අසභ්‍ය දර්ශන නැරඹීම සම්බන්ධයෙන් දරුවා සමග කතා කරන්නේ කෙසේද?

වර්තමානයේ දරුවන් ඇතිදැඩි වන්නේ දෙමවුපියන් ලෙස ඔබ අප ඇති දැඩිවූ සමාජයේ නොවේ. එම කාලයේදි වර්තමානයේ තරම් සුලබව කාමුක දර්ශන සහිත විඩීයෝ පට නැරඹීමට නොහැකියි. නමුත් වර්තමානයේදී කාමුක දර්ශන සහිත වීඩියෝ පට අත මානයේ තිබෙන අතර දෙමවුපියන් ලෙස ඔබ සම්බන්ධව දරුවා සමග කතා කිරීම ඉතා වැදගත්

දරුවන් එවැනි අසභ් දර්ශන නැරඹීමට ඇබ්බැහි වීමෙන් වළක්වා ගැනීමට අප පියවර ගත යුතුයි. එමෙන්ම සම්බන්ධයෙන් දරුවන් සමඟ සාකච්ඡා කිරීම වැදගත් නමුත් දරුවා සමග එවැනි සාකච්ඡාවකට යොමු වන්නෙ කෙසේදැයි ගැටළුවක් ඔබටත් ඇති. එසේ නම් මෙම ලිපිය ඔබටයි. දරුවන් සමග ඵලදායි ලෙස සහ හිතකර ලෙස දරුවන් සමග කතාකරන්නේ කෙසේද යන්න ඉදිරිපත් කර තිබෙනවා

 

මගේ දරුවා අසභ් දර්ශන සහිත වීඩියෝ නැරඹීමට යොමු වෙයිද?

ඇතැම් විට ඔබ දරුවාට අන්තර්ජාල පරිශීලනයේ යෙදීමේදී යම් යම් ආරක්ෂණ මෙවලම් තුළින් සීමා පනවා ඇති. නමුත් එය කෙසේවත් සහතික කළ නොහැකියි. යථාර්ථ නම්, ඔබ නොහිතන ඕනෑම විදියකින් දරුවාට අසභ් දර්ශන ගැන දැනුවත් වීමක් සහ එයට පෙළඹීමක් ඇතිවිය හැකියි. උදාහරණයක් ලෙස දරුවාට වැරදීමකින් සටහන් වන වෙබ් අඩවියකින්, නැතිනම් යම් ඡායාරූපයක් ක්ලික් වීමෙන්, අනපේක්ෂිත කෙටි පණිවිඩයක් මගින් ලැබෙන සම්බන්ධකයක් (link) මගින් දරුවාට අසභ් දර්ශන වලට පෙළඹීමක් ලැබිය හැකියි

එමෙන්ම වඩා වැදගත් කාරණය වන්නේ ඔබේ දරුවා වයසින් වැඩෙත්ම ලිංගික සම්බන්ධකම් කෙරෙහි උනන්දුවක් දක්වන විට, ඔවුන් ඉතා හොඳින් කාමුක දර්ශන සෙවීමට සහ යම් යම් මිතුරු සංවාද මගින් ඒවා ලැබීමට හැකියි

 

දරුවා අසභ් දර්ශන නැරඹීමයොමුවිය හැකි ආකාර

ස්පෑම් විද්යුත් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් විවෘත කිරීමෙන්

වෙබ් ලිපිනයක් වැරදි ලෙස ටයිප් කිරීම

ලිංගික අර්ථයක් තිබිය හැකි ලිංගික නොවන පදයක් අන්තර්ජාලය තුළ සෙවීමෙන්

අන්තර්ජාලයේ ඇති වෙළඳ දැන්වීම් ක්ලික් කිරීමෙන්

 

දරුවා සැමවිටම ඔබේ අධීක්ෂණය නොසිටින අතර ඇතැම් විට ඔබගෙ නිවසේ වෙනත් වැඩිහිටියකු එවැනි දර්ශන නරඹනු දැකීමෙන් දරුවා එවැනි දේට යොමු විය හැකියි. එමෙන්ම දරුවා වයසින් වැඩෙන විට සම වයසේ මිතුරන්, වැඩිහිටි සහෝදර සහෝදරියන් මගින් හෝ නැතිනම් ඔවුන් විසින්ම මෙවැනි දර්ශන සහිත වීඩියෝ පට අන්තර්ජාල සෙවීමට ඉඩ තිබෙනවා

ලිංගිකත්වය කෙරෙහි ගවේෂණය ඉතා සාමාන් වන නමුත් අසභ් වීඩියෝ පටවල එන ඇතැම් දර්ශන තාත්වික සහ යථාර්ථවාදි නොවන බවත් සෞඛ් සම්පන්න නොවන ලිංගික දර්ශන ඇතුළත් වන බවටත් දරුවා දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. 

