෙහෙමයි

episiotomy කියන්නේ යෝනි​ය සහ ගුදය අතර ප්‍රදේශය වන perineum හි කරන ශල්‍ය කැපුමක්. ගර්භණීභාවයේ ඇතැම් අවස්ථාවලදී episiotomy ඇති වීම වළක්වන්න බැරි වුණත්, පර්යේෂකයන් සහ මිඩ්වයිෆ්ලා විශ්වාස කරන්නේ episiotomy වළක්වන්න පුළුවන් බවයි.

 

කෙනෙකුට episiotomy අවශ්‍ය වන්නේ කොයි වෙලාවේදීද ?

දරු ප්‍රසූතියේදී අධික ලෙස යෝනිය ඉරීමේ ඉඩක් තිබෙනවා නම්, ළදරුවා අසාමාන්‍ය තත්ත්වයක සිටිනවා නම් හෝ ඔබේ දරුවා ඉක්මණින් ප්‍රසූත කිරීමට අවශ්‍ය නම් ඔබට episiotomy එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍යවරයක් episiotomy එකක් සිදු කිරීමට හේතු කිහිපයක් තමයි මේ,

ඔබේ දරුවාගේ හෘද ස්පන්දන වේගය වැඩි නම් ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔක්සිජන් නොමැතිකම නිසා ඔහුගේ හුස්ම හිරවී ඇති බවත්, ඉක්මණින් ඔක්සිජන් ලබා දිය යුතු බවයි. 

ඔබේ දරුවා අධික බර හෝ විශාල නම්

දරුවා ප්‍රසූත කිරීමේදී ස්ථාන කිහිපයක ඉරීම් ඇතිවීමට ඉඩ තිබේ නම්

උපත් මාර්ගයට ඇතුළු වීමෙන් පස්සේ දරුවා පීඩාවට පත් වෙලා නම්

දරුවාගේ හිස විශාල නම්

දරුවාගේ තට්ටම් මුලින් එළියට එන උපතක් නම් (breech birth)

යෝනි මාර්ගය වටා ප්‍රමාණවත් ඉඩක් නොමැති නම්, දරුවා පිටතට ඇද ගැනීම සඳහා forceps භාවිතා කිරීමට

දරුවාගේ උරහිස් හිර වුණොත්

 

episiotomy වල අතුරු ආබාධ

බොහෝ කාන්තාවන් දරුවන් ප්‍රසූත කිරීමේදී episiotomy තත්ත්වයට භාජනය වෙනවා. episiotomy කියන්නේ බරපතල අතුරු ආබාධවලට තුඩු දෙන්න පුළුවන් දෙයක් වන අතර episiotomy එකක් වළක්වා ගන්නේ කොහොමද යන්න පිළිබඳව ලෝකයේ විවිධ පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. මෙහිදී කාන්තාවන්ට වෙන ආසාදන, තැලීම්, ඉදිමීම් සහ ලේ ගැලීම් නිසා දරු ප්‍රසූතියෙන් පස්සේ ද පීඩා විඳින්න වෙන්න පුළුවන්. 

episiotomy එකකින් පස්සේ වේදනාකාරී තුවාලය හේතුවෙන් සති කිහිපයක් හෝ මාස ගණනක් ලිංගිකව හැසිරීමෙන් ද වැළකී සිටීමට ඔබට සිදු වෙනවා. සාමාන්‍යයෙන් episiotomy එකක් සුව වීමට බොහෝ කාලයක් ද ගත වෙනවා. තුවාලය සුව වූ පසුව පවා ලිංගික සංසර්ගයේ යෙදුණොත් තුවාලය නැවත දරුණු වෙමින් දින කිහිපයක් ඔබට නැවත වේදනාකාරී වෙන්න පුළුවන්.

 

episiotomy එකකින් වැළකී සිටීම

අනවශ්‍ය episiotomy එකක් වළක්වා ගන්න පුළුවන් පළමු පියවර වන්නේ ඔබේ වෛද්‍යවරයා සමඟ ගැටලුව ගැන සාකච්ඡා කිරීමයි. දරු උපත පිළිබඳව තියන ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න. episiotomy වැදගත් තාක්ෂණික ක්‍රම කිහිපයකින් වළක්වා ගන්න පුළුවන්.

