ස්වයං වින්දනය සම්බන්ධව ඔබ දරුවා සමග කතා කළ යුතුද?

දරුවන් ක්රම ක්රමයෙන් වයසින් වැඩෙන විට ඔවුන් තුළ විවිධ දේ සම්බන්ධයෙන් පවතින්නේ කුතුහලයක්. ඉනුත් ලිංගික කටයුතු පිළිබඳ දරුවන් තුළ ඇති උනන්දුව විටෙක දෙමවුපියන්ට විශාල පීඩාවක් ගෙන දෙනවා. නමුත් මෙම තත්ත්වය ඉතා සාමාන්යයි

නව යොවුන්වියට එළඹීමත් වැඩිවිය පැමිණීමත් සමග දරුවන් තුළ නව පිබිදීමක් ඇතිවනවා. එසේ වන්නෙ ඔවුන් තුළ වන හෝමෝන වෙනස්කම් හේතුවෙනුයි. ශරීරයේ සිදුවන නව වෙනස්කම් ආදිය හේතුවෙන් මෙම කාලසීමාව දරුවාගේ හැඟීම් වලට සහ මානසික තත්ත්වය යම් කැළඹිලි සහගත බවක් ගෙන දෙනු ලබනවා. විශේෂයෙන් දරුවන් මෙම කාල සීමාව තුළ තමා පිළිබඳව මින් පෙර දැන නොසිටි කරුණු සම්බන්ධයෙන් දැනුවත් වනවා. ඔබ දෙමවුපියන් ලෙස කළ යුතු වන්නේ දරුවා ළමා වයසේ සිට වැඩිහිටි වියට පා නගන මෙම අකාල සීමාව තුළ දරුවාට සවියක් වීමයි. සාමාන් ශාරිරික අවශ්යතාවයක් වන ස්වයං වින්දනය ලැබීම වැනිදේ සඳහා දරුවා පෙළඹිය හැකි අතර වැඩිහිටියකු ලෙස ඔබ එය තේරුම් ගැනීමෙන් පමණක් දරුවාට සහය වීමට හැකියි

 

නොදැනුවත්කම සතුටට කරුණක් නොවේ

බොහෝ දෙමවුපියන් ලිංගිකත්වය, ස්වයංවින්දනය වැනි මාතෘකා සම්බන්ධයෙන් දරුවන් සමඟ කතා කිරීමට මැලිකමක් දක්වනවා. නමුත් ඔබත් එම වයසේදී එවැනි හැඟීම් වලට මුහුණ දුන් කෙනෙක් එම නිසා දරුවා සමග පැහැදිලි සන්නිවේදනයක් තබා ගැනීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඔබ දරුවා සමග අනිවාර්යෙන් සාකච්ඡා කිරීම වැදගත්. ඒ නිසා ස්වයං වින්දනය මගින් දරුවාට සිදුවන්නේ කුමක්දැයි ඔබට හොඳින් වටහා ගත හැකියි. මෙවැනි මාතෘකා ඔවුන් සමවියේ පසුවන මිතුරු මිතුරියන් අතර නිතර කතාබහ වනවා. නමුත් දරුවා එතුළින් අසත් තොරතුරු ලබා ගන්නවාට ඔබ අකමැතියි නේද?

 

දරුවා අපහසුතාවයට සහ ලැජ්ජාවට පත් නොකරන්න

දරුවන් වයසින් වැඩෙන විට දෙපාර්ශවය අතරම පවතින්නේ කතා කිරීමට ඇති බියයි. නමුත් ඔබේ දරුවායි, එමෙන්ම ඔබ දරුවාගේ මව හෝ පියායි. ඒ නිසා දරුවාට ගැටළුකාරි අවස්තාවලදී ඔබ වෙත පැමිණ කතාබස් කිරීමට කුඩා කල සිටම ඉඩ සලසා ගන්න. යොවුන් වියේදි ඇතිවන හෝමෝන වෙනස්කම් සමග ඇතිවන යම් යම් ආශාවන් ඉතාමත් ස්වභාවික බවත් ස්වයං වින්දනය මගින් දරුවාගේ සෞඛ්යයට යම් ගැටලුවක් ඇති නොවන බව පැහැදිලිව වටහා දෙන්න. ඉතාමත් වැදගත් දෙයනම් ස්වයං වින්දනයේ යෙදීම වරදක් නොවන බවත් ගැන ලැජ්ජා නොවිය යුතු බවත් පවසන්න