 

 

අසභ් දර්ශන ගැන සාකච්ඡා කිරීම වැදගත් වන්නේ ඇයි?

දරුවන් අසභ් දර්ශන නැරඹීමට ඇබ්බැහි වීමෙන් ඇතිවන අහිතකර බලපෑම් ගැන දැනුවත් නොමැති අතර ඔවුන්ට ගැන දැනුවත් වීමමාර්ගයක්ද නැහැ. පාසලේ දි සෞඛ් විෂයඇතුළත්වන්නේ ලිංගිකත්වය ගැන මූලික කාරණා පමණයි. ඒ නිසා දෙමවුපියන් ලෙස ඔබ දරුවා සමග අසභ් ලිංගික දර්ශන නැරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි

ජීවිතයේදි සැබෑ ලිංගිකත්වය කෙබඳු විය හැකිද යන්න මෙම අසභ් දර්ශනයන් තුළින් වෙන්කර හඳුනා ගැනීමට සහ සම්බන්ධව ඉගෙන ගත හැකි වන පරිදි අසභ් ලිංගික දර්ශන තුළින් සැබෑ ලිංගිකත්වය නිරූපණය කරන්නේද යන්න ගැන අපි අපේ දරුවන් දැනුවත් කළ යුතුයි. එමෙන්ම ආරක්ෂාකාරීව හා වගකීමෙන් යුතුව ලිංගිකව හැසිරීම සිදුකළ යුතු ආකාරය දරුවාට සරලව පැහැදිලි කළ යුතුයි

එමෙන්ම දරුවාට එවැනි දර්ශනයන් ගෙන් ඇතිවන බාධාවන් ගැන සාකච්ඡාවට ඔබ ඔවුන් සමග සිටින බවද දැන්විය යුතුයි

 

අසභ් දර්ශන නැරඹීම සම්බන්ධව දරුවා සමග සාකච්ඡාවට ප්රවේශ විය හැකි ආකාර  

වයස අවුරුදු 10 අඩු කුඩා දරුවන්

මෙම වයසේ පසුවන දරුවකු සමග සාමාන්යයෙන් කාමුක දර්ශන ගැන විස්තරාත්මකව සාකච්ඡා කිරීම එතරම් අවශ් නැහැ. නමුත් අවුරුදු 10 වඩා වැඩි නව යොවුන් වියේ සිටින දරුවන් සමඟ ලිංගික හැසිරීම් සහ කාමුක දර්ශන ගැන සාකච්ඡාවකදී ඔබ සිතා බැලිය යුතු ප්රධාන කරුණු වන්නේ,

හිතකර ආදර ගණුදෙනුවක් බව අවධාරණය කරන්න

සෑම දරුවකුටම එකිනෙකා වැළඳ ගැනීම, සිප ගැනීම වැනි කාරණා තේරුම් ගත හැකියි. ලිංගිකත්වය යනු එසේ වැඩිහිටියන් දෙදෙනෙකු අතර වන සංකල්පයක් ලෙස තේරුම් කරන්න

 

ලිංගිකත්වය ගැන සරල හා ඍජුව කතා කරන්න

දරුවා සමඟ ලිංගික සංසර්ගය ගැන කතා කරන විට ශරීරයේ කොටස් සඳහා නිවැරදි නම් භාවිතා කරන්න. (උදාහණ ලෙස ශිෂ්ණය සහ යෝනිය) ඔවුන්ට ප්රශ්න ඇති විය හැකි අතර, තිගැස්ම හෝ පිළිකුල ප්රකාශ කළ හැකියි. දරුවාට එම හැඟීම් සාමාන් බව තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ ප්රශ්න වලට අවංකව පිළිතුරු දීමට උත්සාහ කරන්න

 