යෝනිය සහ ගුදය අවට ප්‍රදේශය (perineum) සම්බාහනය කරන්න

Perineal massage හෙවත් පෙරිනියම් සම්බාහනය කියන්නේ දරු ප්‍රසූතියේදී ඉරීම් වැළැක්වීමට සහ episiotomy එකක් කිරීම වළක්වා ගැනීමට සුදුසු එක් ක්‍රමයක්. ගර්භණී අවධියේ 34 වන හෝ 35 වන සතියේ සිට දරු ප්‍රසූතිය දක්වා දිනකට මිනිත්තු 5-10 අතර කාලයක් perineal සම්බාහනය ආරම්භ කරන්න ඔබට පුළුවන්. Perineal සම්බාහනය ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කිරීම වඩා හොඳයි.

සම්බාහනය ආරම්භ කිරීමට පෙර ඔබේ නියපොතු කපා ඔබේ අත් හොඳින් සෝදන්න. සුදුසු ස්ථානයක සුව පහසු ඉරියව්වක වාඩි වෙන්න. ඔබේ ඇඟිලිවල ප්‍රමාණවත් තරම් තෙල් හෝ ලිහිසි තෙල් ආලේප කර ගන්න. එතකොට පර්යන්ත පටක හා පහළ යෝනි බිත්තිය සම්බාහනය කිරීම පහසු වෙනවා. නිසි ලිහිසි කිරීම් සඳහා ඔබේ මාපටැඟිල්ලේ හෝ පෙරිනියම් වටා KY ජෙල්, ඔලිව් තෙල්, විටමින් ඊ තෙල්, ආමන්ඩ් තෙල් හෝ පිරිසිදු එළවළු තෙල් ද භාවිතා කරන්න පුළුවන්.

Perineal සම්බාහනය කිරීම සඳහා ඔබේ මාපටැඟිල්ල භාවිතා කිරීම පහසුයි. ඔබේ මාපටැඟිල්ල යෝනි මාර්ගයට ඇතුළු කරන්න. යෝනි මාර්ගයේ පාදම සහ පැති බිත්ති සම්බාහනය කරමින් මෘදු නමුත් ස්ථිර පීඩනයක් භාවිතා කරමින් ‘U’ හැඩයට සම්බාහනය ගැනීමට උත්සාහ කරන්න. ඔබේ යෝනි මාර්ගයේ පහළ කොටස මෘදු ලෙස බාහිර දිශාවකට සම්බාහනය එක්ක පටක ඇදීමෙන් දරුවාගේ උපත සඳහා යෝනි මාර්ගය හොඳින් සූදානම් කරන්න පුළුවන්.

 

කීගල් ව්‍යායාම

episiotomy එකක් වළක්වන්න පුලුවන් අනෙක් ක්‍රමය කීගල් ව්‍යායාම කිරීමයි. එය ශ්‍රෝණි තට්ටුවේ ව්‍යායාමයක්. මුත්‍රා පිටවීම නැවැත්වීම සහ ආරම්භ කිරීම හෝ ශ්‍රෝණි මාංශ පේශි තද කිරීම සහ ලිහිල් කිරීම කීගල් ව්‍යායාමයේ මූලික ආකාර වෙනවා. මාංශ පේශි ඇදීම හරහා පෙරිනියම් පටක වලට හොඳ ව්‍යායාමයක් ලබා දෙන අතර එමඟින් දරු උපතේදී ඔබට tears සහ episiotomy තත්ත්වයක් ඇති වීම ද වළක්වයි.

 

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ගැඹුරු හුස්ම ගැනීම්

පෙරිනියල් සම්බාහනය සහ කීගල් ව්‍යායාම හැරුණු විට ඔබ හොඳ පෝෂණයක් ලබා ගත යුතු අතර ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබ අනුගමනය කරන්න ඕනේ. ගර්භණී සමයේදී ඔබේ හුස්ම ගැනීම සහ හුස්ම හෙලීම පාලනය කිරීමෙන් ද උපත පහසු කරවනවා.

 

episiotomy තත්ත්වය එහි අවශ්‍යතාවයකින් තොරව සිදුකරන අවස්ථා කිහිපයක් ද තිබෙනවා. මෙය කිරීමඅට අවස්ථාව ඇතිවීම වළක්වාගන්න ඉහතා උපක්‍රම භාවිතය ප්‍රසූතියෙන් පසු ගැටළු අවම කරගැනීමට වටිනවා. ඇත්ත වශයෙන්ම කෙනෙක්ට episiotomy එකක් කිරීම වළක්වන්න බැරි දරුණු අවස්ථාවල දී එය සිදු කිරීම අවශ්‍යම දෙයක් වෙන්න පුළුවන්. ඔබ දරුවෙක් ලබන්නට සැලසුම් කරනවා නම් හෝ ඔබ ගැබිණියක් නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරගෙන අනවශ්‍ය episiotomy තත්ත්වයකින් වළකින්න.