 

ඔබ එය කතා කරන ආකාරය ඉතා වැදගත්

දරුවා සමග මෙවැනි කරුණු සාකච්ඡා කරන්නේ කෙසේදැයි ඔබට ගැටළුවක් ඇති. එසේනම් ඔබ දරුවා සමග මිත්රශීලි කතාබහකට සූදානම් වී ස්වයං වින්දනය යනු කුමක්දැයි පැහැදිලි කර කතාවට ප්රවේශ වන්න. දරුවා තුළ සෘණාත්මක හැඟීම් ඇති නොවනා පරිදි එය සතුට වෙනුවෙන් කරනා දෙයක් බවත් එය යමෙකුගේ සිරුරේ අතිශය පෞද්ගලික ඉන්ද්රීන් ස්පර්ශ කිරීම බව පවසන්න. ඔබ අදාල කාරණාවට වටේ නොයා කෙළින්ම අවතීර්ණ වීමෙන් දරුවා තුළ යම් ව්යාකූල බවක් ඇතිවීම වළකාලිය හැකියි. දරුවා සමග කතා කරන විට ලැජ්ජාශීලී වෙන්න එපා. එවිට දරුවා කාරණාව නිසි පරිදි ග්රහණය කරගනු ලබාවි

 

උදාහරණ භාවිතා කරන්න

ස්වයං වින්දනය ගැන දරුවා සමග කතා කරන විට සැබෑ ජීවිතයේ උදාහරණ යොදාගන්න. එමෙන්ම මෙවැනි පෞද්ගලික කාරණා ප්රසිද්ධියේ සිදු නොකරන බවත් එය ඔහුගේ හෝ ඇයගේ නිදන කාමරයට පමණක් සීමා විය යුතු බවටත් වටහා දෙන්න. උදාහරණ ලෙස අප වැසිකිළි ගොස් සිදුකරන කටයුතු ප්රසිද්ධියේ සිදු නොකරනවා මෙන් ස්වයං වින්දනය වැනි දේත් එසේ විය යුතු බවට සරලව වටහා දෙන්න

 

ඔබ වෙත පැමිණ සාකච්ඡා කිරීමට දරුවා දිරි ගන්වන්න

ඔබ කුඩා කලදී මෙන් නොවේ අද කාලයේ දරුවන්ට තොරතුරු ලබා ගැනීමට නොයෙකුත් ක්රම තිබෙනවා. විශේෂයෙන් අන්තර්ජාල පරිහරණය තුළින්, රූපවාහිනි, මිතුරු මිතුරියන් මගින් ඔවුන් විවිධ තොරතුරු ලබා ගන්නවා. ඒ නිසා යමක් අසා හෝ දැක ඕනෑම ගැටළුවක් පැන නැගුණ විට ඔබ වෙත පැමිණ එය අසා දැන, විසඳාගන්නා මෙන් දරුවාට පවසන්න

 

ලිංගිකත්වය ගැන දැනුවත් සහ නිරෝගි දරුවකු සමාජගත කිරීම ඔබ සතු වගකීමක්. මනා සන්නිවේදනය ඒ සඳහා ඇති හොඳම විසඳුමයි. ඔබේ දරුවාට ඔබ වෙත පැමිණ ඕනෑම ආකාරයේ ගැටළුවක් විසඳා ගැනීමට මාර්ගය සකසා දෙන්න. එවිට ඔබට වඩාත් සාර්ථක දරුවකු සමාජ ගත කිරීමේ සතුට භුක්ති විඳින මවක හෝ පියකු ලෙස ආඩම්බර විය හැකි බව Baby and Me අපගේ විශ්වාසයයි.