අන්තර්ජාලය තුළ ඔවුන්ට හමුවිය හැකි දේ ගැන කතා කරන්න

දරුවන් සමග අසභ් දර්ශන සම්බන්ධව විස්තරාත්මකව සාකච්ඡා කිරීම අවශ් නොවේ. වැඩිහිටියන් සමහර විට ලිංගිකත්වය හා සම්බන්ධ වීඩියෝ, ඡායාරූප අන්තර්ජාලයේ පලකරන බවත් අහම්බෙන් ඒවා ළමයින්ට දැකිය හැකි බවත් පවසන්න. එවැනි දේ හමුවුවහොත් ඔබව දැනුවත් කරන ලෙසටත් දරුවාට දැනුම් දෙන්න, මෙම තොරතුරු ඔබ සමඟ බෙදා ගැනීමට ඔවුන් ආරක්ෂිත බවට හැඟීමක් ඔබේ දරුවාට ඔබ දැනවිය යුතුයි. එවිට දරුවා ගැටළු ඇතිවූ විට ඔබ කරා පැමිණේවි

 

ලිංගිකත්වය ගැන දරුවාගේ වයසට ගැලපෙන කරුණු හුවමාරු කරගන්න

දරුවා සමග ලිංගිකත්වය සම්බන්ධව කතා කරන විට දරුවාගේ වයසට සුදුසු ආකාරයෙන් ලිංගිකත්වය ගැන ලියවුණ පොත් සම්බන්ධ කරගෙන කරුණු පහදා දෙන්න

 

මධ්යම සහ නව යොවුන් දරුවන් සමග සාකච්ඡා කළයුතු ආකාරය

ඔබගේ දරුවා ක්රමයෙන් වයසින් වැඩෙන විට තනිවම හෝ සම වයසේ මිතුරෙකු විසින් හෝ අසභ් දර්ශන සහිත වීඩියෝ හෝ ඡායාරූප පරිශීලනයට පෙළඹිය හැකියි. ඒ නිසා ඔබ දරුවා සමග එවැනි දේ පිළිබදව සාකච්ඡා කර තිබීම වැදගත් වෙනවා. ඔබට සදහා ධනාත්මක ප්රවිශ්ඨයක් ලබාගත හැකියි

 

සැහැල්ලු ලෙස කතාවට ප්රවිශ්ඨ වන්න

ඇවිදීමේදී හෝ පා ගමනකදී නැතිනම් මෝටර් රථයෙන් ගමනක් යනවිට ඔබට සැහැල්ලු ලෙස කතාවට ප්රවිශ්ඨ වන්න. එවිට ඔබට දරුවා සමග මෙවැනි මාතෘකාවක් කතා කිරීමේදි ඇතිවන යම් අපහසුතාවක් ඇතිනම් එය මගහරවා ගත හැකියි

 

දරුවා ගැන ඔබ සතුව පූර්ව විනිශ්චයක් තබා නොගන්න

දරුවා අසභ් දර්ශන නැරඹීම කරන බවට ඔබ තුළ විනිශ්චයක් ඇති බව හැඟවීමෙන් වළකින්න. අසභ් දර්ශන නැරඹීම ගැන ඔබ ඔවුන්ට චෝදනා නොකරන අතර අනාගතයේදි ඒවා නැරඹුවහොත් ඔබ ලබාදෙන දඬුවම් ගැන නොපවසන්න

 

ප්රශ්න කිරීමේදි සැලකිලිමත් වන්න

මෙම වයසේ පසුවන බොහෝ දරුවන් තමන් සියලු දේ දන්නවා යන හැඟීමෙන් පසුවනවා. ඒ නිසා ඔබ ඔවුන්ට තොරතුරු දීමෙන් වළකින්න. හැකිනම් සංවාදය ඉදිරියට ගෙනයාමට දරුවාට ඉඩදෙන්න

 

අසභ් දර්ශන සහ සැබෑ ලිංගිකත්වය ගැන කතා කරන්න

අසභ් දර්ශන ගැන ඔබේ නව යොවුන් වියේ හෝ නව යෞවනයෙකු සමඟ සාකච්ඡා කිරීමේදි, එවැනි දර්ශන සැබෑ ජීවිතයේ ලිංගිකත්වයෙන් වෙනස් වන ආකාරය තේරුම් ගැනීමට ඔබ ඔවුන්ට උපකාර කිරීම වැදගත් වෙනවා. එසේ නොමැති වුවහොත් දරුවා ඔවුන්ගේ පළමු ලිංගික අත්දැකීම එවැනි අසභ් දර්ශනයන්ට සමාන වියහැකියි සිතීමට ඉඩ තිබෙනවා

 

සම්මතය සහ සීමාව ගැන කතා කරන්න

ඇතැම් අසභ් දර්ශන තුළින් නිරූපණය කරන්නේ එකඟතාවයකින් තොරව සිදු වන ලිංගික ගැටුම්, අපයෝජනය, ප්රචණ්ඩත්වය හෝ දූෂණය වැනි සිදුවීම්ය. නමුත් සැබැ ජීවිතයේ ලිංගික ජීවිතය මෙයින් වෙනස් වන බව දරුවා තේරුම් ගැනීම වැදගත් වෙනවා. ලිංගික ක්රියාවලදී කැමැත්ත පැහැදිලි හා උද්යෝගිමත් විය යුතු බවත්, ඔබේ ලිංගික සහකරුගේ අභිරුචිය සහ හැඟීම් කෙරෙහි ගරු කළ යුතු බවත් වටහා දිය යුතුයි

 

හැඟීම් උද්දීපනය සාමාන් බව වටහා දෙන්න

ලිංගික ක්රියාකාරකම් ගැන වීඩියෝ හෝ ඡායාරූප බැලීමේදී නව යොවුන් වියේ පසුවන අයට ලිංගික උද්දීපනයක් දැනීම සාමාන් දෙයක්. එවැනි දේ සම්බන්ධයෙන් ඔබ දරුවා අපහසුතාවයට පත් නොකළ යුතුයි. එසේ වුවහොත් දරුවා ඔවුන්ගේ හැඟීම් ඔබ සමග නොපවසාවි

 

ලිංගික ක්රියාකාරකම් හිදි ආරක්ෂිත පියවරයන් ගැන වටහා දිය යුතුයි

බොහෝ අසභ් ලිංගික දර්ශනයන් හිදි ආරක්ෂිත පියවරයන් ගැන අඩංගු නැහැ. නමුත් වැඩිහිටියකු ලෙස ඔබ අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් සිදුවන අයහපත් බලපෑම් ගැන ඔබ වඩාත් හොඳින් දැනුවත්. ඒඩ්ස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්රේෂණය විය හැකි රෝග මෙන්ම අනවශ් ගැබ් ගැනීම් දේ වලින් වැළකී ආරක්ෂිත ලිංගික ජීවිතයක වැදගත් කම ඔබගේ යොවුන් සහ නව යොවුන් වියේ පසුවන දරුවාට වටහා දීම වඩාත් වැදගත් වෙනවා. 

බොහෝ දෙමවුපියන් මෙවැනි ලිංගිකත්වය හා සම්බන්ධ කරුණු දරුවන් සමග සාකච්ඡා කිරීම කෙරෙහි ප්රියතාවයක් දක්වන්නේ නැහැ. නමුත් අප කොතරම් අකමැති වුවත් ඔවුන් දිනක එවැනි දර්ශන නරඹනු ඇතැයි යන්න අපට මගහැරිය නොහැකි සත්යයක්. ඒ නිසා ඔබගේ දරුවාට එවැනි දේඇබ්බැහි වීමෙන් වන හානිය වළකා ගැනීමට අවශ් නම් ඔබ දරුවා සමග සෞඛ් සම්පන්න හා අධ්යාපනික වශයෙන් සාකච්ඡා කළ යුතුයි

 

ඔබට දරුවා සමග මෙවැනි කරුණු සාකච්ඡා කිරීමේ නොහැකියාවක් ඇතිනම් ළමා රෝග විශේෂඥ වෛද්යවරයා, පාසල් උපදේශකවරයා හෝපදේශකයෙකු සමඟ සාකච්ඡා කර උපදෙස් ලබාදිය හැකියි. වර්තමානයේ අප ජීවත් වන්නේ දෙමවුපියන් ලෙස අප කුඩාකල ගත කළා වැනි යුගයක නොවේ. දියුණු තාක්ෂණය සමග දරුවන් වඩාත් ඉක්මණින් හොඳට වඩා නරක උකහා ගනු ලබනවා. ඒ නිසා දෙමවුපියන් ලෙස ඔබ වඩාත් විමසිලිමත් වීම ඉතාමත් කාලෝචිත බවයි අපගේ විශ්වාසය